මෙරට පළමු ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.


ඒ අනුව එම තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා සිට 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

විදේශීය ක්‍රිඩකයන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති එම තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් සහභාගී විමට නියමිතය.

සෑම කණ්ඩායමක් සඳහා ද ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 06 දෙනෙකු විදෙස් ක්‍රීඩකයන් විය යුතු බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මීට සමගාමීව ටී ටෙන් කාන්තා තරගාවලියක්ද පැවැත්වීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කණ්ඩායම් 04ක් සහභාගී වීමට නියමිතය.

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්