1200 x 80 DMirror

 
 

පසුගියදා 360 වැඩසටහනෙදි ධම්මික පෙරේරා පට පට ගාල රට හදන හැටි සට සට ගාල කියාගෙන ගියා.

ඒ සාකච්චාව අහල කිහිප දෙනෙක්ම ධම්මික "මහත්තය"ට නම් වැඩපිලිවෙලක් තියනව වගේ නේ කියල මට කිව්ව.


ධම්මික මොනවද කිව්වෙ?
හවසට නොවරදවාම මට කෝල් කරල මගෙ කණ කන යාලුවෙක් ඉන්නව, ඌ  සංචාරක ක්ශේත්‍රයෙ  ප්‍රවීණයෙක්, තෝමියන් කෙනෙක් නිසා ඌට රනිල් දිරවන්නෙ නෑ, ඉතින් හවසට අඩියක් ගහල මට කෝල් එකක් දීල, රට හදන හැටි ගැන කියල අන්තිමට "ලොක්කට මේව කරන්න කියපන්, තෝමියන් කෙනෙක් කිව්ව කියල අහක දාන්න එපා කියලත් කියපන්" අමතක නොකර කියනව.

ඌට අනූව
ලංකාවෙ සංචාරක ව්‍යාපාරය ගොඩදාන්න ආන්ඩුව කරන්න ඕනෙ දේවල් ටිකක් තියනව.


1 යුරෝපා වෙලදපොල
යුරෝපීය සංචාරකයන් කවදත් ලංකාවට එන්න කැමතියි. අලුතින් බොරුවට ප්‍රමෝෂන් කරන්න ඕනෙ නෑ, අවශ්‍ය වෙන්නෙ මේ මොහොතෙ යුරෝපා සමාජය අගයන් සමාජපිලිගැනීම්  (noams) සහිත රටක් බවට පත්වීම

A. කාන්තා අයිතීන් සහ සමානාත්මතාවය
B. සත්ව හිංසනය පිටුදැකීම සහ පරිසර හිතකාමීත්වය
C. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය
D. LGBT සමානාත්මතාවය
E. ආගම්වාදය සහ ජාතිවාදය පිටුදැකීම


මේ විදිහෙ ලයිස්තුවක් ඔහු කියනව,
බැලූබැල්මට මේවා සංචාරකයන්ට අදාල නෑ වගේ පෙනුනට , කෙනෙක් සංචාරය සදහා තෝරා ගන්නෙ තමන්ට මානසික සැනසීමක් තියන සමාජයක්, ඒක ඇත්ත.

Give and take
ඒ වගේම ව්‍යාපාරික අර්ථයකින් බලපුවහම ඕනෙම රටක් තමන්ගෙ රටේ පුරවැසියන්ට තවත් රටකට යන්න දිරි ගන්වන්නෙ තමන්ට ලැබෙන දේ මත (give and take)
ඒ නිසා අපිට සංචාරකයන් දෙන කොට ඔවුන් අපි ගන්නෙ මොනවද බලනව. ජේ ආර් ජර්මනියෙන් දුම්රිය ඇංජින් 16ක් මිලදී ගැනීම සහ ජර්මානු ජාතිකයන්ගේ මෙරටට පැමිනීම උදාහරණයක් ලෙස ගන්නා ඔහු පවසන්නෙ "අපි මුකුත් නොගෙන , සංචාරකයො ගන්න  බෑ, අපි ගන්න වෙනව, ගන්නෙ ලෝකමටිව් ඇංජින් ද BMW ද කියල අපි තීරනය කරන්න ඕනෙ, ජේ ආර් ගෙනාපු ලෝකමටිව් එංජින් තාම වැඩ, ජර්මනිය ඇරපු සංචාරක දොරවලුත් තවම වැඩ"

මේ give and take න්‍යාය අදාල වෙන්නෙ රටවල් දෙකක් විදිහට හිතන කොට, ධම්මිකගෙ සංචාරක සැලැස්මට මේ භූදේශපාලන ආර්ථිකය අතහැරෙන්නෙ, ඔහු සමාගමක් ලෙස මිසක රටක් ලෙස හිතන්න පුහුනුවී නොමැති නිසා.

යුරෝපා වෙලද පොල හැකිලෙන ඕෆ් සීසන් එකේදි අපිට ඉන්දියාව,චීනය වැනි කලාපීය රටවලට බර තියන්න වෙනව


2 ආසියානු කලාපය
මේ කලාපයට යුරෝපයටත් වඩා භූදේශපාලන ආර්ථිකය අදාලයි. අපි ගන්නෙ මොනවද? කියන එක මත සහ අපේ දේශපාලන ස්ථාවර මත අපිට ඔවුන් කොපමන සංචාරකයන් දෙනවද තීරණය වෙනව.  

මේක තේරුම් ගන්න උදාහරණ දෙකක් ගන්න පුලුවන්

A. රුසියාවෙන් ඇස්බැස්ටෝස් ගේන එක නවත්වන කොට ඔවුන් අපෙන් තේ ගැනීම සීමා කිරීම. තේද , ඇස්බැස්ටෝස්ද, සංචාරකයන්ද මේ සියලුදේ දෙස රටවල් බලන්නෙ ගෙවුම් ශේෂ වෙනස මත පදනම්ව.

B.රාජපක්ෂ රජය චීනයෙන් නෙලුම් කුලුණු , වරායවල් අධිවේගී මාර්ග ගන්න කොට ඔවුන් සංචාරකයන් දෙන එක වැඩිකලා. අපි දැන ගන්න ඕනෙ චීනයෙන් නෙලුම් කුළුණු ගන්නවද? කර්මාන්ත සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය ගන්නවද කියල.


Budget taxi
මේ කාලාපෙදි   යුරෝපීය සංචාරකයන්ට අදාල noams එතරම් තීරණාත්මක නැහැ එහෙත් යහපත් සමාජවාතාවරනයක් පැවතීම ඔවුන්ටද සහනශීලී හැගීමක් ඇති කරනව.  එය සංචරණයට පෙලබවීමට හේතුවක්. එසේම ධම්මික කියන budjet taxi මෙහිදී තීරණාත්මකයි. මේ කරුණ ගැන රනිල් කතා කලේ 2002දි,

ඒ කටුනායක ගුවන් හමුදාකදවුර ජාත්‍යන්තර ගුවන්තොටුපල අසලින් ඉවත්කර, වෙනත් සුදුසු තැනකට ගෙනගොස් එම ස්තානයේ budjet taxi ගුවන් තොටුපලක් ඉදිකිරීම සහ එය ලංකාවේ ජනගහනය මෙන් කිහිප ගුනයක් සිටින තූත්තුකුඩියේ ජනතාවට කිට්ටු ගුවන් තොටුපලක් බවට පත්කිරීමට ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම යෝජනා කරමින්. එහෙත් එයට එරෙහිව සුපුරුදු ජාතික ආරක්ෂාවේ විලාපය මතුවිය.
 

3 අමාරුම කලාපය
කැසිනෝ කලාප, ගණිකාවෘතිය , නොනිදන නගර මේවා සංචාරක ව්‍යාපාරයේදී තීරණාත්මකය. ධම්මික මේවා හොදින් දනී. දේශපාලන පසුබිමකට වඩා ව්‍යාපාරික පසුබිමක් ඇති ධම්මිකට මේවා ගැන කතාකිරීම පහසු වනු ඇත.


අධ්‍යාපනය
ලංකාවෙන් වාර්ශිකව විදෙස් අද්‍යාපනය සදහා ඇදීයන මුදල සහ විදේශ ශිෂ්‍යයන් මෙරටට ගෙන්වා ගැනීමෙන් ලැබෙන ආර්ථික වාසිය මීට දශක  කිහිපයකට පෙර සිටම බොහෝ දෙනෙකු කතාකර ඇත. ලංකාව මේ කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට පහසුවන, ධම්මිකට මග හැරුන හේතු දෙකක්ද ඇත.

1.ලංකාව සතුව ඇති ඒ සදහා සුදුසුකම් සහිත මානව සම්පත

2. මේ කලාපයේ බොහෝ රටවල මෙන් නොව ඕනෑම ජාතියකට, ආගමකට ආරක්ෂිතව නේවාසිකව සිටීමට හැකි මෙරට සංස්කෘතික ස්වභාවය


මෙතෙක් සටහනින් කියන්නට උත්සාහ කලේ ධම්මිකගේ යෝජනා ඇස් උඩතියා ගන්නට තරම් අලුත් ඒවා නොවන බව නමුත් ඒවා මා අනුමත කරන දේ බව කීමටය.

දැන් කියන්නට යන්නේ ඒවා සට සට ගා කිරීම ධම්මික කියන තරම් පහසු නොවන බවය.

ඉදුණු අඹය
එහෙත් ධම්මික මේ වැඩේ පටන් ගැනීමට හොද කසකරුවෙකි.

මේ ප්‍රතිසංස්කරණ වෙන අයෙකු යෝජනා කරනවිට එන ප්‍රතිරෝධය ඔහුට එන්නේ නැත. ඒ ඔහු ඉදුනු අඹයක් බැවිනි. මා පෙර ලිපියෙන් කී පරිදි ඔහු ලුම්පන් ධනපතියෙකි, එය බොහෝ දේවලට නුසුදුසු කමක් උවද, මේ වැඩේට සුදුසුකමකි. මේ වැඩෙන් පසු එන වැඩවලට මේ ලුන්පන් කම බරපතල නුසුදුසු කමක් වුවද, මගේ තක්සේරුව ඔහු මේ අයිස් පර්වතයේ වැදී විනාශවන බවය. එනිසා මේ සූදුවට මා පක්ෂය. ඒ අයිස් පරයේ ඔහු ගැටී නගන හඩ මට වැදගත් බැවිනි. එතෙක් ඔහු ඔන්න ඔහෙ "ධම්මික මහත්තයා" වුණාවෙ.
 
warunaවරුණ රාජපක්ෂ
දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 

 

 

සබැඳි පුවත්

ධම්මික යනු කුමක්ද?


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා