නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන A කණ්ඩායම සමග

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18) පැවැති තරගයෙන් ලකුණු 217 ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

ආසියානු ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ මෙම තරඟය පැවැත්විණ.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා A කණ්ඩායම, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය ඕමාන A කණ්ඩායමට ඕවර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි.

එහිදී චාමික කරුණාරත්න ලකුණු 03 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕමාන A ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ප්‍රමෝද් මධුෂාන්, දුනිත් වෙල්ලාලගේ සහ ළහිරු සමරකෝන් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.

පළමුවෙන් පන්දුවට පහරදුව් ශ්‍රී ලංකා A කණ්ඩායම, ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් රැස්කළේය.

 
 ශ්‍රී ලංකා A  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පසිඳු සූරියබණ්ඩාර පන්දු 75 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමග ලකුණු 60 ක් රැස්කළේය. ලකුණු 84 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සහන් ආරච්චිගේ (48) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 132 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පසිඳු සමත් විය.

Pasindu Sooriyabandara

ආරම්භක පිතිකරුවන් වූ අවිෂ්ක ප්‍රනාන්දු හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, ලසිත් කෲස්පුල්ලේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 22 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 21 ක් ලබා ශ්‍රී ලංකා A  ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.


ශ්‍රී ලංකා නැඟී එන පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 259  
(අවිෂ්ක ප්‍රනාන්දු 25, ලසිත් කෲස්පුල්ලේ 43, පසිඳු සූරියබණ්ඩාර 60, සහන් ආරච්චිගේ 48, දුනිත් වෙල්ලාලගේ නොදැවී 21, චාමික කරුණාරත්න 20, අකීබ් අල්ලියාස් 58/4, අයාන් ඛාන් 39/2, ජයේ ඔඩේඩ්‍රා 44/2)

ඕමාන නැඟී එන පිල - ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 42
(කාශ්‍යප් ප්‍රජාපති 18, චාමික කරුණාරත්න 03/3, ප්‍රමෝද් මධුෂාන් 06/2, දුනිත් වෙල්ලාලගේ 10/2, ළහිරු සමරකෝන් 21/2)

 

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image