මේවනවිට ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය

පැවැත්වීම සඳහා තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක් පත්කර ගැනීම කොළඹ පදනම් ආයතනයේ දී අද (14 වැනිදා ) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී තීන්දු විය.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්. මජීඩ්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික ජනරාල් උපාලි ගුණසේකර ගෙන් එම කමිටුව සමන්විත වේ.

නිළවරණය සඳහා නාම යෝජනා කැඳවීම අද (14) සවස සිට විවෘත  වූ අතර නාම යෝජනා භාර ගැනීම ලබන 19 වැනිදා ප.ව.3.00 ට අවසන් අවසන් වීමට නියමිතය.

පසුගිය වසරේ (2022)  සැප්තැම්බර් 22 වැනිදා සම්මත කර ගන්නා ලද නව ව්‍යවස්ථාව අනුව නිලවරණය පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් 29 වැනි දා නිලවරණය පැවැත්වීමට අද දිනයේ එකඟතාවය පළ වුණි.

 නාමයෝජනා පිළිබඳ අභියාචනා භාරගැනීම සැප්තැම්බර් මස පළවෙනිදා සිට තුන් වැනි දා දක්වා සිදු කෙරෙන අතර අභියාචනා සලකා බැලීම 4 වැනි දා සිදු කෙරේ.

ඒ අනුව සභාපති ඇතුළු නිලධාරීන් දහතුන් දෙනෙකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වන අවසාන නාම යෝජනා ලයිස්තුව සැප්තැම්බර්  4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්