The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජගත් ඔලිම්පික් කමිටුව: වසර 130 යි - සභාපතිවරු 9 යි

T

The Leader Desk

March 19, 2025 • 3:59 PM

ජගත් ඔලිම්පික් කමිටුව: වසර 130 යි - සභාපතිවරු 9 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (IOC) ට නව සභාපතිවරයකු පත්කර ගැනීම ග්‍රීසියේ හෙට (20) පැවැත්වෙන එම කමිටුවේ 144 වැනි සැසි වාරයේදී රහස් ඡන්දයෙන් සිදුවනවා.
  • | Thomas Bach 2013 වසරේ සිට මේ සංවිධානයට මූලිකත්වය දුන් සහ “විය හැකි හොඳම බල හුවමාරුව” සහතික කිරීම පිණිස ජූනි 23 දක්වා තනතුරේ රැඳී සිටින තොමස් බාහ් (Thomas Bach)ගේ අනුප්‍රාප්තිකයා ට වසර අටක ධූර කාලයක් හිමිවන අතර එය උපරිම වශයෙන් සිවු වසරකින් දීර්ඝ කිරීමේ හැකියාව ද තිබෙනවා.
  • වසරේදී පිහිටුවා ගැනීමෙන් පසුව මේ දක්වා IOCයට සභාපතිවරුන් නව දෙනෙක් පත්ව තිබෙන අතර ‌මේ සංවිධානය වසර 1896 සිට 1925 දක්වා මෙහෙයවූ Pierre de Coubertin සහ දෙවැනියට දීර්ඝතම සභාපති ධූර කාලය වන වසර 21ක් තනතුරේ රැඳී සිටි Juan Antonio Samaranch (ජ්‍යෙෂ්ඨ) ද මේ නව දෙනාට ඇතුළත්.
  • බෙල්ජියම් ජාතික Jacques Rogge ට පසුව තනතුරට පත් තොමස් බාහ් වඩාත් නම්‍යශීලී ඔලිම්පික් වැඩසටහනක් හා පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරන පරිපූර්ණ උපායන් ඇතුළු සැලකිය යුතු ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):

(IOC) ට නව සභාපතිවරයකු පත්කර ගැනීම ග්‍රීසියේ හෙට (20) පැවැත්වෙන එම කමිටුවේ 144 වැනි සැසි වාරයේදී රහස් ඡන්දයෙන් සිදුවනවා.

srt435| Thomas Bach
2013 වසරේ සිට මේ සංවිධානයට මූලිකත්වය දුන් සහ “විය හැකි හොඳම බල හුවමාරුව” සහතික කිරීම පිණිස ජූනි 23 දක්වා තනතුරේ රැඳී සිටින තොමස් බාහ් (Thomas Bach)ගේ අනුප්‍රාප්තිකයා ට වසර අටක ධූර කාලයක් හිමිවන අතර එය උපරිම වශයෙන් සිවු වසරකින් දීර්ඝ කිරීමේ හැකියාව ද තිබෙනවා. ගෝලීය අභියෝගවලින් සෑම ඡන්ද අපේක්ෂකයකු වටා තිබෙන වාද විවාදයන් උණුසුම් වෙමින් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගේ වැඩිවීම හා අඩුවීම නිර්මාණය වෙමින් තිබෙන අවස්ථාවක මනාපය හා රහස් බවින් යුත් ක්‍රමවේදයකින් පැවැත්වෙන මේ නව නායකයා තෝරා ගැනීමේ මැතිවරණයෙන් IOCයේ ඉදිරි ගමන් මග නිර්වචනය වනු ඇතැයි පැවසෙනවා.

IOC candidates| IOC සභාපති සහ නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්
හෙට පැවැත්වෙන IOC සභාපති නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් හත් දෙනා වනුයේ එංගලන්තයේ Sebastian Coe (ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති) , ප්‍රංශයේ David Lappartient (ජාත්‍යන්තර පාපැදි සංගමයේ සභාපති), ස්පාඤ්ඤයේ Juan Antonio Samaranch කණිෂ්ඨ (IOC උපසභාපතිවරයෙක්), සිම්බාබ්වේ හි Kirsty Coventry (ඔලිම්පික් රන් පදක්කම්ලාභී හා සිම්බාබ්වේ ක්‍රීඩා ඇමතිනී), ජෝර්දානයේ කුමරා Feisal Al-Hussein (ජෝර්දාන ඔලිම්පික් කමිටුවේ සභාපති), ජපානයේ Morinari Watanabe (ජිම්නාස්ටික්ස් සම්මේලනයේ පළමු ආසියානු සභාපති) හා ස්වීඩනයේ Johan Eliasch (ජාත්‍යන්තර ස්කී සම්මේලනයේ සභාපති).

1894 වසරේදී පිහිටුවා ගැනීමෙන් පසුව මේ දක්වා IOCයට සභාපතිවරුන් නව දෙනෙක් පත්ව තිබෙන අතර ‌මේ සංවිධානය වසර 1896 සිට 1925 දක්වා මෙහෙයවූ Pierre de Coubertin සහ දෙවැනියට දීර්ඝතම සභාපති ධූර කාලය වන වසර 21ක් තනතුරේ රැඳී සිටි Juan Antonio Samaranch (ජ්‍යෙෂ්ඨ) ද මේ නව දෙනාට ඇතුළත්. බෙල්ජියම් ජාතික Jacques Rogge ට පසුව තනතුරට පත්    තොමස් බාහ් වඩාත් නම්‍යශීලී ඔලිම්පික් වැඩසටහනක් හා පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරන පරිපූර්ණ උපායන් ඇතුළු සැලකිය යුතු ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා.

වසර 130ක ඉතිහාසයේදී ජගත් ඔලිම්පික් කමිටුවේ ඉහළම තනතුර හිමිකර ගෙන ඇත්තේ බටහිර ජාතිකයන් පමණයි. කිසිම කාන්තාවක් මේ තනතුරට පත්ව නැති අතර ඔලිම්පික් ක්‍රීඩකයන් තිදෙනෙකු ද සභාපති ධූරයට පත්ව තිබෙනවා. මේ සෑම කෙනෙකුම ඔලිම්පික් මාවතේ ඔවුන්ගේ සලකුණ තබා තිබෙන්නේ දේශපාලන අර්බුද, යුද්ධ හා වර්ජනවලට මුහුණ දෙමින්.



IOC හිටපු සභාපතිවරු නව දෙනා:
 
ioc chairmans 1894 2025
 
*ග්‍රීසියේ Dimitrios Vikelas (1894 – 1896): පළමු සභාපති

*ප්‍රංශයේ ඉතිහාසඥ Pierre de Coubertin (1896 – 1925): නවීන ඔලිම්පික් ව්‍යාපාරයේ පියා

*බෙල්ජියමේ Henri de Baillet-Latour (1925 – 1942): ගෝලීය අර්බුද අවස්ථාවලදී නායකත්වය

*ස්වීඩනයේ Sigfrid Edstrom (1946 – 1952): යුද්ධයෙන් පසුව ප්‍රතිසංවිධානය

*අමෙරිකාවේ Avery Brundage (1952 – 1972): වෘත්තීය නොවන මට්ටමේ ආරක්ෂාව වෙනුවෙන් අන්ත වූ පෙනී සිටීම

*අයර්ලන්තයේ Lord Killanin (1972 – 1980): දේශපාලන වර්ජන හා කලබලකාරී යුගය

*ස්පාඤ්ඤයේ Juan Antonio Samaranch (1980 – 2001): නවීකරණය සහ ගෝලීයකරණය

*බෙල්ජියමේ Jacques Rogge (2001 – 2013): තහනම් ශරීර උත්තේජන හා පාරදෘශ්‍යතාවට එරෙහි සටන

*ජර්මනියේ Thomas Bach (2013 – 2025): වෙනස්වන ලෝකයට හැඩගැසීම

 
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජගත් ඔලිම්පික් කමිටුව: වසර 130 යි - සභාපතිවරු 9 යි | The Leader