කෝප් කමිටුවේ කතන්දර දිහා බලාගෙන ඉන්න කෙනෙකුට ලංකාවට කෙලවීමට හේතුව ගැන නිවැරදි අවබෝධයක් ගන්න පුළුවන්. ප්‍රධානම හේතුව තමයි

නූගත්කම.

මේ නූගත්කමෙන් රාජ්‍ය අංශය සම්පූර්ණයෙන්ම වැහිලයි තියෙන්නෙ. සහතික සහ උපාධි ගත්තට මේ අංශවල ප්‍රධානීන්ගෙ පටන්ම ඉන්නෙ කාලානුරූප අව‍බෝධයක් නැති, කාලයට අවශ්‍ය තාලයට සහ වේගයට කටයුතු කළ නොහැකි පිරිසක් බව පැහැදිලිව පේනවා.

මේ නූගත්කම සම්බන්ධ දෙවෙනි කාරණය තමයි රාජ්‍ය සේවය ගැන තියෙන වැරදි හැගීම. ඒක ලංකාවෙ හැම කෙනෙකුටම තියෙන පොදු නූගත් හැගීමක්. ඒ තමයි රජය පවතින්නෙ තමන්ගෙන් බැහැර කියන තේරුම් ගැනීම.

 

මේ රාජ්‍ය අංශයෙන් කෙනෙක් වංචාවක් කරද්දි ඒ කෙනාට තමන් හොරෙක් කියන හැගීම ඇතිවෙන්නෙ නෑ. රජය යනු පොදු ජනතාවයි කියන දැනීම ඒ අයට නෑ. සුද්දාගෙ කාලෙ ආණ්ඩුව වගේම තමන්ව බලාගන්නයි රජය තියෙන්නෙ වගේ හැගීමකයි පවතින්නෙ.

 

පාර හදන්න ගෙනාපු කළුගල් ටික ගෙට ඇදගැනීමේ ඉඳන් රටේ ඕනම කෙනෙකුට රජයේ දේපොලක් තමන් සතු කරගැනීම ගැන තියෙන්නෙ ගලන ගගකින් දිය දෝතක් ගත්තා වගේ හැගීමක්. කොහොමත් තමන් වෙනුවෙන්නෙ තියෙන්නෙ වගේ තේරුම් ගැනීමක්. මේ නූගත් හැගීම විසින් පවත්වාගෙන යන ර‍ජයේ සේවයේ ඒ වැඩකරන අයට පවා තමන් වඩා වගවිය යුතු කෙනෙක් කියන වැටහීම නෑ.

ඒ අයට තියෙන්නෙ කිසි දවසක තමන්ව ඉවත් කළ නොහැකි, විශ්‍රාම වැටුපකින් පවා සුරක්ෂිත, විවේකී රස්සාවක් ලැබුනා කියන තේරුම් ගැනීම. ඒ හින්ද ලියුමක් හරි මොකක් හරි පරක්කු කරමින් ඔහේ කාලය කාදැමීම රාජ්‍ය සේවයේ ප්‍රධාන ලක්ෂණය වෙලා තියෙනවා.

රටේ ඕනම වැඩකදි රාජ්‍ය අංශය සම්බන්ද වෙනවා නම් ඒ වැඩේ ප්‍රමාද වීමට සහ අලවීමට නියමිතයි කියන එක වැඩකරලා පුරුදු ඕන කෙනෙක් දන්නවා. කිසි කෙනෙකුට වගවීමක් අවශ්‍ය නෑ. වැඩ කල් දැමීම කියන එක ආරක්ෂිත ක්‍රමයක්. මේ හින්ද සමහර වෙලාවට වෙන රටවලින් නිකං දෙන්න හදන ඩොලර් ටික පවා රට ඇතුලට ගන්න ලැබෙන්නෙ නෑ.

මේ රටට වැරදුනේ දේශපාලකයන් හින්ද කියන එක ජනප්‍රිය සටන්පාඨයක් විතරයි. රට මේ තත්වයට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි.


රනිල් මොහොත - චින්තන ධර්මදාස(චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -චින්තා ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 
 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්