The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
ක්‍රීඩා

ලන්ඩන් මැරතන්: පැය 13කට පසුව තරගය අවසන් කළ 75 හැවිරිදි පුද්ගලයාට උණුසුම් පිළිගැනීමක්

T

The Leader Desk

April 26, 2024 • 5:06 PM

ලන්ඩන් මැරතන්: පැය 13කට පසුව තරගය අවසන් කළ 75 හැවිරිදි පුද්ගලයාට උණුසුම් පිළිගැනීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දණහිසේ ආබාධයක් සමග සටන් කරමින් පැය 13කට වැඩි කාලයක් තිස්සේ ධාවනයේ යෙදී ලන්ඩන් මැරතන් තරගය අවසන් කළ
  • 2024 ලන්ඩන් මැරතන් තරගය ඉරිදා ආරම්භ වී පැය 13කට වැඩි කාලයක් ගෙවී ගොස් සඳුදා මැදියම් රැය පසුවෙද්දී, ඩොන්කාස්ට නගරයේ පදිංචි ෆ්‍රෙඩ් ටොම්ලින්සන් (Fred Tomlinson) තරගය අවසන් කළේ අන්තිමයා ලෙසින්.
  • එකදිගට 32 වැනි වතාවටත් ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වී සිටි මේ පුද්ගලයාට සහයෝගය ලබා දුන්නේ තරගයේ අවසානයේ සිටින තරගකරුවන් පොකුරට උපකාර කිරීම පිණිස ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි කණ්ඩායමක්.
  • ඔහු මේ මැරතන් ධාවනයේ යෙදුනේ වයස අවුරුදු 15ක් වීමට දින කිහිපයක් පමණක් තිබියදී මිය ගිය ඔහුගේ දියණිය ක්ලේයා සිහිවීම පිණිස.
අකුරු ප්‍රමාණය (Font Size):

75 හැවිරිදි පුද්ගලයෙකුට ලැබුනේ අගනගරය පුරා රැව්දුන් අත්පොලසනක්.

2024 ලන්ඩන් මැරතන් තරගය ඉරිදා ආරම්භ වී පැය 13කට වැඩි කාලයක් ගෙවී ගොස් සඳුදා මැදියම් රැය පසුවෙද්දී, ඩොන්කාස්ට නගරයේ පදිංචි ෆ්‍රෙඩ් ටොම්ලින්සන් (Fred Tomlinson) තරගය අවසන් කළේ අන්තිමයා ලෙසින්.

එකදිගට 32 වැනි වතාවටත් ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වී සිටි මේ පුද්ගලයාට සහයෝගය ලබා දුන්නේ තරගයේ අවසානයේ සිටින තරගකරුවන් පොකුරට උපකාර කිරීම පිණිස ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි කණ්ඩායමක්.

හිටපු පොලිස් නිලධාරියෙකු වන ටොම්ලින්සන් මෙවර ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වූයේ ජීවිත අවදානමක් හෝ මාරාන්තික රෝගයක් තිබෙන දරුවෙකු සිටින පවුල්වලට ආධාර කරන සරේ ප්‍රාන්තය මූලස්ථානය කර ගත් Rainbow Trust පදනම වෙනුවෙන්. ඔහු මේ මැරතන් ධාවනයේ යෙදුනේ වයස අවුරුදු 15ක් වීමට දින කිහිපයක් පමණක් තිබියදී මිය ගිය ඔහුගේ දියණිය ක්ලේයා සිහිවීම පිණිස.

ggggdfgdf


“මේ ළමයින් ගත කරන වේදනාත්මක ජීවිත සමග සසඳන විට හැතැප්ම 26ක් දුවනවා කියන එක මට කිසිම ගාණක් නැති දෙයක්. මේ දරුවන්ට තෝරාගැනීමේ අවස්ථාවක් නැහැ. ඒ නිසා, මේ ධාවනයෙන් ඉවත් වීම කිසිවිටෙකත් මට විකල්පයක් වී තිබුනේ නැහැ. මම තරගයේ අන්තිමයා වුනු බව මම කියන්නේ ආඩම්බරයෙන්. මොකද, ලබන වසරේ මට කරන්න තියෙන්නේ ඒ තත්ත්වයෙන් දියුණු වීම පමණක් නිසා” යනුවෙන් ෆ්‍රෙඩ් ටොම්ලින්සන් සඳහන් කරනවා.


ලන්ඩන් මැරතන් තරගය අවසන් වූයේ The Mall ස්ථානයෙන්. නමුත් ෆ්‍රෙඩ් තරගය අවසන් කළේ, තරගය අවසන් කිරීමට පැය අටකට වැඩි කාලයක් ගන්නා ධාවකයන් වෙනුවෙන් සළකුණු කර තිබු විකල්පීය අවසානයක් වන St James උද්‍යානයෙන්.

ප්‍රධාන තරගකරුවන් ලන්ඩන් මැරතන් තරගය අවසන් කිරීමෙන් පසුව පුද්ගලයන් 50 දෙනෙකු පමණ තරගය සම්පූර්ණ කළා. එහෙත් විකල්ප කාලවේලාවකින් ඔවුන් තරගයේ අවසන් රේඛාව පසු කළත් ඔවුන්ට ඉතා වැදගත් වන පදක්කම ඔවුන්ට ලැබුනා.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

  
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...