LPL ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටය අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.



පළමු තරගය පැවැත්වෙන්නේ තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින කණ්ඩායම් දෙක අතරයි.

ඒ අනුව අවසන් පූර්ව වටයේ පළමු තරගය ගාල්ල ටයිට්න්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පස්වරු 3.00ට ආරම්භ වේ.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සෘජුවම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

 

ප්ලේ ඕෆ් ආකෘතිය යටතේ අවසන් වටය ක්‍රියාත්මක වන බැවින් මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් අවස්ථාවක් හිමිවේ.

 

අවසන් පූර්ව වටයේ දෙවන තරගය බී - ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව  'බී-ලව් කැන්ඩි' සහ 'ජැෆ්නා කින්ග්ස්' යන කණ්ඩාම් අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමඟ පළමු තරගයෙන් පරාජය වන කණ්ඩායම යළි තරග වැදීමට නියමිතය.

අවසන් මහා තරගයට සුදුසුකම් ලබන දෙවන කණ්ඩායම තීරණය වන්නේ එම තරගයේ ප්‍රතිඵලය මතයි.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්