සාමාන්‍යයෙන් නිදහස් රටවල් වල නයිට් ලයිෆ් එක කියන්නේ අනාචාරයේ යනවා වගේ දෙයක් නෙමෙයි. දවස තිස්සෙම මැරිලා රෑ නවය දහයෙන් පස්සේ වීදී දිගේ ඇවිදලා බියර් එකක් ගහලා, වීදි ලාම්පුවක් යටට වෙලා
දුමක් දාන ගමන් තමයි ගොඩක් උන් තමන්ගේ මහන්සිය නිවන්නේ.
 
ගෙවුණ දවස ගැන මෙනෙහි කරන්නේ.නැත්තන් යාලුවෝ එක්ක ප්‍රශ්න, මහන්සිය ශෙයාර් කරගන්නේ. ඒ වගේ රටවල් වල ගිය අය දන්නවා එළිවෙනකල් ඒ රටවල් වල නයිට් ලයිෆ් එක මාර දෙයක් නෙමෙයි කියලා.
 
හැබැයි අපේ රටේ එහෙම බෑ.මේ පහළ පුවත දැක්කම මට අප්‍රසන්න හිතුනා මේ රටේ මිනිස්සුන්ගේ නිදහස ගැන.
 
කෙල්ලෝ හතර දෙනෙක් පාරේ ගියා කියලා පාදඩ පනත අනුව පනහා ගානේ දඩ ගහල. මේවා අල්ලන මිනිස්සුයි,මේවා වලට දඩගහන මිනිස්සුයි දෙගොල්ලොම ගැන තියෙන්නේ පිළිකුලක්. දැන් ඒ කෙල්ල හතර දෙනා කළ වරද රෑ තිස්සේ ඇවිදීම.
 
හැබැයි මේ රටේ මිනීමරපු උන්, මහ බැංකු කොල්ල කාපු උන්, පාස්කු වලට වගකිවයුතු උන්, සීනි වලින් වංචාකරපු උන් හැම එකාම පාර්ලිමේන්තු යනවා. උන්ට ආරක්ෂාව දෙනවා, සැලුට් කරනවා. 
 
ඒත් මේ රෑ ඇවිද්ද කෙල්ලෝ හතර දෙනා තමයි මේ රටට ලොකුම වරද කරලා තියෙන්නේ.
 
අපි ලොන්තපෝල් මිනිස්සු ඕයි !
 
 
(Gayan Gallage ගේ FB පිටුවෙන්)
 


 

 
 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්