ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉවත්කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.



2024 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියට අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සහ වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්කර ඇත.

මෙම වසරේ ජනවාරි මස 21 වනදා සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමේ තීරණයට යටත්ව එම සම්මේලනය මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 2023 අප්‍රේල් 4 වැනි දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධරයා ලෙස පත් කර ඇත. 

 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්