භූමි කම්පාවක් ඉවර උනාට පස්සේ පසු කම්පන ඇත්වෙන්න පටන් ගන්නවා. ඒ ගැන අපි අහලා තියනවා. සමහර අයට ඒ අත්දැකීමත් ඇති. ඇත්තටම
දේශපාලනයේදීත් එහෙමයි.
 
දැන් මේ ආණ්ඩුව මූණ දීලා තියෙන්නේ ඒ පසු කම්පන තත්වයට. එතකොට ඔයාලා රටේ රාළගෙන් අහයි මොකද්ද ඇතිවුණ භූමි කම්පාව කියලා.
 
භූමි කම්පාව තමයි 20 වෙනි සංශෝධනය. අත්තනෝමතික ඒකාධිපතිත්වයකට යමින් හිටිය රටක් ආයෙත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ඇරෙව්වේ 19 වෙනි සංශෝධනයෙන්. ඒකේ අඩුපාඩු ගොඩක් තිබුණා. 
 
ඒත් 19 වෙනි සංශෝධනය ඇතුළේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය මහ ලොකු එකක්. මේ රටේ මිනිස්සු ඒ නිදහස බුක්ති වින්දා. මේ රටේ රාජ්‍ය නිලධාරීන් ඒ නිදහස බුක්ති වින්දා. ඒකේ අඩුපාඩුකම් හදනවා වෙනුවට මෙයාලා කළේ රට ආයෙත් අර පරණ අත්තනෝමතික, ඒකාධිපති ගමන පැත්තට හරවන එක.
 
ඒක එදා ජේ.ආර් මේ ඒකාධිපති ව්‍යවස්ථාව ගෙනත් කලාට වඩා සැහැසි කුරිරුකමක්. මොකද අවුරුදු හතලිස් ගානක් ජේ.ආර් ගෙනාපු ඒ ඒකාධිපති ව්‍යවස්ථාවෙන් බැට කකා හිටපු ජාතියක් අපි. ඉතින් ඊටත් වඩා නරුම තැනකට මේ රට ආය තල්ලු කරනවා කියන්නේ සහගහන අපරාධයක්. 
 
ඒක කරන්න කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නෑ. තිබුණේ ඒක පවුලක තිබුණ උන්මත්තක බල උවමනාව විතරයි. තව තිබුණා නං තියෙන්න ඇත්තේ ඒකත් එක්ක ගැට ගැහිච්චි ඇමරිකන් කුමන්ත්‍රණයක් විතරයි.
 
අද අපි 20 වන සංශෝධනයේ ආනිසංශ බූක්ති විදින ජාතියක්. ඒක තමයි මේ රටේ යම් තරමකට හරි තිබුණ ප්‍රජාතන්ත්‍රවදී අයිති විනාශ කරපු භූමි කම්පාව. එදා ඔය වැඩේ කරන්න හදනකොට ඔය ජාතික අපරාධය කරන්න එපා කියලා රටේ රාළ කීපාරක් නං කිව්වද? සමහරන්ට පුද්ගලිකව කතා කරලත් කිව්වා. ඒත් හෘද සාක්ෂිය මැරිච්ච මිනිස්සුට ඒක ඇහුනේ නෑ.
 
 
එදා 20 වන සංශෝධනයට දේශප්‍රේමී සළුපිලි අන්දවපු සියලු දෙනා මේකට වගකියන්න ඕනි. ඒ වගේම 20 ට අත උස්සපු සියලු දෙනා මේ විනාශයේ වගකීම බාර ගන්න ඕනි. තමන්ගේ හෘද සාක්ෂියට විරැද්ධව 20 ට ඡන්දේ දෙන්න බෑ කියන්න ධෛර්යය තිබුණේ මෛත්‍රීට විතරයි. 
 
 
තමන්ගේ දේශපාලන කොන්ද කඩාගෙන 20 ට ඡන්දය දීපු අය අද ඒ පසු කම්පන තත්වයට මුහුණ දෙමින් ඉන්නවා. ඒයාලා තනි තනි පුද්ගලයෝ හැටියට වගේම කණ්ඩායම් විදිහටත් ඒ පසු කම්පන තත්වය බුක්ති විදිනවා.ඊට අමතරව එළියේ ඉදන් කොඩි දාපු 69 ලක්ෂයටත් ඒ කම්පන තත්වය දැන් හොදින් දැනෙනවා ඇති.
 
වැඩේ කියන්නේ එයාලා නං කමක් නෑ රටක් විදිහට අපි කිසි කෙනෙකුට ඒ කම්පන තත්වයට මුහුණ නොදී බේරෙන්න බෑ.
 
හැබැයි රටේ රාළ මෙතනදී ඒකක් කියනවා. අද 20 ට ජන්දය දුන්න අය බබාලා වෙන්න හදනවා. රටේ රාළගේ විග්‍රහයට අනුව කිසිම දේශප්‍රේමීයෙකුට, කිසිම සමාජවාදියෙකුට, කිසිම ප්‍රජාතන්ත්‍රවාදියෙකුට, ඒ වගේම කිසිම ප්‍රගතිශීලියෙකුට 20 ට අත උස්සන්න බෑ. 20 ට අත උස්සන්න පුළුවන් දේශපාලන නරුමයෙකුට විතරයි.
 
ඒ චෝදනාව වාසුට, දිනේෂ්ට, විමල්ට, ගම්මන්පිලට, දයාසිරිට, විජේදාසට, සරත් වීරසේකර ඇතුළු සමස්ථ ආණ්ඩු පක්ෂයටම අදාලයි. ඒකෙන් බේරුනේ මෛත්‍රී විතරයි. 
 
ඕනිම දේක නිවැරදිතාවයේ විනිශ්චය දෙන්නේ ඉතිහාසය විසින්. ඒක දන්න නිසා රටේ රාළ ඔය දැවැන්ත අපහාස මැද එදා ඇත්ත වෙනුවෙන් තනියෙම සටන් කළා. හැබැයි රටේ රාළ මේ රටේ ජනතාවගෙන් එක දෙයක් ඉල්ලනවා. 20 ට ඡන්දය දීපු ඔය ගොඩක් දෙනෙක් ආපහු ඇරෙනවා. හැබැයි එයාලා මල්මාලා දාලා පිලිගන්න ලෑස්ති වෙන්න එපා. 
 
ඒ Warn එක රටේ රාළ විපක්ෂයටත් දෙනවා. එයාලා ගන්න එපා කියලා රටේ රාළ කියන්නේ නෑ. හැබැයි එයාලා එන්න ඕනි ජනතාව ඉස්සරහා එයාලට අයිති ස්වයංවිවේචනය කලාට පස්සේ. ඇත්තටම ඒකට ස්වයංවිවේචනය කියන එක වැරදී. ඒකට කියන්න ඕනි පාපෝච්චාරණයක් කියලා.
 
අනික මේක හරි වැඩක්නේ ආණ්ඩුවක් ඇතුළේ ඉදන් කරන්න ඕනි දේශපාලනය කුපාඩිකම් ඔක්කොම කරලා වැඩේ කෙළ වෙනකොට අනිත් පැත්තෙන් ඇවිත් වීරයෝ වගේ වාඩි වෙනවා. මේ රටේ ජනතාවත් හුරේ දාලා ඒ කාලකණ්ණි හැතිකරේ පිලිගන්නවා. 
 
ඒක නිසා රටේ රාළ ජනතාවගෙනුත් ඉල්ලනවා මේ පාර නං එහෙම නපුන්සක වෙන්න ලෑස්ති වෙන්න එපා කියලා. 
 
  
ඇත්තටම රටේ රාළට තේරෙන දේශපාලනයේ තරමට නං මේ ආණ්ඩුව 2022 අවුරුද්දට එන්නේ පරාජයේ ඉරණම නලලේ කොටාගෙන. ඒයාලට මේ අවුරුද්දේ අයවැය තමයි පහසුවෙන් සම්මත කරගන්න පුලුවන් එකම පනත. ඒකත් තුනෙන් දෙක නැතිව බොහෝවිට සුළු බහුතරයකින් සම්මත කර ගනී. ඒත් එතනින් එහාට පනත් සම්මත කර ගැනීම නෙවෙයි ආණ්ඩුව පවත්වාගෙන යෑමත් මෙයාලට ප්‍රශ්නයක් වෙනවා.
 
 
දැනටමත් මේ ආණ්ඩුව හතර අතේ ඉරි තලලා ඉවරයි. ඒත් මෙයාලට අයවැය සම්මත කර ගැනීමට ඒකට බාධාවක් නෙවෙයි. නවමත් බැසිල්ගේ විශ්ව කර්ම අයවැය ගැන හීන කතා ජනතාවට කියන්න මෙයාලට පුළුවන්.
 
දැනට ආණ්ඩුවේ ඉන්න සුළු පක්ෂ යම් කේවල් කිරීමක් කළත් ශ්‍රීලනිපයේ, ජානිපයේ, විපක්ෂයේ කණ්ඩායමක් අරගෙන හරි එයාලා අයවැය සම්මත කරනවා.
 
හැබැයි රටේ රාළ කියන්නේ ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුව ගැන. සුළු පක්ෂවලට තවදුරටත් ආණ්ඩුව නලවන්න බැරි දවසක් එනවා. දැනුත් එයාලා ආණ්ඩුවත් එක්ක ගැටුමක තමයි ඉන්නේ. හැබැයි ඒයාලා තවමත් බලන්නේ තමන් බුක්ති විදින්න වරප්‍රසාද ටිකත් රැකගෙන පොඩි විවේචනයක් ආණ්ඩුව පැත්තට දාගෙන ඉන්න.
 
තව ආණ්ඩුවේ එහෙමත් නැත්නම් පොහොට්ටුවේම කට්ටියක් ඉන්නවා බොහෝම නිහඩව. ගොඩක් වෙලාවට පොහොට්ටුවේ ජේෂ්ඨයෝ. 
 
රටේ රාළ මේ ජේෂ්ඨයෝ කියලා කියන්නේ එස්.බිලා, ලොකුගේලා ජාතියේ ජේෂ්ඨයන්ට නං නෙවෙයි. ඊට අමතරව මේක ඇතුලේ තවත් කණ්ඩායමක් ඉන්නවා. නිහඩව විදගෙන බලා ඉන්න. හිටපු ගමන් සමහර අයගෙන් ඒ කේන්තිය එළියට එනවා. ඇත්තටම නම් වශයෙන් කියන එක මේ වෙලාවේ හරි නෑ. 
 
රටේ රාළ එයාලාගේ දේශපාලනය අනුමත කරනවා හෙම නෙවෙයි. එයාලත් හදන්නේ මේ වරප්‍රසාද ටික බුක්ති විදගෙන නිහඩව යන්න පුවන් තරම් දුර යන්න. ඒකත් අමු කුහකකමක්. 
 
සමහරු මේ කාලය සලකන්නේ කිසිම දේශපාලන වැඩක් කරන්න හොද නැති කිසිදේකට කතා කරන්න හොද නැති කාලයක් කියලා. කමක් නෑ මහත්තුරුනී ඔහොම ඉන්න. එත් මේ රටේ දේශපාලනය පෙළ ගැහෙන විදිහට ඔබතුමන්ලාට ඔහොම ඉන්න පුළුවන් තව ටික දවසයි. ඒකත් අවුරුදු වලින් නෙවෙයි මාසවලින් නැත්තං දවස්වලින් විතරයි.
 
  
තවමත් ආණ්ඩුව බය නැතිව ඉන්නේ ශක්තිමත් විපක්ෂයක් පේන තෙක්මානේ නැති හින්දා. ඔව් ඒක ඇත්ත ශක්තිමත් විපක්ෂක් පේන තෙක්මානේ නෑ. විපක්ෂයට හරි නායකත්වයක් නෑ. කෑලි කෑලිවලට බෙදිලා. සීසීකට ගිහිල්ලා. එයාලා නටන්නේ පිස්සුවේ හොදම එක. නිකං හිතුවොත් මේ ආණ්ඩුව සමගි කළත් විපක්ෂ සමගි කරන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා තමයි තවමත් මේ ආණ්ඩුව කුඩුපට්ටම් නොවී තියෙන්නේ. 
 
 
ඉතින් ඒක නිසා ආයෙත් මොන දේදුණු විප්ලවද? නෑ අනිවාර්යෙන්ම විප්ලවය එනවා. ස්ථිරවම එනවා. හැබැයි මේ පාර විප්ලවය වෙන්නේ පරන විදිහට නෙවෙයි. මෙච්චර කල් නායකයෙක් මුල් කරගෙන තමයි විප්ලවය සිද්ධ උනේ. මේ පාර විප්ලවය සිද්ධ වෙන්නේ ජනතාව මුල් කරගෙන.
 
ජනතාව මහ පාරට එනවා මහජන නැගිටීමක් අත ලග. එදාට පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන බත් ගොට්ටන්ගේ අත කොහොමද ඉස්සෙන්නේ කියලා තීරණය කරන්නේ රාජපක්ෂලා නෙවෙයි. එළියේ ගොඩනැගෙන මහජන බලය විසින්. 
 
ඒකට විරුද්ධ වෙන අයට ආයෙත් පොලොවේ පය ගහන්න බැරි තත්වයක් නිර්මාණය වෙනවා. ඒ ඉව ආණ්ඩුවටත් දැනිලත් ඇති. දැනිලා නැත්තං ඔන්න දැනගන්න. එදාට ජනතාව අතරින් නායකයෝ මතුවේවි. ඒ දේශපාලන ප්‍රවාහයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් නායකයෝ විතරක් ඉතිරිවේවි. අනිත් අය ප්‍රතික්ෂේප වේවි. 
 
ඒ සටන හරි දිශාවට හැරවීම අපි කාගෙත් වගකීමක්. අපේ රටේ හැම ජාතිකත්වයකටම පිලිගන්න පුළුවන් වැඩපිලිවෙලක් බවට ඒ සටන පරිවර්තනය කරන්න ඕනි. ඒ අවස්ථාව මඟහැරුණොත් ආයෙත් අපට අවස්ථාවක් එන්නේ නෑ. 
 
ඒ වැඩපිළිවෙළ ඇතුළුට විස්සට ඡන්ද දීලා පාපෝච්චාරණය කරපු අයට එන්න බාධාවක් නෑ. හැබැයි මේ සටන අස්සේ එයාලා ඉන්න ඕනි දණ ගහගෙන. පොරවල් වෙන්න බෑ.එ හෙම වෙනවා නං මේකත් 2015 වේ කරපු යහපාලන දේදුණු විප්ලවයට දෙවෙනි නොවන එකක් වේවි.
 
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
 
මීට
රටේ රාළ
 
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
2021 - ඔක්තෝම්බර් 26
 
 
 
 
 
 


 
THE LEADER TV 
 
ස" ට තරු පේන්න විමලා ලියූ ලියුම | මොණරවිලගේ ලියමන
 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්