ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවක් දූෂණය කළ බවට

එල්ල වූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් තුනක් ඉවත් කර තිබේ.

32 හැවිරිදි ඔහු පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති 20/ 20 ලෝක කුසලානය සඳහා සහභාගිව සිටියදී සිඩ්නි නුවරදී අදාළ කාන්තාවගේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදුනු බවට වූ චෝදනා හතරක් එල්ල විය.

කෙසේ වෙතත්, රජයේ අධිචෝදකවරයා (මැයි 18 වැනිදා) සිඩ්නි අධිකරණයකදී ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල කරනු ලැබූ චෝදනා තුනක් ඉල්ලා අස්කර ගත්තේය.

ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දිනයක 29 හැවිරිදි එම කාන්තාව මුණගැසුණු බවත්, ඔවුන් සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයක පිහිටි ඇගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඇයව දුෂණයට ලක් කළ බවටත් චෝදනා එල්ල විය.

2022 නොවැම්බර් මස වාර්තා වූ මෙම සිද්ධියේදී අදාළ කාන්තාව "තම ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි වූ" බව අධිකරණයට ගොනු කරන ලද පොලිස් වාර්තාවක සඳහන් විය.

චෝදනා සහතික කිරීම සඳහා මාස හයක අවශ්‍යතාවයෙන් ඔබ්බට නඩු විභාගය කල් තැබීම සඳහා පැමිණිල්ල විසින් පසුගිය මාසයේ දී අයදුම් කරන ලදී.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥ ඇලන් සහිනොවික් ඊට විරුද්ධ වූ අතර, තම සේවාදායකයා දැඩි ඇප කොන්දේසිවලට යටත්, සීමිත පවුල් සහ සමාජ සහයෝගයක් සහිත විදේශීය පුරවැසියෙකු ලෙස අනිසි දුෂ්කරතාවන්ට ලක්වන බවට තර්ක කළේය.

ඔහු ජුලි 13 වැනිදා අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නැවත අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.


ධනුෂ්ක ගුණතිලකට ඇප, Tinder තහනම් !

sdfafw
ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත මුදා හැරීමට සිඩ්නි අධිකරණය පසුගිය වසරේ නොවැම්බර් තීරණය කරනු ලැබීය.

2022 නොවැම්බර් 16 නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මුරුගන් තංගරාජ් කියා සිටියේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත්ව ඇති කරුණු අනුව ගොනුකළ චෝදනාවන්හි ශක්තිමත් නඩු නිමිත්තක් නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා රජය තම සේවා දායකයාට සහය දක්වන බවත්, ඔහුට ඇප ලබා නොදුනහොත් ඔහුගේ ක්‍රීඩා ජිවිතය අවසන් වනු ඇති බවත් නිතීඥවරයා පවසා තිබේ.

ඒ අනුව කරුණු සළකා බැලු මහේස්ත්‍රාත් ජැනට් වෝල්ක්විස්ට් විසින් සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ දී ගුණතිලකට ඇප ලබා දුන් අතර පාර්ක්ලියා බන්ධනාගාරයේ සිට ධනුෂ්ක ගුණතිලක නඩු වාරයට ඔන්ලයින් පෙනිසිටියේය.

කෙසේ වෙතත් ඇප මත මුදාහැරි ධනුෂ්ක ගුණතිලකට පහත කොන්දේසි අධිකරණය විසින් පනවනු ලැබිය.

1-  සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතුය.
2- සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා ඔහුට සංචරණ සීමා පනවා ඇත.
3- පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් වේ.
4- Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතය තහනම් කර තිබේ.

කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා 4 ක් ගොනුකර තිබිණ.

ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට පත්විය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි චෝදනා අනාවරණය වූයේ, නඩුවේ තොරතුරු යටපත් කිරීමට පොලිසිය ගත් උත්සාහයට එරෙහිව මාධ්‍ය උසාවියේ දී සටනක් ජයග්‍රහණය කිරීමෙන් පසුව ය.

විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර දැමීම හේතුවෙන් ඇය "සිය ජීවිතය පිළිබඳ බියකින්" සිටි බවට අධිකරණ ලේඛන මගින් චෝදනා කර තිබිණ.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා 4ක් ලැබ සිටින 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීමේදී කොන්ඩමය ගලවා දැමීමේ චෝදනාව ද එල්ල වී තිබිණ.

කෙසේවෙතත් ධනුෂ්ක පොලිසිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිසිදු ප්‍රචණ්ඩත්වයක් නොකළ බව හෝ ඇයගේ කැමැත්තක් නොතිබූ බව ප්‍රතික්ෂේප කළේය.

ඔහු විදෙස් ගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය තර්ක කිරීමෙන් පසු මීට පෙර ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


අධිකරණ ලේඛන වල දක්වා ඇති චෝදනා

අධිකරණය තුළ කරුණු වාර්තා කිරීම සඳහා පැවති අතුරු නියෝගය ඉවත් කරමින් පොලිස් ලේඛන වාර්තා කිරීමට සිඩ්නි අධිකරණය අවසර දුන්නේය.

අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් කරුණුවලට අනුව ධනුෂ්ක ගුණතිලක සහ අනන්‍යතාව හෙළිදරව් නොකළ 29 හැවිරිදි පැමිණිලිකාර කාන්තාව 2022 ඔක්තෝබර් 29 වන දින ටින්ඩර් App ඔස්සේ දැන හඳුනගෙන ඇත.

පැමිණිලිකාරියගේ නිවසට යාමට පෙර බීමකට සහ රාත්‍රී ආහාරය සඳහා නොවැම්බර් 2 වන දින සිඩ්නිහිදී හමුවීමට දෙදෙනා එකඟ වූ බව ලේඛනවල දැක්වේ.

ධනුෂ්ක ගුණතිලක එම කාන්තාව සමඟ "බලහත්කාරයෙන්" ලිංගික සංසර්ගයේ නිරත වූ බවටත්, තුන් වතාවක් - තත්පර 30ක් දක්වා වරක් ඇගේ හුස්ම හිරකර ගෙන සිට ඇති බවටත් චෝදනා එල්ල විය.

"පැමිණිලිකාරිය සිය ජීවිතය ගැන බියෙන් සිටි නිසා විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි විය" යැයි පොලිසිය අධිකරණ ලේඛනවල චෝදනා කර තිබිණ.

ධනුෂ්ක ගුණතිලකට උපත් පාලන කොපුවක් පළඳින ලෙස දන්වා සිටියද, ලිංගික අපයෝජනය සිදුව ඇතැයි කියන අවස්ථාවේදී කොන්ඩමයක් බිම වැටී තිබෙනු දුටු බවද එම කාන්තාව පොලිසිය වෙත පවසා තිබිණ.

කොන්ඩමයක් නොමැතිව ලිංගිකව එක්වීමට හෝ හුස්ම හිරවීම සමඟ ලිංගිකව එක්වීමට තමන් එකඟ නොවූ බව කාන්තාව පැහැදිලිව දක්වා ඇතැයි ද පොලිසිය අනාවරණය කර ඇත.

පසුදින, පැමිණිලිකාරිය මිතුරන් දෙදෙනෙකුට සිදු වූ දේ පවසා, උපදේශන සේවාවකට ද කතා කර තිබේ.

පොලිසියට පැමිණිලි කිරීමට පෙර ඇය සිය වෛද්‍යවරයාද හමුවී ඇත.

පසුව ඇය රෝහලේදී ලිංගික අතවර පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වූ අතර හුස්ම හිරවීම නිසා හානියක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ඇය මොළයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය වූ බව පොලිසිය අධිකරණයට දන්වා තිබිණ.

අධිකරණ ලේඛනවල විස්තර කර ඇති ආකාරයට පොලිසිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ධනුෂ්ක ගුණතිලක ප්‍රචණ්ඩත්වයක් දැක්වූ බව ප්‍රතික්ෂේප කළ අතර ඇයගේ කැමැත්ත අනුව ලිංගික ක්‍රියා සිදුවු බවද ප්‍රකාශ කළේය.

නමුත් රහස් පරීක්ෂකයින් විසින් විමසූ විට, කැමැත්ත පිළිබඳව පැමිණිලිකාර කාන්තාව සමඟ කළ සංවාද ඔහුට සිහිපත් කළ නොහැකි වූ බවද පොලිසිය සඳහන් කළේය.

නිව් සවුත් වේල්ස් (NSW) හි නව "තහවුරු කළ කැමැත්ත" නීති යටතේ - චෝදනා කරන සිද්ධිය සිදු වූ තැන - පුද්ගලයෙකු ලිංගිකත්වය සඳහා ඔවුන්ගේ කැමැත්ත සන්නිවේදනය කිරීමට යමක් පැවසීම හෝ යම් දෙයක් කළ යුතුය.

ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ නව නීති ප්‍රතිසංස්කරණ මගින් අනුමැතියකින් තොරව කොන්ඩම් ඉවත් කිරීම - ලිංගික අතවර වරදක් බවට පත් විය.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image