ඔහු වේදිකා නාට්‍ය කරපු බවක් මං අසා නෑ. එහෙත් රූපවාහිනී මාධ්‍යයට අපි දෙන්නම ආවෙ එකම කාලෙක.
පළවෙනි ටෙලි නාට්‍යය කරලා අනුග්‍රාහකයෙක් හොයාගන්න මං කාපු පරිප්පුවම දිවුලත් කෑවා
පළවෙනි ටෙලි නාට්‍යය කරලා අනුග්‍රාහකයෙක් හොයාගන්න මං කාපු පරිප්පුවම දිවුලත් කෑවා.
අපි දෙන්නම සිනමාවටත් ආවා. ඒත් සිනමා ගමනේ අපි දෙන්නගෙම පියවර ඒකාකාර නෙවෙයි.
අක්ෂරය කරලා මං විඳපු ගැහැට නිසා වූ පස් වසරක දිගු කාලය නොවන්නට, සිනමා කෘති දෙකක් අතර මගේ පරතරය අවුරුදු දෙකක් විතර.
My Red Comrade මැයි (17) දා ඉඳන් සිනමාහල්වල තිරගත වෙනවා.
නිරන්තරයෙන් මම සිනමාවේ නිරත වුණා. ඒත් දිවුලා ආයෙත් සිනමාවේ දී අපට හම්බවෙන්නේ අවුරුදු පහළොවකට විතර පස්සේ My Red Comrade සිනමා පටයෙන්. ඒක මැයි (17) දා ඉඳන් ම සිනමාහල්වල තිරගත වෙනවා.
නිර්මාණකරණයෙන් ඈත් වෙලා හිටියට දිවුලා සිනමා වෙන් ඈත් වෙලා හිටියේ නෑ. සිනමාව වෙන කෙනෙකුට කියල දෙන්න මං දන්නේ නැහැ.
දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්
ඒත් දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්. සිනමාව ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්.
ඉතින් මැයි 17 සිට තිරගත වෙන දිවුලා ගේ අලුත් සිනමා කෘතියට මම ඉත සිතින්ම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා.

(අශෝක හඳගම)
ahandagama@gmail.com
(උපුටා ගැනීම -Asoka Handagama ගේ ෆේස්බුක් පිටුවෙන්...)
විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන 'MY RED COMRADE' - (ජයසිරි අලවත්ත)
My Red Comrade සිංහල සිනමාවේ අපූරු පර්යේෂණයක් - (සරෝජ් පතිරණ)
PVR ෆිල්ම් හෝල් එක පව්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන
දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක - (චින්තන ධර්මදාස)
MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)
MY RED COMRADE : වම පිළිබඳ වඩා බරපතළ සංවාදයකට නිමිත්තක් - (ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන)
MY RED COMRADE : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි - (හිනිදුම සෙනවි)
අද මාර්තු 8 : ගැහැණු අපි ඇත්තටම කවුද?



