The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති අනුරගේ පළමු දින 100 තුළ කළ නොකළ දේ මොනවා ද?

T

The Leader Desk

January 1, 2025 • 4:29 AM

ජනපති අනුරගේ පළමු දින 100 තුළ කළ නොකළ දේ මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 23 වන දා ජනාධිපති ධූරයේ වැඩ භාරගත් දින සිට මේ වන විට දින 100ක් ගෙවී ගොස් තිබේ.
  • ඊට අමතරව ඔහු ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මේ වන විට ඉටු කරනු ලැබ ඇති කාර්යයන් ප්‍රමාණයක් තිබෙන අතර, ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තවත් පොරොන්දු රැසක් අන්තර්ගත විය.
  • ජනාධිපතිවරයාගේ පළමු දින 100 කාලය තුළ ඔහු සිදු කර ඇත්තේ මොනවා ද?
  • මූලාශ්‍රය: සම්පුර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අතර, එහි දී බීබීසී සිංහල විමසූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පළමු දින 100 තුළ ඉහත කාර්යයන් කරන බව පැවසුවේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරණයට පෙර ජනාධිපතිවරයා බීබීසී සිංහල සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ පළමු දින 100 තුළ කිරීමට බලාපොරොත්තු වන කරුණු 5ක් ඉදිරිපත් කළේ ය.

ඊට අමතරව ඔහු ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මේ වන විට ඉටු කරනු ලැබ ඇති කාර්යයන් ප්‍රමාණයක් තිබෙන අතර, ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තවත් පොරොන්දු රැසක් අන්තර්ගත විය.

ජනාධිපතිවරයාගේ පළමු දින 100 කාලය තුළ ඔහු සිදු කර ඇත්තේ මොනවා ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයාබැලීමකි.


මූලාශ්‍රය: සම්පුර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අතර, එහි දී බීබීසී සිංහල විමසූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පළමු දින 100 තුළ ඉහත කාර්යයන් කරන බව පැවසුවේ ය.

ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසු නොවැම්බර් 14 වන දා මහමැතිවරණය පවත්වා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය.

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු දිවුරුම් දීම අධිකරණ පද්ධතියේ මෙතෙක් සිදු වූ වෙනස්කමකි.

එමෙන් ම බදු වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මෙන්ඩිස් සමාගම මෙතෙක් හිඟ බදු නොගෙවා ඇති බැවින් එහි බලපත්‍රය අත්හිටුවීම ද සිදු විය.

තව ද අඩු අදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම සහනාධාරය ලබා දීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, අස්වැසුම හිමි පවුල්වල පාසල් යන දරුවන්ට පාසල් උපකරණ මිලට ගැනීමට රු. 6000ක දීමනාවක් ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.


ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතුරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ය.
ඔහුගේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබුණේ "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" ලෙසයි.

එහි අංශ කිහිපයක් යටතේ එක් එක් අංශයේ සිදු කිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් සඳහන් කර තිබිණි.

ඒ අතර කඩිනමින් ඉටු කරණ බවට වූ පොරොන්දු කිහිපයක් සඳහන් විය.

හිඟ බදු අය කරගැනීම පිළිබඳව මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති අතර, මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අත්හිටවූයේ ද එහි දිගුවක් ලෙසයි.

තවද පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සහ කලක් තිස්සේ නොවිසඳුණු මාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයන්ගේ දේශපාලන ඝාතන සහ පැහැරගැනීම් පිළිබඳ විමර්ශන කඩිනමින් පවත්වන ලෙස නැවත සේවයේ පිහිට වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වෙත පවරා තිබේ.

ඒ අනුව, චැනල් 4 නාලිකාව විකාශය කළ වීඩියෝව සම්බන්ධ විමර්ශනයකට අදාළව සාක්ෂි විමසීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ද සිදු විය.


රජයෙන් ගත් කැබිනට් තීරණ කිහිපයක්

01/10/2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම

 

 

 

 

 

 

 

 

 

 

 
11/10/2024

විශ්‍රාමිකයින්ට රු. 3000ක අන්තර්කාලීන දීමනාවක් ලබා දීම සහ ගොවියන්ට හෙක්ටයාර 2ක් දක්වා හෙක්ටයාරයකට රු. 25,000ක පොහොර සහනාධාරයක් ලබා දීම

 

 

 

 

 

 

 

 

 

 

 




25/11/202
4

දේශීය වෙළෙඳපොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනයට සහල් ආනයනය කිරීම

25/11/2024


ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීම

02/12/2024

12 02අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
02/12/2024

රාජ්‍ය ආයතනවල අධිසුඛෝපබෝගී වාහන විධිමත් ක්‍රමයකට අපහරණය කිරීම

02/12/2024

අස්වැසුම හිමි පවුල්වල පාසල් දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය මිලට ගැනීමට දීමනාවක් ලබා දීම

18/12/2024
 
12 18දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ගවයන් ආනයනය කිරීම
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18/12/2024

ලුණු හිඟය හේතුවෙන් ලුණු ආනයනය කිරීම

පළමු දින 100 තුළ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක්

23/09/2024

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කිරීම

24/09/2024


09 24දශක දෙකකට පසුව කාන්තාවක් අගමැති ධූරයට පත්වීම
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


10/10/2024
 
10 10(විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනමින් යළි සේවයේ පිහිටුවීම
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

15/11/2024
 
මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ආසන 159ක ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීම
 
11 15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

16/11/2024

ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් (21ක්) පාර්ලිමේන්තුවට තේරී පත්වීම

18/11/2024

කැබිනට් මණ්ඩලය 21කට සිමා කිරීම සහ රාජ්‍ය අමාත්‍යධූර අහෝසි කර නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීම

02/12/2024
 
12 022නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු දිවුරුම් දීම
 
 
 
 
 
 
 
 
 
 
 
 




13/12/2024
 
12 13පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ එල්ල වූ චෝදනා නිසා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීම
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 




15/12/2024

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම
 
12 15

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


17/12/2024

නව කතානායක ලෙස ජගත් වික්‍රමරත්න පත් වීම
 
12 17

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18/12/2024

උපයන විට ගෙවීම් බදු සහන සීමාව රු.100,000 සිට 150,000 දක්වා ඉහළ දැමීම

18/12/2024
 
12 188අදියර තුනක් යටතේ වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීම
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


20/12/2024

ෆිච් රේටින්ස් ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම
 
12 20
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


23/12/2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය සඳහා අනුමැතිය ලැබීම

23/12/2024

මූඩීස් ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම

23/12/2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම

31/12/2024

ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ නව යුධ හමුදාපතිවරයා ලෙස සහ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ නව නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම

31/12/2024

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විශ්‍රාම යාම

(සටහන | බීබීසී සිංහල සහ බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම)
කොළඹ සහ නව දිල්ලි සිට

උපුටා ගැනීම | BBC සිංහල සේවය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...