The Leader News
BREAKING
Top Ad
පුවත්

දුම්රිය ස්ථාන 100ක් 'ක්ලීන්' කරන්න යයි

T

The Leader Desk

January 13, 2025 • 5:32 AM

දුම්රිය ස්ථාන 100ක් 'ක්ලීන්' කරන්න යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් දිවයිනේ තෝරාගත් දුම්රිය ස්ථාන සියයක පහසුකම් වැඩිදියුණු කර මගී සිත් ගන්නා ස්ථාන බවට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
  • මෙලෙස වැඩිදියුණු කෙරෙන මගී ජනතාව වැඩි වශයෙන් නිතර පැමිණෙන දුම්රිය ස්ථානවල කෝපි හා වෙනත් පැණි බීම වර්ග මිලදී ගැනීමේ ස්වයංක්‍රිය යන්ත්‍ර ඇති කිරීමට අදාළ සමාගම් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
  • එම දුම්රිය ස්ථානවල තිබෙන මගී විවේකාගාරවල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා අතර, ඒවායෙහි ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක යන්ත්‍රවල බැටරි ආරෝපණය කරගැනීමේ පහසුකම් ඇති කිරීමටද සැලසුම් කර ඇත.
  • දුම්රිය ස්ථානවල ඩිජිටල් පුවරු ආශ්‍රයෙන් දුම්රිය පිළිබඳ තොරතුරු මගීන්ට දැන ගැනීමට සැලැස්වීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මෙම වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ වැඩිදියුණු කිරීමට තෝරාගත් දුම්රිය ස්ථාන සියය පිළිබඳ තොරතුරු මේ වන විටත් අමාත්‍යාංශය වෙත යොමු කර ඇතැයි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ක්‍ලීන් ශ්‍රී ලංකා රාජ්‍ය වැඩසටහන යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මෙලෙස වැඩිදියුණු කෙරෙන මගී ජනතාව වැඩි වශයෙන් නිතර පැමිණෙන දුම්රිය ස්ථානවල කෝපි හා වෙනත් පැණි බීම වර්ග මිලදී ගැනීමේ ස්වයංක්‍රිය යන්ත්‍ර ඇති කිරීමට අදාළ සමාගම් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දුම්රිය ස්ථානවල තිබෙන මගී විවේකාගාරවල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා අතර, ඒවායෙහි ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක යන්ත්‍රවල බැටරි ආරෝපණය කරගැනීමේ පහසුකම් ඇති කිරීමටද සැලසුම් කර ඇත.

දුම්රිය ස්ථානවල ඩිජිටල් පුවරු ආශ්‍රයෙන් දුම්රිය පිළිබඳ තොරතුරු මගීන්ට දැන ගැනීමට සැලැස්වීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

ක්‍ලීන් ශ්‍රී ලංකා රාජ්‍ය වැඩසටහන යටතේ මේවනවිටත් දුම්රිය අංගන, වේදිකා සහ දුම්රිය මැදිරි පවිත්‍ර කිරීම සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා දෙපාර්තමේන්තු සාමාජිකයින්, ස්වේච්ඡා සංවිධාන ඇතුළු පිරිසකගේ දායකත්වය ලබා ගෙන ඇත.

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...