The Leader News
BREAKING
Top Ad
බුකිය

උඩට විතරක් අඳින Online Education

T

The Leader Desk

May 19, 2021 • 5:10 PM

උඩට විතරක් අඳින Online Education 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ වගකිව යුතු තැන්වල නිලධාරීන් ඉන්දියන් ටෙලිනාට්‍යා බලනවා තරම් වින්නැහියක් තවත් නෑ. විශේෂයෙන්ම වර්ක් ෆ්‍රොම් හෝම් කන්සෙෆ්ට් එකත් එක්ක වැඩ කරද්දි.
  • ඒ ජැකට් ඇතුළෙ හිරවෙලා හුස්ම ගන්න වෙනම පිටින් ඔක්සිජන් දෙන්න ඕන.    සාරියක් අඳිනවා කියන්නෙම වෙනමම රාජකාරියක්.
  • ගළපලා උස සපත්තු කුට්ටමකුත්  දාගත්තම හරකා වෙලේ යන්න වගේ.
  • ඇඳුම වගේ ඉතාම සරලව හිතන්න ඕන දෙයක් සංකිර්ණ කරගෙන ඒක ඇතුළෙ අනවශ්‍ය විදියට සංස්කෘතික හිරකාරයෙක් වෙන්න ඕන ද ?
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
උදාහරණයක් විදියට ගමු අධ්‍යාපනය. අධ්‍යාපන ක්ෂේත්‍රය මෙහෙයවන ලොකු සර්ලා මේ ආදරයයි, ප්‍රවීණා, ශිවන්‍යා, මහගෙදර වගේ ටෙලිනාට්‍ය ටික බලන්න අබ්බැහි වුණාම මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. 
 
බලන්නකෝ ඉන්දියාව. ඒ ගෑණු පිරිමි දෙගොල්ලම ගෙදරට ඉන්නෙත් සාරි සල්වාර් කුරුතා ගහගෙන .මේකප් නම් වරද්දන්නෙ නෑ. ආභරණ පුරෝගෙන. ඉටිරූප වගේ.  නිදාගද්දි වුණත් කෙස්ගහක් හෙල්ලෙන්නෙ නෑ. බලන් ඉන්න ලස්සනයි.
 
ඉන්දියන්කාරයින්ට ගෙදරටත් එහෙම ඉන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? ගෙදර වුණාට කමක් නෑ ගුරුවරු ළමයි, කරුණාකරලා සාරි ඔසරි යුනිෆෝම්වලින් ඔන්ලයින් එන්න. සර්ලා හැම වෙලාවෙම සුදු ෂර්ට් අඳින්න. හැකි හැමවෙලාවෙම බෙල්ල පුළුවන් තරම් හිර කරලා ටයි එක දාන්න.
 
යට බාගේ නැතත් කමක් නෑ උඩු බාගේ හරි.
 
 ලොකු සර් මෙහෙම කිව්වට කරවටක් ගංවතුරේ තාත්තගේ කඩේ පළතුරු මැස්ස උඩ නම් සුදු ගවුමෙන් ක්ලාස් එකට ඉන්න වෙන්නෙ නෑ ටීචර්. සුදු ගවුම් කලිසම් ෂර්ට් ඇඳන් නම් අපිට ගස් ගල් උඩ සිග්නල් අහුලන්න බෑ. යාර හයක් විතර සාරියක් ඔතාගෙන ඉස්කෝලෙ යනවා මදිවට ගෙදරත් ඒක ඇඳගෙන ඉන්න වුණාම. සර්ලා ගෙදරටත් ටයි එක දාගෙන ඉඳපන්කෝ. 
 

sariya

මේ ලෝකේ මිනිහා හොයාගත්තු සංකීර්ණම විලාසිතාව මොකක්ද කියලා ඇහුවොත් අපිට බය නැතුව කියන්න පුළුවන් ඇඳුමක් තමයි සාරිය කියන්නෙ.
  
හොයාගත්ත කෙනා කවුරු වුණත් ඇල්බර්ට් අයින්ස්ටයින්, අයිසැක් නිව්ටන් වගේ කිසිම බුද්ධිමතෙකුට දෙවැනි වෙන්නෙ නෑ.
 
සමහරවිට පරංගින්ට වටෙන් කෝට්ටෙ පෙන්නුවෙත් සාරිය හොයාගත්තු මෑන් වෙන්න පුළුවන්. මොකද ඒ තරම් සූක්ෂමයි. යාර හයක් මළ විකාර ක්‍රමයකට ඇඟ වටේ ඔතාගන්න එක. 
 
ඒ මදිවට ඇඟටම හිර වුණු ජැකට් එකක් කියලා එකකුත් මහලා. ඒ ජැකට් ඇතුළෙ හිරවෙලා හුස්ම ගන්න වෙනම පිටින් ඔක්සිජන් දෙන්න ඕන. 
 
සාරියක් අඳිනවා කියන්නෙම වෙනමම රාජකාරියක්. රැල්ලක් නැති වෙන්න අයන් කරන තැනේ ඉඳලම වෙනම කාලයක් වෙහෙසක් දැරිය යුතු වැඩක්. සාරි අන්දන්න වෙනම මාස හයේ හතේ පාඨමාලා පවා තියෙන්නෙ නිකන් ද නේ.
 
බූවල්ලෙක් වගේ අපේ ඇඟේ එතිලා වෙළිලා අපිව අඩපණ කරන්න සාරියකට පුළුවන්. සාමාන්‍ය ටී ෂර්ට් ඩෙනිම, ගවුම හරි වෙනත් ඇඳුමක් ඇඳගෙන වැඩක් කරද්දිට වඩා සාරියක් ඇඳගෙන වැඩක් කරද්දි ගමනක් යද්දි ඇඟට වුණත් දැනෙන වෙහෙස වැඩියි. ගළපලා උස සපත්තු කුට්ටමකුත්  දාගත්තම හරකා වෙලේ යන්න වගේ. දන්නෙම නැතුව හෙම්බත් වෙලා. වැඩෙත් මන්දගාමී වෙලා. අන්තිමේ බලපාන්නෙ ඵලදායිතාවට.
  
ජාතික සංකේතයක්, ජාතික ඇඳුම විදියට පරිස්සම් කරලා තියාගත්තට කමක් නැති, වැඩ කරන මිනිස්සුන්ට නිර්දේශ නොකළ යුතු ඇඳුමක් විදියට තමයි මට සාරිය පේන්නෙ. 
 
ඒ වගේ තත්ත්වයක ගෙදරටත් සාරි ඔසරි ටයි කෝට් යුනිෆෝම් ඇතුළේ හිර වෙලා වැඩ කරන්න වුණොත්. ඇඳුම වගේ ඉතාම සරලව හිතන්න ඕන දෙයක් සංකිර්ණ කරගෙන ඒක ඇතුළෙ අනවශ්‍ය විදියට සංස්කෘතික හිරකාරයෙක් වෙන්න ඕන ද ?
 
අන්තිමේ දී පොළට යන්නත් සාරිය නැතුව බැරි වෙයි. වසංගතයට එරෙහිව සීමා පනවද්දි දැන් ඉතින් සැහැල්ලු ඇඳුමක් අඳින්න පුළුවන් කියලා නිවේදනය කරන්න  සිද්ධ වුණු එකම රට අපි වෙන්න ඇති.
 
ගෙදර ඉඳන් වැඩ කරනවා කියලා ගෙදරට ඉන්න විදියටම ෂෝර්ට, ස්කර්ට්, ස්කිනියෙන් ඉන්න එක සදාචාරසම්පන්න වෙන්නෙ නෑ කොහොමත්. 
 
ඒත් වර්ක් ෆ්‍රොම් හෝම් කියන සංකල්පය නිර්මාණය වෙන්නෙම යම් නම්‍යශීලීතාවයක් එක්ක. කැමරාව ඔන් කරන්න වෙන අවස්ථා අනුව පිළිවෙලකට පහසු විලාසිතාවකින් අපට අපේ රාජකාරි කරන්න පුළුවන්නේ. ඒ වෙනුවට ගෙවල් ඇතුළෙත් සාරිය ඔසරිය ටයි කෝට් ඇතුළෙ හිර කරන්න හදන එක නම් මහ මුග්ධයි.
  
 ඉස්කෝලවල විතරක් නෙවෙයි ගොඩක් රාජ්‍ය ආයතනවල තත්ත්වයත් මීට වෙනස් නෑ. මුල්ම කොරෝනා රැල්ලෙ දි අදාළ අමාත්‍යාංශයෙන් රජයේ නිලධාරීන්ට පවා සැහැල්ලු ඇඳුමකින් එන්න අවස්ථාව දුන්නා. එහෙමයි කියලා කවුරුවත් නයිට් ඩ්‍රෙස් එකෙන් අපිට පාරවල මුණ ගැහුණෙ නෑ. 
 
lhdfl
 
ඒ වුණාට මොකෝ සමහර රාජ්‍ය ආයතන ඇතුළෙ හරියට ඉස්කෝල වගේ. විනය භාර ලොකු සර් ලා මිස් ලා එමටයි. ගොඩක් නිලධාරීන් වෛරස් එකෙත් නොගෑවී පහසුවෙන් රාජකාරියට එන්න ට්‍රයි කරද්දි විනය භාර නිලධාරීන් ඇහැ ගහන් ඉන්නෙ ඇඳුමට. ගවුම කොටයි අත් නෑ. ඩෙනිම එපා.
 
 මැදලා රැළි තියලා සාරිය අදින්න ගුරුවරියක්ට ගතවන්නෙ සමහර වෙලාවට දරුවන් වෙනුවෙන් තව පාඩමකට දෙකකට සූදානම් වෙන්න තියෙන වෙලාව. පැවරුමක් සැලසුම් කරන්න තියෙන්න වෙලාව. මොකක් හරි හේතුවක් නිසා ඔන්ලයින් ක්ලාස් එක මිස් වුණු  දරුවෙක් වගේම දුර්වල දරුවෙක්ට අවධානය දෙන්න තියෙන වෙලාව වෙන්න පුළුවන්.
 
 අධ්‍යාපනය පරිපාලනය කරන, තීන්දු තීරණ ගන්න ලොකු සර්ලා හොයන්න ඕන ඔන්ලයින් ක්‍රමවේද කොයි තරම් යථාර්ථයක් ද වෙලාවෙ හැටියට වෙන විකල්පයක් නැති මේ ක්‍රමය ප්‍රායෝගික කරගන්නෙ කොහොම ද කියන එක. ක්‍රමය ඇතුළෙ මිස් වෙන දරුවන් ගැන. නැතුව බරපතල විදියට අඳින රෙද්ද ගැන නෙවෙයි.
 
 
? කුෂාන් පතිරාජ
 (Subashini Gunarathna ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 


THE LEADER TV 
 
 
ඩෑන් පබ්ලිසිට් දුන් 'වස්ති'ගේ 'ආලෝක උපාලි..' පෙරළියක ලකුණක් ද?
 
 
 
පෝට් සිටි පනතට  තුනෙන් දෙක නැතුව කළු චීන්නු අනාථ වෙයිද ? 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...