අද රටේ රාළට හිතුනා ටිකක් න්‍යායික පැත්තෙනුත් දේශපාලනය කතා කරන්න. කොහොම කතා කළත් කතා කරන්න තියෙන්නේ මේ දේශපාලන, ආර්ථික සමාජ අර්බුදය ගැනම තමයි.



රටේ රාළ දිගටම කියන්නේ දැන් මේ ප්‍රශ්නයට තනි පුද්ගල විසදුම් නෑ කියලා. One Man Show දැන් යල් පැනලා ගොඩක් කල්.

දැන් ඇගේ මස්පිඩු පෙන්නලා දුවන්න බෑ. බාහු බලය පෙන්නපු දේශපාලන දැන් ඉවරයි. හරි දැන් මෙහෙම හිතන්නකෝ.

රටේ රාළ ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ අර්බුදයට විසදුම මොකද්ද කියලා.

ඔයා සරළ උත්තරයක් දෙයි මෙහෙම. මේකට එකම උත්තරය සජිත් ගේන එක කියලා. නැත්තං පාඨළී හරි අනුර හරි ගේන එක කියලා. තව සමහරු කියයි රනිල් ගේන එක කියලා, මෛත්‍රී ගේන එක කියලත් කියන අය ඉන්නවා. ඒක තමයි ඔයාලට දෙන්න පුළුවන් සරළම උත්තරය.

Leaders

හැබැයි ඔයාලා ඔය කියන නායකයෙක්ගෙන් ඔය ප්‍රශ්නයම ඇහුවොත් ඇත්තටම එයාලට උත්තර නෑ. කට උත්තරත් නෑ. උත්තරයක් තියනවා නම් කියන්න ඕනිනේ. හැබැයි රටේ රාළ මෙහෙම පිලිගන්නම්. එයාලා ළඟ සම්පූර්ණ උත්තරය නැති උනාට උත්තරයේ පොඩි පොඩි කොටසක් ඇති. ඒක නිසා අපට තියෙන්නේ ඒ කොටස් ටික එකතු කරලා අලුත් උත්තරයක් හදන්න. ඒක තමයි මේ මොහොතේ රට වෙනුවෙන් කරන්න පුළුවන් නියම දේශප්‍රේමී කාර්යභාර්ය.


ඒක නිසා රටේ රාළ එයාලට ආයෙත් කියනවා. තමන් ළග තියන කොටස තමයි උත්තර කියලා හිතන තැනින් මිදුනොත් විතරයි උත්තරයක් හොයන්න පුළුවන්. මොකද ඔය හැම කෙනාම හිතන විදිහ රටේ රාළ දන්නවා. එයාලා ඉන්නේ තමන්ට බලය දුන්නොත් වැඩේ කරන්න පුළුවන් කියලා.

ඒක නිසා එයාලා මහා බල පොරයක යෙදිලා. ඒකෙන් අන්ධ වෙලා. අද බලය ගැනීම කියන්නේ මේ අර්බුදයට උත්තරයක් නෙවෙයි. රටේ රාළ ඒක ඔප්පු කරලා පෙන්නන්නං.

ඇත්තටම අද අපි ජීවත් වෙන්නේ ගෝලීය ධනවාදය ඇතුළේ. ඒ ධනවාදය විසින් හදපු රාජ්‍යයක් තියනවා. එතනදී පටල ගන්න එපා රාජ්‍යය කියන්නේ එකක්. ආණ්ඩුව කියන්නේ තව එකක්. රාජ්‍යය කියන්නේ මේ රටේ ජනාධිපතිධූරය, පාර්ලිමේන්තුව, අධිකරණය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය සේවය ඇතුළු ඔය සමස්ථ යාන්ත්‍රණයට.

අද අපි ඉන්නේ ගෝලීය ධනවාදය ඇතුළේ නිසා ඒ ධනවාදයට ගැලපෙන විදිහට හදපු ධනේශ්වර රාජ්‍යක් අපට තියනවා.

ඒ ධනේශ්වර රාජ්‍ය මෙහේවන්න අවුරුදු පහෙන් පහට ජනාධිපති කෙනෙක් සහිත ආණ්ඩුවක් පත් වෙනවා.

01 5

දැන් මේ පත්වෙලා තියෙන්නේ අපේ රටේ සුපිරිම වැඩ්ඩෝ තුන්දෙනා ඉන්න ආණ්ඩුවනේ. වැඩකරන අපේ විරුවා ඉන්නවා. King දුටුගැමුණු ඉන්නවා, ඊළඟට මොළ හතානෝ ඉන්නවා. එහෙනම් මොනවද කරන්න බැරි. හැබැයි මේ කට්ටිය ඉන්න ආණ්ඩුවට පුළුවන්ද අර රාජ්‍යය මෙහෙයවන්න.බෑ නේ. ඒක තමයි ඔයාලට හිතෙන්නේ තව ටිකක් දවසකින් මේ ආණ්ඩුව වැටෙයි කියලා. හැබැයි වැටෙන්නෙත් නෑ.



දැන් අපට පේනවා මේ ආණ්ඩුව බෑ කියලා. ඒක ගැන උදාහරණ ඔයාලා දන්නවා. අලුත්ම එක තමයි ලෝකෙටම අඩබෙර ගහාලා ගොවියට දුන්න නැනේ යුරියා දියර පෝර කෑන් එකත් පුපුරන්න පටන් අරන්. හැබැයි ආණ්ඩුව යනවා. වැටෙන්නේ නෑ.


ඇයි ඒ. මේකට හේතු දෙකක් තියනවා.


# එකක් තමයි රාජ්‍යය කියන එක කවුරුන් මෙහෙව්වේ නැතත් ඒක ඔටෝ දුවන සීමාවක් තියනවා. දැන් මේ රාජ්‍යය දුවන්නේ ඔටෝ. මේ රාජපක්ෂලා හිටියත් නැතත් මේ ටික නං සිද්ධ වෙනවා.


# ඊළඟ එක තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණයට පිටින් තවත් යාන්ත්‍රණයක් හැදිලා. හැදිලා නෙවෙයි හදලා. ඇත්තටම ඒක වෙළඳ මාෆියාවක්. ඒ මාපියාව විසින් රාජ්‍ය යන්ත්‍රණය යට කරමින් ජනතාවට හූරගෙන කනවා. රාජපක්ෂලා ඒ හුරාගෙන කෑම දිහා බලා ඉන්නවා. ඒ බලා ඉදීම වෙනුවෙන් අපි එයාලවයි. එයාලගේ පරපුරයි. අලුත් ඥාති පරපුරයි නඩත්තු කරනවා.



එයාලට ගුවනට චන්ද්‍රිකාවක් යවන්න හිතුනොත් අපි සල්ලි දීලා ඒක යවනවා. එයාලගේ බල්ලෙක් මැරුනොත් අපි අපේ දරුවෙක් නැතිවෙලා වගේ අඩනවා. එයාලාට රගර් ගහන්න හිතුනොත් මොන විනාශය කරලා හරි එයාලා රගර් ගහනවා. අපි අපොඩි ගහනවා. ක්‍රිකට් ගහන්න හිතුනත් එච්චරයි. හැබැයි ඒවයින් අපේ ජීවිතවලට ශත පහක වැඩක් තියනවද. අපේ බඩගින්නට ඒක වැඩක් තියෙනවද?


අද බලන්ඩ ආණ්ඩුව කියනවා ඩොලර් නෑ කියලා. ඇත්තටම කාටද ඩොලර් නැත්තේ. ඇත්තටම ඩොලර් නැත්තේ ආණ්ඩුවට, අපේ බැංකු පද්ධතියට. හැබැයි අර වෙළද මාපියාවට ඩොලර් ඕනි තරම් තියනවා. නෑත්තං මේ නෑ කියන විදිහට මොකුත්ම බඩුවක් මේ රටට එන්න බෑනේ.

එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ. අපේ බැංකු පද්ධතියට පිටින් ඩොලර් සංසරණය වෙනවා. අද මේ රටේ ඩොලර් එන්නේ උන්ඩියල් ක්‍රමයට. නැත්නම් Gate සිස්ටම් එකකට. එයාලා එහෙම ගෙන්න ගෙන අපට 240 ට 250 ට ඩොලර් විකුණනවා.

ඉතින් මේක කළමණාකරණය කරන්න මුදල් අමාත්‍යාංශයක් මොකටද? මොලහතේ විද්වත්තු මොකටද. ඒක නිසා රාජ්‍යය ඔටෝ දුවන සීමාවක හා රාජපක්ෂලාට හිතවත් වෙළඳ මාපියාව විසින් අපි අසීමාන්තික විදිහට හූරගෙන කනවා.

දැන් බඩු මිල පාලනය කරන්න මොකෙක්වත් නෑ. බන්දුලත් නෑ, අලගියවන්නත් නෑ. පාරිභෝගික කටයුතු අධිකාරියත්. ජෙනරල්ලත් නෑ. සර්ත් නෑ සර්ගේ ගැසටුත් නෑ.

එයාලා අර කොම්පැනිවල ප්‍රකාශකයෝ විතරයි. ඒක නිසා මේක ඔහේ යනවා. හැබැයි මේක යන සීමාවක් තියනවා. කොම්පැණිකාරයෝ බඩු නං ගෙනත් දායි. ඒ ගැන බය වෙන්න එපා. වැඩි මිලට කඩේ බඩුත් තියෙයි. මිනිස්සු පෝලිම්වල රත්තියාදු වෙවී බඩුත් ගනී. හැබැයි ඒ මිනිස්සු අතේ සල්ලි තියනකං විතරයි.


දවසක් එනවා අතේ තියන ගානට කැදත් බොන්න බැරි වෙන දවසක්. අම්මලට,තාත්තලට බඩගින්නේ දරුවෝ අඩන එක ඉවසගන්න බැරි වෙන දවසක්. ඒක ඇගට ඔරොත්තු දෙන්නේ නැති වෙලාවක්. රටේ රාළ කියන ජනතා නැගිටීම තමයි ඒක. එදාට මිනිස්සු පාරට එන්නේ සටන් පාඨ පුවරු උස්සගෙන නෙවෙයි. අතට අහුවෙන අහුවෙන දේ අරගෙන.

ඒ නැගිටීමට රාජපක්ෂවරුන්ට වැඩිය රටේ රාළ බයයි. ඒ අසංවිධානාත්මක නැගිටීමෙන් වෙන්නේ මේ රටට විනාශයක්. ඒකයි රටේ රාළ කියන්නේ ඒ නැගිටීමට ඉස්සෙල්ලා මේ රට හදන වැඩපිළිවෙළ අපි හරියට හදලා තියන්න ඕනි.

නැත්තං ආයෙත් මේ රට පරාදයි.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන් )

 

 



 
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
  
 

 

පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන


 

පවුලේ අවුලක්! | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්