රටේ රාළ ඊයේ ලියපු "චීන පෝර නැවේ යට පැත්ත" ලිපියෙන් බෙහොම පැහැදිලි ඉල්ලීමක් මේ ආණ්ඩුවෙන් කළා. ඒ තවදුරටත් ඔය ප්‍රශ්නය චින චින්දාඕ සීවින් බයෝටෙක් ගෲප් සමාගම හා අපේ ශාක නිරෝධායන අංශය
අතර තියෙන ප්‍රශ්නයක් කියන මෝඩ විග්‍රහය කරන්න එපා කියලා.


ඇත්තටම එහෙම කියලා කට ගන්න උනේ පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසමුයි, විදේශ ඇමති ජී.එල්ලුයි ඒ කතාව ඒ විදිහටම කිව්වා.

සාගර නම් හිනා වෙලා කිව්වේ මේකෙන් රටේ අභිමානයට කිසිම හානියක් වෙන්නේ නෑ කියලා. ඇත්තටම සාගරට එහෙම හිතෙන්න පුළුවන්. රටේ රාළට නං සාගරට කියන්න තියෙන්නේ මෙච්චරයි. රාජපක්ෂලාට දේශපාලන බැලමෙහෙවර කරන අයට කොහොමද අනේ රටක අභිමානය ගැන දැනෙන්නේ.

රටේ නෙවෙයි තමන්ගේ වෘත්තීයමය ගෞරවය ගැනවත් Feeling එකක් සාගරට තියනවද කියලා රටේ රාළට නං ප්‍රශ්නයක් තියනවා. අනේ අපි නොදන්න සාගර. ඒක නිසා සාගර කියන කතාව රටේ රාළ නොගිනිය හැකි තරම් කුඩා නිසා නොසලකා හරිනවා.

හැබැයි මෙතනදී ජී.එල් කියන කතාව නොසලකා හරින්න බෑ. රාජපක්ෂලාට දේශපාලන බැලමෙහෙවර කීරීම අතින් නං ඔය දෙන්නා අතර ලොකු වෙනසක් නෑ. ඒත් ජී.එල් කියන්නේ අපේ රටේ විදේශ ඇමතිවරයා. ඒ වගේම ලෝකය පිලිගත්ත මහාචාර්යවරයෙක්.

රටේ රාළ කියන්නේ විදේශ ඇමතිවරයා විදිහට නං බේරගන්න ජී.එල්ට අමුතු ගෞරවයක් නැතිව ඇති. ඒ තරමට රාජපක්ෂලාගේ විදේශ ප්‍රතිපත්තිය ලෝකය ඉස්සරහා නෝන්ඩි වෙලා තියෙන්නේ. ජී.එල් ලොක්කා ඉදලා හිටලා හරි Foreign News බලනවා නං ඒක තේරෙන්න ඕනි.

හැබැයි මහාචාර්යවරයෙක් විදිහට එයාට රැක ගන්න ගෞරවයක් තියනවා. මොකද මාහාචාර්යවරයෙක් ප්‍රශ්නයක් දකින විදිහයි සාමාන්‍ය කෙනෙක් ප්‍රශ්නයක් දකින විදිහයි අතර ලොකු වෙනසක් තියනවා. හැබැයි ඉතින් මේ ආණ්ඩුවේ ඉන්න මහාචාර්යලා එක්ක හිතද්දී ඒකෙත් ලොකු අවුලක් නෑ වගේ කියලත් හිතෙනවා. ඇත්තටම පව් ජී.එල් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන්ගේ මතය කියන්න බැරි තරමට අසරණ වෙලා.

ජී.එල් කියන්නේ මෙතන තියෙන්නේ වාණිජමය ප්‍රශ්නයක් කියලා. ඒ ප්‍රශ්නයට වාණිජ පාර්ශ්වයන් දෙකක් ඉන්නවා. එතකොට අපි මෙහෙන් නඩු දාලා තියෙන්නේ චීන සමාගමකට එරෙහිව. අපේ ශාක නිරෝධායන සේවයට නඩු දානවා කියලා එන්තරාවාසි එවලා තියෙන්නේ චීන සමාගම. චීන ආණ්ඩුවට කවුරුත් නඩු දාලා නෑ. ඒක නිසා ප්‍රශ්නය හරි සරළයි. මේ ප්‍රශ්නය රටවල් දෙක අතර ප්‍රශ්නයක් නෙවෙයි ආයතන දෙකක් අතර ප්‍රශ්නයක්. ජී.එල්ගේ උත්තරය ඒක. බලනකොට ජී.එල්ට දාලා තියෙන්නේ සරළ පහසු ප්‍රශ්නයක්. අර ජී.එල් ඇදලා, කරලා උත්තර දුන්නේ ඒකට.




මෙතනදී රටේ රාළ ජී.එල්ගෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. එතකොට ඇයි චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු අංශය මැදිහත් වෙලා සමස්ථ චීනයටම අදාල වෙන විදිහට අපේ මහජන බැංකුව අසාදු ලේඛණ ගත කළේ. සමාගමකට අපේ රටේ බැංකුවක් රටකට අදාල වෙන විදිහට අසාදු ලේඛණ ගත කරන්න බෑනේ. මෙහේ චීන තානාපති එතකොට ඒක කරලා තියෙන්නේ චීන ආණ්ඩුවට හොරෙන්ද? 
මේක ආයතන දෙකක් අතර ප්‍රශ්නයක් රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙලා කියලා අපේ මහාචාර්යතුමාට නොතේරෙන්න බෑ.
 

රටේ රාළ මෙතනදී ජී.එල්ගෙන් ඉල්ලන්නේ මෙහේ ආණ්ඩුව ඕනි තරම් හෑල්ලු කරන්න, ඔයත් ඕනි තරම් හෑල්ලු වෙන්න. රටේ රාළ මොනවා කරන්නද විහින් කරගත්ත ඒවට. ඒත් චීන සමූහාන්ඩුව හෑල්ලු කරන්න එපා. මොකද ජී.එල්ගේ ඔය කතාව ජාත්‍යන්තර මාධ්‍යවල ගියොත් හෑල්ලු වෙන්නේ ජී.එල්ගේ CV එක.

අපේ රටේ විදේශ ඇමති විදිහට ජී.එල්ට ඕනිම රටක රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්ක කතා කරන්න අවශ්‍ය සියලු සුදුසුකම් තියෙනවා. ඕනිම රටක රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ජී.එල්ගේ CV එක දැක්ක ගමන් කොර වෙනවා. හැබැයි මෙතනදී ජී.එල්ට ඇත්ත කතා කරන්න බැරි එයාගේ සුදුසුකම්වල අඩුව නිසා නෙවෙයි එයා රාජපක්ෂලාට තියෙන දේශපාලන ගැතිකම නිසා.

ඇත්තටම ජී.එල් කරන විග්‍රහට අනුව එයා කිසිම භූ දේශපාලන සාධකයක් සළකලා නෑ. චීන ඉන්දියා ප්‍රතිවිරෝධය ගැන සළකලා නෑ. ඊළඟට මේක යට තියන හොරකම ගැන සලකලා නෑ.

දැන් චීනයට මේක ඇතුලේ වෙලා තියෙන වංචාව හංගන්න බෑ. මොකද ජී.එල් පොඩිකාලේ හිටපු කොන්ඩේ බැදපු චීන්නු දැන් නෑ. ඒක නිසා ජී.එල්ලා දැන් බොරු කරන්නේ චීනයට නෙවෙයි අපට. ඒ අරිථයෙන් ගත්තම ඊයේ ජී.එල් කතා කළේත් බයියන්ගේ ගැලරියට. ඇත්තටම දැන් කරන්න ඕනි මේ වරදේ චූදිතයන් හොයාගෙන එයාලට දඩුවම් කිරීම විතරයි. අපේ රෙද්ද ගැලවෙන එක නතර කරන්න පුළුවන් ඒකෙන් විතරයි.

එයාලගෙන් පාඩුව අය කරගෙන ඒ සල්ලි පෝර සමාගමට ගෙවීම. ඕනි නං මෙහෙම කරන්නත් පුළුවන්. ඒ සල්ලි මහජන බැංකුවේ තැන්පත් කරලා ණයවර ලිපිවලට බැංකුව හරහා සල්ලි ගෙවන්න පුළුවන්. ඒකෙන් තමයි චිනය හා අපේ තියෙන හොද හිත බේරගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඒක කරන්න බැරිකමනේ මේ තියෙන්නේ. ඒකට බලපාලා තියෙන්නේ ලබැදියාවන් අතර ගැටුම.




ඇත්තටම ජී.එල් කරන්න ඕනි මේ ගනුදෙනුව රාජ්‍ය තාන්ත්‍රිකව විසදගන්න විදිහ ගැන රාජපක්ෂලාට කියා දෙන එක මිසක් රාජපක්ෂලා කරන වැඩවසම් ප්‍රකාශ ලෝකෙට කියන එක නෙවෙයි.



රටේ රාළ හිතන්නේ නෑ ජී.එල්ට මේ භූ දේශපාලනය ගැන දැනීමක් නෑ කියලා. හරි ඒක ගැන පොතේ පතේ දැනුමක් නෑම කියමුකෝ. ඒ කාලේ ජාත්‍යන්තර දේශපාලනය ගැන පාඩම් කරන්න බැරි උනාම කියමුකෝ. එහෙම වෙන්න පුළුවන්නේ. ඒත් ඉතින් ජී.එල්ගේ වයසත් එක්ක හිතද්දී එහෙම අද්දැකීම් නැති වෙන්න බෑ. අමතක වෙලාද නං දෙන්නේ නෑ.

මෙතනදී මෙහෙම වෙන්න පුළුවන්. සමහර උගත්තු ඉන්නවා හැම දෙයක්ම රොමැන්ටික් විදිහට හිතන. ඒ කියන්නේ අතිශය අතිශෝක්තියෙන් හිතන. ඒ කියන්නේ මහ පොලොවේ නැති සංකල්ප හිතන අය. ඔය සමහර නීතිඥයෝ ඉන්නේ කවදාවත් උසාවියේ කතා නොකරපු. සමහරවිට විට ජී.එල් හිතනවා ඇති ඔය කිව්වට චීනය ඉන්දියාවත් එක්ක හැපෙන්නේ නෑ. ඕවා බලයන් දෙකේ සමානකම විසින් තුලනය වෙනවා. අපි ඕවා කතා කරලා චීනයි, ඉන්දියාවයි යුද්ධයකට පටලන්න හොඳ නෑ කියලා.

නැත්තං ජී.එල් හිතනවද දන්නේ නෑ තමන්ගේ මේ අවසන් අවස්ථාවේ කවුරුවත් තරහා කරගන්නේ නැතිව කාගේත් සුන්දරී වගේ ඉන්නවා කියලා.

මොකද රටේ රාළ දන්න විදිහට ජී.එල් කියන්නේ බොහෝම නිහතමානී චරිතයක්. එක රටේ රාළ දන්නේ අත්දැකීමෙන්. හැබැයි මෙතනදී වැදගත් වෙන්නේ පුද්ගල නිහතමානීකමට වඩා රට ඉස්සරහා තියෙන අනතුර ගැන රටට කියන එක. ඒක නොකර පාලකයන් ඉදිරියේ ඇඹරෙනවා නම් එක වැටෙන්නේ නිහතමානීකමට නෙවෙයි නිවටකමට.

කොහොම උනත් තවමත් මේ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රිකව විසදගන්න ඉඩ තියනවා. ඒ මේ ප්‍රශ්නයට ඉන්දියාව සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා. මේකේ කොතැනක හරි ඉන්දියාව ඉන්නවා. හැබැයි තවමත් අපිට දේශපාලන වශයෙන් ඉන්දියාව නෑ කියලා කියන්න පුළුවන්. හැබැයි දැන් ඒ සීමාව ටිකෙන් ටික පනිමින් තියනවා. මේ සීමාව පනින්න ඉන්දියාව කරන එක වචනයක් උනත් ඇති. ඒක නිසා රටේ රාළ ජී.එල්ගෙන් ඉල්ලන්නේ රටට බොරු ප්‍රකාශ කරලා තමන්ගේ උගත්කමට අගෞරව කරගන්න එපා. ඒවා කියන්න සාගර ඉන්නවනේ.

ජී.එල් පීරිස් මහාචාර්යතුමා මේ ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික විසදගන්නා විදිහ සම්බන්ධව රාජපක්ෂලාට පැහැදිලි කරලා දෙන්න. රටේ රාළ හිතනවා ඒ හැකියාව ජී.එල්ට තවමත් තියනවා කියලා. බැරිනං රටට කියන්න. හැබැයි ඒක නොකර ඉන්නවා නං එක්කෝ ජී.එල් මොකක් හරි රටක උවමනාවක් වෙනුවෙන් නැටවෙන, නැත්නම් රාජපක්ෂලා විසින් නටවන දේශපාලන රූකඩයක් කියන සාධාරණ දේශපාලන තීරණයට රටේ රාළට එන්න වෙනවා. ආ..තවමත් රටේ රාළ එහෙම අවසානාත්මක අවසන් තීරණයක නෑ.

 
Priynatha witharana

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.
මීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
 
 
 
 


THE LEADER TV
 

කොටියෙකු කියපු සුභාෂ්කරන්ට දේශප්‍රේමී සත්කාරයක් !



යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්