ඉතාලියේ සැවෝනා ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය.



යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ අවසන් තරගය තත්ත්පර 10.01ක කාලයකින් අවසන් කරමින් එලෙස රිදී පදක්කම තමන් සතු කර ගැනීමට සමත් විය.



“මේ වසරට විශිෂ්ට ආරම්භයක්! මම හැමදාම කියනවා වගේ ඉවසීමෙන්, විශ්වාසයෙන්, අධිෂ්ඨානයෙන් සිටීම අනාගතයේ හොඳ ප්‍රතිඵල දකින්න පුළුවන් හොඳ මාර්ගයක්."

"මට තත්පර 10.01 (+2.7) ක කාලයකින් 2 වැනි ස්ථානයට පත්වීමට හැකි වුණා. මගේ ගමනට සහය දුන් සැමට ස්තුතියි." යනුවෙන් තරගයෙන් පසු යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

yupun abeykoon

කවුද මේ යුපුන් අබේකෝන් ?

අබේකෝන් මුදියන්සේලාගේ යුපුන් ප්‍රියදර්ශන උපත ලබන්නේ 1994 වර්ෂයේ දෙසැම්බර් මස 31 වෙනිදා පන්නල ප්‍රදේශයේ දියි. ඔහු පන්නල ජාතික පාසැලෙන් සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇත.

යුපුන් පන්නල ජාතික පාසැලේ සිට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ අධ්‍යාපනයට පැමිණීමට ප්‍රධාන හේතුව වන්නේ පාසැල් සමයේ සිට මළල ක්‍රීඩා ඉසව් සඳහා ඔහු දක්වන දක්ෂතාවයයි.

2014 වසරේදී යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වන අතර ඔහු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කළේය.

ya 1
මළල ක්‍රීඩා පිටියේ දක්ෂතාවයන්

* යුපුන් 2013 වසරේ ඉන්දියාවේ, රංචි හි පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර පිරිමි තුන්පිම්ම තරගයෙන් සිව්වැනි ස්ථානයට පත්විය.

* 2015 මිලිටරි ලෝක ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 x 4 සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනු කණ්ඩායම නියෝජනය කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

* යුපුන් ගේ දක්ෂතාව හේතුවෙන් ශිෂ්‍යත්වයක් යටතේ ඔහුට ඉතාලියේ ෆිආමි ගිලී (Fiamme Gille) ක්‍රීඩා ඇකඩමියේ පුහුණුවීම් සඳහා ඇතුලත් වීමට අවස්ථාව උදාවිය.

* 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 × 4 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කමට හිමිකම් කී කණ්ඩායම නියෝජනය කිරීමට ද යුපුන් සමත් විය.

* 2020 සැප්තැම්බර් 8 වන දින, ජර්මනියේ ඩෙසාවු හි පැවති මලල ක්‍රීඩා තරගයකදී මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.16 ක කාලයකින් ජයග්‍රහණය කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

* එහිදී ඔහු මීටර් 100 පිරිමි ඉසව්වෙන් හිමාෂ ඊෂාන් සතුව තිබූ දකුණු ආසියානු වාර්තාව මෙන්ම ජාතික වාර්තාව ද බිඳ දැම්මේය.

ya 2

* යුපුන් අබේකෝන් "දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා" යන අන්වර්ථ නාමය තමන් සතු කර ගත්තේ පිරිමි මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව බිඳ දැමීමෙන් පසුවය.

* 2020 සැප්තැම්බර් 26 වන දින, ස්විට්සර්ලන්තයේ පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ කොටසක් ලෙස ගාලා ඩී කැස්ටෙලි හිදී තත්පර 10.24 ක කාලයකින් මීටර් 100 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

* 2020 ගාලා ඩී කැස්ටෙලි තරග ඉසව්වේ දී ඔහුගේ ලෝකඩ පදක්කම් ජයග්‍රහණයත් සමග යුපුන් අබේකෝන්, 1990 දශකයෙන් පසු ප්‍රවීණ යුරෝපීය සහ අප්‍රිකානු කෙටි දුර ධාවන තරගකරුවන් සමගින් ධාවන ඉසව්වකට සහභාගිවූ පළමු ශ්‍රී ලාංකික ධාවකයා බවට පත්විය.

* වසර 2021 ෆ්ලොරන්ස්ෆ ඩයමන්ඩ් ලීග් ධාවන තරගාවලියේ දී පිරිමි මීටර් 100 ධාවන ඉසව්වෙන් සිව්වන ස්ථානයට යුපුන් අබේකෝන් පත්වූ අතර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 48 ස්ථානයට පත් විය.

* 2022 ජුලි 3 වෙනිදා, යුපුන් අබේකෝන් රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර ශූරතාවලියේ දී මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරනු ලැබුවේය. එහිදී ඔහු එම තරගය තත්පර 9.96 කින් අවසන් කිරීමට සමත් විය.ඔහුගේ එම නිපුණත්වය හමුවේ යුපුන්, තත්ත්පර 10 බාධකය බිඳ දැමූ පළමු ශ්‍රී ලාංකික ධාවකයා මෙන්ම පළමු දකුණු ආසියානු කෙටි දුර ධාවන ක්‍රීඩකයා බවට ඉතිහාස ගත වූ අතර, ඔහු සමස්ත ඉතිහාසයේ සිව්වන ආසියානු ක්‍රීඩකයා බවට ද පත්විය.

y 3

* 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 100 තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට යුපුන් අබේකෝන් සුදුසුකම් ලැබූ අතර, එම වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම පිරිමි ක්‍රීඩකයා වුයේ ද ඔහුයි.

* 2022 අගෝස්තු 3 වෙනිදා, බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර 10.14 කින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

* 1998 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රියානි කුලවංශ සහ සුගත් තිලකරත්නගේ පදක්කම් ජයග්‍රහණයෙන් පසු මලල ක්‍රීඩා ඉසව්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවටද ඔහු පත්විය.

* එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරගයට පිවිසි පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද යුපුන් අබේකෝන් ය.


(BBC සිංහල සේවය)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image