මේ දවස්වල රටට හොඳම විහිළු සපයන්නේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර. 
හැබැයි එයා කරන්නේ ටිකක් නරක විදිහේ විහිළු. ඇස් රතු වෙන විහිළු. මීට ටික දවසකට උඩදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජගත් කුමාරත් කිව්වේ සරත් වීරසේකර හිට්ලර් කෙනෙක් වෙන්න හදනවා කියලා. 
 
ඒ කියන්නේ පොහොට්ටුවේ කට්ටියත් දැන් සරත් වීරසේකර අන්දලා තියෙන්නේ හිට්ලර්ට.
 
රටේ රාළට මතකයි ඔයිට ඉස්සෙල්ලා කට්ටිය සරත් වීරසේකර සිංහයෙකුටත් අන්දලා තිබුණා. ඒ 2019 ජනාධිපතිවරණය, 2020 පාර්ලිමේන්තු මැතිවරණය කාලේ. ඒ සිංහ පාට් එක 20 වෙනි සංශෝධනය වෙනකම්ම තිබුණා.
 
 
රටේ රාළට හොඳට මතකයි එයා කරපු අන්තිම සිංහ නාදය. එතන මැදගොඩ අබේතිස්ස හාමුදුරුවෝත් හිටියා. ඒ සිංහ නාදය පැවැත්තුවේ තනිකරම 20 ට විරුද්ධව. වීරසේකර කිව්වේ එයා රාජද්‍රෝහීයෙක් වෙන්න බය නෑ, ඒ උනාට දේශද්‍රෝහීයෙක් වෙන්න බයයි කියලා. එහෙම කියපු සරත් වීරසේකර 20 ට පක්ෂව ඡන්දෙ දීලා එයාට අනුව දේශද්‍රෝහියෙක් වුණා. 
ඊට පස්සේ එයා කෑගහපු හැම වෙලාවෙම මිනිස්සු දැනගත්තා සතා මොකාද කියලා. 
 
රටේ රාළ නං කැමති නෑ වීරසේකරට හිට්ලර්ගේ පෞරුෂය දෙනවට. ඒකෙන් කියන්නේ රටේ රාළ හිට්ලර් පිලිගන්නවා කියන එක නෙවෙයි. රටේ රාළ හිට්ලර් දැකලා නැතත් හිට්ලර් ගැන කියවලා තියනවා. ඒක නිසා සරත් හිට්ලර්ට අන්දන්න බෑ. සමහරවිට හිට්ලර්ගේ ගෙදර වැඩ කරපු කෙනෙකුට අන්දන්න පුළුවන් වෙයි.
 
මොකද ඔය කාලේ හිට්ලර් ළග හිටපු හැම කෙනා ළඟම ආයුධයක් තියෙන්න ඇති. ආයුදයක් අතේ තියන පලියට, හිට්ලර් වගේ පෙන්නන්න හැදුවට එයාට හිට්ලර් කියන එක වැරදී.
 
සරත් වීරසේකර මේ දවස්වල ගොඩක් විහිළු කළා. හැබැයි ඔක්කොම ගැන කතා කරන්න ගිහිල්ලා රටේ රාළගේ කාලය නාස්ති කරගන්න බෑ. මොකද එයාගේ ගොඩක් කතා මේ රටේ ජනතාව දැන් පතුරු ගහලා ඉවරයි. ඒවට ඇති තරම් හිනා වෙලත් ඉවරයි.
 
 කොහොම උනත් රටේ රාළ මෙතනදී කතා කරන්නේ සිද්ධි දෙකක් ගැන විතරයි. ඒ දෙකෙත් රට කතා කරපු නැති පැති දෙකක් ගැන. එකක් අර ජා - ඇල බෝපිටියේ පල්ලියට ප්‍රහාරයක් එල්ල වෙයි කියලා නාවික හමුදාව ගිහින් කියපු සිද්ධිය. 
 
සරත් වීරසේකරට අනුව ඒක එක්සසයිස් එකක්. ආරක්ෂක ලේකම් තහවුරු කරනවා එහෙම තොරතුරක් ලැබුණා කියලා. නාවික හමුදාව කියනවා ඒක නාවික හමුදාවට මොනිටර් උන තොරතුරක් කියලා. ආරක්ෂක ලේකම් කියනවා ඒක මේ එච්චර බය වෙන්න ඕනි තොරතුරක් නෙවෙයි කියලා. 
 
රටේ රාළට කියන්න තියෙන්නේ ඒක කට කතාවක් නෙවෙයි. වගකිවයුතු නිළධාරියෙක් කරපු දැනුම්දීමක්. එතකොට එහෙම ප්‍රහාරයක් එල්ල වෙන බවට තොරතුරු ඇවිත් තියනවා නම් ඉස්සෙල්ලම කරන්න ඕනි අගරදගුරු හිමියන්ට දැනුම් දීම. ඒ හරහා එකවරම චේන් එකම දැනුවත් කරලා ඒ ප්‍රදේශවලට ආරක්ෂාව සැපයිම.
 
 
හැබැයි සරත් කියන්නේ එහෙම එක්සසයිස් එයාලා කරනවලු. එතකොට ජනතාවට මර බිය හදන එකද එක්සසයිස් එක. අනික තමයි පහුගිය පාස්කු ප්‍රහාරයේ උණුසුම තවම මැකිලා නෑ. තවමත් මිනිස්සු ඒ බයෙන් සලිත වෙලා ඉන්නේ. ඒ මිනිස්සුට තවම යුක්තිය ඉෂ්ඨ වෙලා නෑ .යුක්තිය ඉල්ලලා ලෝකය පුරා සටනක් ඇවිලිලා තියෙන වෙලාවක් මේක.
දැන් ඒ චොදනාව ආණ්ඩුවටත් එල්ලවෙලා. මේක ආණ්ඩුව බලය ලබාගැනීම වෙනුවෙන් කරපු වැඩක් කියලා. මේක ඇතුළේ දැවැන්ත කුමන්ත්‍රණයක් තියනවා කියන්නේ රටේ රාළ නෙවෙයි හිටපු නීතිපති දප්පුල ද ලිවේරා. 
 
අනික පහුගිය දවසක ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කිව්වේ ඒ ප්‍රහාරය ජනාධිපති ගෝඨාභය කළා කියලා කියන කුමන්ත්‍රණයක් තියනවා කියලා. ඒ කතාවෙන් පස්සේ එහෙම සැකයක් සමාජයට කාන්දු වුණා. ඒ කතාව කමල් ගුණරත්න කරපු පට්ට මෝඩ කතාවක්. 
 
රටේ රාළ එහෙම කිව්වට ගොඩක් අය කියන්නේ කට බොරු කිව්වට දිව බොරු කියන්නේ නෑ කියලා. ඇත්තටම ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන හොයන්න දක්වන උදාසීනකම ඉස්සර එහෙම සැකයක් සමාජයේ තහවුරු වෙන එක අසාධාරණ නෑ. ඒ වගේ පසුබිමක් තමයි මේ සිද්ධිය වෙන්නේ.
 
ඒ වගේ ගිනියම් වෙච්චි සමාජයකට තමයි සරත් වීරසේකර මේ ප්‍රකාශය කරන්නේ. ඒකෙන් ඒ සැකය තවත් තහවුරු වෙනවා. ඒ වගේම මේ කරන්න හැදුවේ ඒ වගේ තවත් සෙල්ලමක් කියන සැකය සමාජයට කාන්දුවෙලා ඉවරයි. ඒක තහවුරු කළේ සරත් වීරසේකරගේ මේ ප්‍රකාශයෙන්.
 
 
ඇත්තටම මේ තවත් වැරදුන කුරුමානමක්ද කියන සැකය රටේ රාළට නං තියනවා. මොකද ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවොත් ඔය වගේම ප්‍රකාශයක් මිට ටික දවසකට ඉස්සෙල්ලා කලා. එයා ගැනත් රටේ රාළ හොදට දන්න නිසා තමයි සැකය තවත් වැඩි වෙන්නේ.
 
 
අනික තමයි සරත් වීරසේකර ගුරු විදුහල්පති වැටුප් සටන ගැන කරන ප්‍රකාශ. රටේ රාළ දිගටම හිටියේ ගුරු විදුහල්පති ඉල්ලීම් සාධාරණයි හැබැයි ඒක ඉල්ලන්න ගුරුවරු පාරට ගත්ත වෙලාව වැරදී කියලා. අදත් රටේ රාළ ඒ ස්ථාවරයේම ඉන්නවා. 
 
එතනදී සරත් වීරසේකරගේ අදහසයි රටේ රාළගේ අදහසයි සමපාත වෙනවත් ඇති. රටේ රාළ ඒ වෙනුවෙන් කරන්න ඕනි විවේචනය ස්ටාලින්ට, මහින්ද ජයසිංහට, උලපනේ හාමුදුරුවන්ට කළා. ඒ වගේම ජවිපෙට හා සජබෙටත් කළා. හැබැයි ඒ හැම විවේචනයක්ම කළේ ඒයාලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන මුලික අයිතිවාසිකම් පිළිගනිමින්.
 
දේශපාලන වශයෙන් මත ගැටුම් තියෙන්න පුළුවන් හැබැයි සතුරකුගේ උනත් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන පෞරුෂයක් රටේ රාළට තියනවා. 
 
ඒ නිසා සරත් වීරසේකර කියපු කතාව රටේ රාළ දැඩි පිලිකුලෙන් හෙලා දකිනවා. සරත් වීරසේකරට බෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට දීලා තියෙන නිදහස උදුර ගන්න. සරත් හදන්නේ ගුරු ප්‍රශ්නය තවත් අවුල් කරන්න. රටේ රාළට නං සරත් වීරසේකර මෘදු උනත් එකයි. රළු උනත් එකයි. හැබැයි සරත් වීරසේකර කියන්නෙත් මේ රටේ නීතියට යටත් මිනිහෙක්.
 
ඒක නිසා ඔය ඕනි විදිහක් වෙන්න. හැබැයි මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. නීතියේ ආධිපත්‍යය තමයි ඕනි. එහෙම නැතිව වීරසේකරගේ මෘදු බව හරි දැඩි බව හරි නෙවෙයි. ඒවා ඉතින් පෞද්ගලික ජීවිතයට තියාගන්න.
 
අම්පාර දිස්ත්‍රික්කයේ මිනිස්සු වගයක් එයාට දෙවියෙකුට වගේ සැලකුවා කියලත් කියනවා ඇහුනා. එහෙනං කොච්චර හොඳද? රටේ රාළ කියන්නෙත් ඒක. ඒ හොඳ නම පරිස්සම් කරගන්න. දෙවියා දිවියෙක් උනොත් වැඩේ අවුල්.
 
 
10 CTU General Secy Joseph Stalin being arrested by the Police Photo Lalith Perera 1024x749
 ''මෙතන දී ස්ටාලින් ඇදගෙන ගියේ ගුරු ප්‍රශ්නයට නෙවෙයි. මේ රටේ නිදහස් අධ්‍යාපනය මිල්ටරීකරණය කරන KDU පනතට එරෙහිව කරපු ජනතා අරගලයේ ස්ටාලින් කොටස්කාරයෙක් වීම නිසයි.''
 
 
රටේ රාළ අහන්නේ සරත් වීරසේකර කොහේ තියන බලයක් මේ ආරෝපනය කරගෙන කතා කරන්නේ. එයා ගුරු ප්‍රශ්නෙදි කැබිනට් එකට කිව්වලු රට හදන්න නම් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. ස්ටාලින් ඇදගෙන ගියේ එයා කියලා මහත් උජාරුවෙන් කියනවා. 
 
එතනදී ස්ටාලින් ඇදගෙන ගියේ ගුරු ප්‍රශ්නයට නෙවෙයි. මේ රටේ නිදහස් අධ්‍යාපනය මිල්ටරීකරණය කරන KDU පනතට එරෙහිව කරපු ජනතා අරගලයේ ස්ටාලින් කොටස්කාරයෙක් වීම නිසයි. ඇත්තටම ඒ වගේ කතා කියන්න ලැජ්ජා වෙන්න ඕනි. අහිංසකයින්ට තමයි මෙයාලගේ දැඩි ප්‍රතිපත්ති.
 
මේ රටේ මේ කාලේ සිද්ධ උන එක හොරකමක් සරත් වීරසේකරලාට අල්ලන්න පුළුවන් උනාද? අඩුම ගානේ සුදුළූණු වංචාව. හැබැයි එයා රටට කියන්න ඕනි එයාගේ කතාවට කැබිනට් එක එකග උනාද නැද්ද කියලත්. 
 
කැබිනට් එකේ ඉන්න අයටත් දැන් කොන්දක් තියෙන්න ඕනි සරත් වීරසේකරගේ කතාවට තමන් දක්වපු ප්‍රතිචාරය ගැන කියන්න. රටේ රාළ මෙතනදී මතු කරන්නේ මේ ප්‍රශ්නය. 
 
මහජන ආරක්ෂාව ගැන ප්‍රශ්නවලදී අපේ රටේ පොළීසියේ හැසිරීම හොඳ නෑ. තමන්ගේ සීමාව ඉක්මවලා ජනතාව මත ප්‍රචණ්ඩත්වය මුදා හරිනවා. යුක්තියට පිටුපාන අවස්ථා තමයි ගොඩක් තියෙන්නේ. ඕඩරයට වැඩකරන පොළිස් නිළධාරියෙක් හදලා. පොළීසියේ හැමදෙනාම එහෙමයි කියලා රටේ රාළ කියන්නේ නෑ. හැබැයි බහුතරය එහෙමයි.
 
මෙතනදී රටේ රාළගේ පොළිස් යාලුවෝ එකඟ වෙන එකක් නෑ. ඒත් මේක තමයි ඇත්ත. පොළිසියේ ඒ අත්තනෝමතික හැසිරීම අපි නිතරම දකිනවා. එදා ස්ටාලින්ලා ඇදගෙන යනකොටත් කළෙත් ඒ හැසීරිමම තමයි. ඒකට විධාන දුන්නේ සරත් වීරසේකර කියලා එයා දැන් පිලි අරන්.
 
එයාගේ මේ කතාවත් පොළීසියට දුන්න තවත් වැරදි ආදර්ශයක්. ඒක හෙට දවසේ පොළීසියට ජනතාව මත තවත් ප්‍රචණ්ඩත්වය මුදා හරින්න දුන්න ලයිසන් එකක් වගේ. ඒකට ප්‍රසිද්ධියේ උපදෙස් දීමක් තමයි සරත් වීරසේකර මේ කරලා තියෙන්නේ.
 
කොහොම උනත් මෙහෙම නරිවාදං කාරයෝ ගැන ජනතාව සැලකිලිමත් වෙන එක හොදයි. හැබැයි කාගෙත් අයිතිවාසිකම් පිලිගන්න රටේ රාළ මෙතනදී වීරසේකරටත් උම්බෑ කියන්න අයිතියක් තියෙන බව පිලිගන්නවා.
 
එහෙනම් ගිහින් එන්නම්.
 

Priynatha witharanaබුදු සරණයි.
ජයවේවා.
 මීට
රටේ රාළ
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
රොකට් චිචීගේ පුසී හොයමු!
 
ජනාධිපති ගෝඨා ගැන පුතා කියපු කතාව!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්