ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධව පාර්ශව කිහිපයක්  අභියාචනාධිකරණයේදී ගොනු කරණු ලැබූ නඩු දෙකක් සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන්

සමථයකට පත් වී තිබේ.

ඒ අනුව, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රීලංකා පාපන්දු නිලවරණය පැවැත්වීම සඳහා කටයුතු කරගෙන යාමට අනුමැතිය ලබා දී ඇති අතර මාස 11ක් වැනි කාලයක සිට අර්බුදයකට ලක්වී තිබූ ශ්‍රී ලංකා පාපන්දුව යථා තත්වයට පත්වීමට සහ සියලු පාර්ශවයන්ට බාධාවකින් තොරව නිලවරණයකට ඉදිරිපත් වීමට මෙයින් අවස්ථාව සැලසෙනු ඇත.

එලඹෙන සැප්තැම්බර් 16 දින ශ්‍රීලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට අනුමැතිය ලැබී තිබෙන අතර එයට අදාල කටයුතු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය විසින් දැනටමත් සිදු කරමින් පවතී.

මෙම නිලවරණයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේදී ජාත්‍යන්තර තහනම ඉවත්වී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගී වීමට අවකාශය ලැබෙනු ඇත.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්