උමාරියා සිංහවංශගෙ නමින් අසභ්‍ය යැයි කියන විඩියෝ එකක් අන්තර්ජාලයේ සංසරණය වෙනවලු.
උමාරියා Hari TV YouTube චැනල් එකේ දවස් දෙක තුනකට කලින් කරපු සම්මුඛ සාකච්ඡාවක ඒ ගැන ඉතාම වේදනාවෙන් කතාකරනවා. ඒ වැඩසටහන මං බැලුවා. ලංකාවෙ සමාජය ස්ත්‍රියකට සලකන පහත් ආකාරය ගැන, මිනිස්සුන්ගෙ පසුගාමී මානසිකත්වය ගැන උමාරියා හැඬුම්බරව, හැඟුම්බරව කතා කරනවා.
 
ඒක දැකපු කැටිපෙ හෙවත් ජාතික ජන බලවේගය/ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලපු, ජනමාධ්‍යවේදී, විමල් කැටිපෙආරච්චි (Wimal Ketipearachchi) ඊට පහුවෙනිදා ඔහුගෙ ෆේස්බුක් ගිණුමෙ පෝස්ටුවක් දානවා උමාරියාට.
  
151470043 252518943034411 3974223225071888222 n
 
කෙටියෙන් කියනවා නම් කැටිපෙ ඒ පෝස්ටුවෙන් උමාරියාට කියල තිබ්බෙ "ඔබ මේ මොහොතේ මුහුණ දෙන මඩ අත්දැකීමට මම මීට මාස කීපයකට කලින් මුහුණ දුන්නා."
 
"තමන් කිසිසේත්ම සම්බන්ධ නැති සිද්ධියකට තමන්ව ගාවලා මඩ ගහනකොට තරහ යනවා, දුක හිතෙනවා. කලකිරෙනවා. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි, ඒ තරහ - දුක - කලකිරීම සහ අපේ ආවේගය, මේ කැත සමාජය වෙනස් කරන්න ආයෝජනයක් බවට පත් කරන්න අපිට පුළුවන්.
 
ඒ කැත උපදින්නෙ එක්තරා සිතීමේ රටාවකින්. එක්තරා තින්කින් පැටර්න් එකකින්. සමහර විට අපේ අතින්ම අපි නොදැනුවත්වම, ඒ සිතීමේ රටාව පෝෂණය වෙනවා.
 
ගෝත්‍රවාදී අදහස් නැති නිදහස් මිනිස්සු ලිංගිකත්වය දිහා බලන්නෙ විවෘත ඇහැකින්."
 
මෙහෙම ලියාගෙන ගිහින් අන්තිමට කැටිපෙ උමාරියාට කියනවා ඒගොල්ලොත් එක්ක මේ කැත සිතීමක් සහිත සමාජෙ වෙනස් කරන්න එකතු වෙන්න කියලා.
 
හරි, දැන් මං මේ ගැන මට තියෙන ප්‍රශ්නෙට යන්නම්.
 

Mangala Vijitha

 
2018දි කාන්තාවන් මත්පැන් පානය කිරීම හෝ විකිණීම තහනම් කරමින් 1955දි පණවන ලද නීතියක් අවලංගු කරන බව එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර නිවේදනය කරනවා.
 
ස්ත්‍රීන් සම්බන්දයෙන් ලංකාවෙ පුරුෂාධිපති සමාජ චින්තනයේ කැත කම, සංස්කෘතික පසුගාමීත්වය ගැන කියමින් උමාරියාට ජවිපෙ දේශපාලනයට එකතුවෙන්න කියන මේ කැටිපෙ නියෝජනය කරන ජවිපෙ ම තමයි එදා, ඒ ප්‍රගතිශීලී දේශපාලනික තීරණයට විරුද්ධව කෑගහලා ඒ නීතිය අහෝසි නොකරන්න සහය දුන්නෙ!
 
ඒ ගැන එදා ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් බීබීසී සංදේශයට පක්ෂයේ ස්ථාවරය ගැන කිව්වෙ " ශ්‍රී ලංකාවෙ පවත්නා සංස්කෘතිය සහ "වැඩවසම් සමාජ ක්‍රමය තුළ" මත්පැන් පානය කිරීම හෝ විකිණීම සඳහා කාන්තාවන්ට අවසර දීම පක්ෂය අනුමත නොකරන බවය" කියලා.
 
ravaya 
 
ඒ ගැන ජවිපෙ හිටපු මන්ත්‍රීනි, සමන්මලී ගුණසිංහ රාවයට ප්‍රකාශයක් කරලා තිබ්බා "මංගල සමරවීර මේක බේබද්දියන්ගෙ රට බවට පත්කරන්නද හදන්නෙ? මේ හදන්නෙ බටහිර පාදඩ සංස්කෘතිය මෙහෙට ගේන්නද?" කියලා. 
 
 
එදා ජවිපෙ එතරම් අශිෂ්ට, පසුගාමී, මර්ධනීය නීතියක් තවදුරටත් පවත්වාගෙන යෑමට පක්ෂව සාමුහික කේවල් කිරීම සඳහා හිටගත්තේ එම නීතිය අහෝසි කිරීමට විරුද්ධව දැඩි හඬක් නැගූ, ගිහියන්ගේ පුද්ගලික නිදහසට නීති පැනවූයේ නැති බුදුන්ගේ දර්ශනයට පටහැනිව කටයුතු කළ සංඝ බලවේග සමගයි!
 
දැන් මේ කතාව තව රසවත් වෙනවා.
 
2019 අප්‍රේල් මාසෙදි මං ජවිපෙ පොලිට් බියුරෝවෙ සාමාජික ලාල්කාන්ත සහෝදරයා එක්ක වෙන පුද්ගලික කාරණාවක් ගැන කතා කරන අතරෙ, ජවිපෙ ස්ත්‍රීන් සම්බන්ධයෙන් දරණ මේ ආකල්පය ගැන කතා කරනවා. 
 
FB
 
ඒ කතාවෙදි මම ලාල්ට කියනවා ජවිපෙ ආස්ථානය හරිම ගෝත්‍රිකයි කියලා. ලාල් ගෙ ප්‍රතිචාරයෙ පෙළගැස්ම මෙහෙමයි ගියේ..
 
" කවුද එහෙම ජවිපෙන් විරෝධය පළකරලා තියෙන්නෙ?..
මං දැක්කෙ නෑ..
 
කොහෙද එහෙම ප්‍රකාශයක් පළ කරල තියෙන්නෙ?..
 
පිස්සුනෙ මුන්ට..
 
අපි එහෙම වෙනස්කම් වෙලට එකඟ නෑ..
 
ඔයා මං ඒ ගැන හිතන විදිහ පක්ෂෙ මතය හැටියට පිළිගන්න"
 
 
මං දිගින් දිගට ලාල්කාන්තට කිව්වෙ පක්ෂයේ තීරණ ගන්නා පොලිට් බියුරෝවෙ සාමාජිකයෙක් හැටියට "දැක්කෙ නෑ..දන්නෙ නෑ" වැනි ප්‍රතිචාර ප්‍රශ්නාර්ථයක් ගෙන එන බව සහ ඔහුගේ පුද්ගලික මතය පක්ෂයේ මතය හැටියට පිළිගන්නැයි මට කරන යෝජනාව කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. 
 
ඔහු සාපේක්ෂ වශයෙන් ප්‍රගතිශීලි අදහස් ඇති කෙනෙක් බව මා දැන සිටියත්, මම ඔහුට පැවසුවේ එය ඔහුගේ පුද්ගලික මතවාදය මිස පක්ෂයේ මතය නොවන බවයි. 
 
පක්ෂයේ ආස්ථානය විජිත හේරත් මාධ්‍යයට ප්‍රකාශ කර ඇති ආස්ථානය නොවෙනවා නම්, ඒ ගැන නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවයි. ඒ වැරදි ආස්ථානය නිවැරදි කරගත යුතු බවයි.
 
ලාල්කාන්ත සහෝදරයා පැවසුවේ ඒ සඳහා අවස්ථාව පැමිණි විට ඒ වරද නිවැරදි කරන බවයි.
 
ඒ කතාවෙන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් එවැනි කිසිම නිවැරදි කිරීමක් මෙතෙක් සිදුවී නෑ.
 
දැන් මේ කතාව තවත් රසවත් වෙනවා..
 
Upul Kumarapperuma
මේ මොහොත වන විට, පොලීසියේ DIG තනතුරට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්ත්‍රියක් පත් කරලා තියෙනවා. එම තනතුරට කාන්තා පොලිස් නිලධාරිනියක් පත්කිරීමට විරුද්ධව පුරුෂ පොලිස් නිළධාරීන් පිරිසක් අධිකරණයට ගිහින් තියෙනවා.
 
ඒ හැසිරීම සදය උපහාසයට ලක් කරමින් ජවිපෙ සාමාජික, මගේ දිගුකාලීන මිත්‍රවරයෙක් වන ජේෂ්ඨ නීතිඥ Upul Kumarapperuma පෙරේදා එෆ්බී පෝස්ටුවක් පලකරනවා මෙන්න මෙහෙම අහලා..
 
"දණ්ඩ නීති සංග්‍රහයේ චෝදනා අදාල වන්නේ පිරිමින්ට පමණද? ඩී අයි ජී ප්‍රශ්නය වෙනුවෙන් අසන ප්‍රශ්නයක්"
 
නමුත්, ස්ත්‍රීන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අශිෂ්ට, වනචාරී, කැත දේශපාලන ආස්ථානය සළකුණු කරපු "ගෑණුන්ට මත්පැන් බොන්න දෙන්නත් බෑ, මිලදීගන්න දෙන්නත් බෑ" යන පක්ෂ ස්ථාවරයෙන් ප්‍රකාශ වෙන්නේ බීම හෝ විකිණීම ගැන පමණක් නොවෙයි.
 
මේ වනතෙක්, කිසිදු නිවැරදි කිරීමක් නොවුණු ඔවුන්ගේ ඒ දේශපාලන ආස්ථානයෙන් තහවුරු කරන්නේ ස්ත්‍රීන් යනු, පුරුෂයින් හා සමාන සංස්කෘතික අයිතිවාසිකම් ඇති, ඒ අයිතිවාසිකම් භුක්ති විඳීමට අයිතියක් ඇති, තමුන්ගේ ජීවිතය පිළිබඳව ස්වාධීන තීරණ ගැනීමට හැකියාවක් ඇති ගෞරවනීය මනුෂ්‍යයින් ලෙස පිළිගැනීමට ජවිපෙ/ජාතික ජන බලවේගය සූදානම් නැති බවයි. ස්ත්‍රියකගේ පෞද්ගලික නිදහස පිළිබඳව සීමාව සළකුණු කිරීමේ නාසි චින්තන කඳවුර ජවිපෙ / ජාතික ජන බලවේගය තුළ පිහිටා ඇති බවයි.
 
එබැවින්, 
 
ඒ භයානක සහ අශිෂ්ට දේශපාලන භාවිතාව අපට අමතක කරවන්නට උත්සහ දරමින් ජවිපෙ / ජාතික ජනබලවේග සාමාජිකයින් ෆේස්බුක් වල දමනා "උමාරියා එන්න, මල් පිපීදැයි බලන්න" "අපි ඩී අයි ජී ට - ඩී අයි ජී අපිට" " පන්නයේ මල් ලියකම් පෝස්ටු දමමින්, ලංකාවේ ස්‍ත්‍රීන්ට මේ කියන්නේ "අපිට රැවටියල්ලා" කියා නොවේදැයි මම ප්‍රශ්න කරමි
 
මගේ නිදහසේ සීමාව තීරණය කිරීමට ජවිපෙ/ජාතික ජන බලවේගයට ඇති අයිතිය කුමක්දැයි මම ප්‍රශ්න කරමි.
 
ස්ත්‍රීන් පිළිබඳව කැතට සිතනා එක් මිනිසුන් පිරිසකගෙන් ගැලවී විමුක්තිය උදා කර ගැනීමට, කැත සමාජය වෙනස් කිරීමට, ස්ත්‍රීන් ගැන ඊටත් වඩා කැතට සිතනා ජවිපෙ/ජාතික ජනබලවේගයට එන්නැයි ලංකාවෙ උමාරියා(ලා)ට ආරාධනා කිරීම, මේ මොහොතේ ලංකාවේ වමේ දේශපාලනයේ භයානක කැත සලකුණු නොකරන්නේදැයි මම ප්‍රශ්න කරමි.
 
 
(තරංගා කුලරත්න)
Tharanga Kularatne ගේ FB පිටුවෙන් .....
 

 

 


 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්