ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA ) විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට ඉතා ඉක්මනින්ම හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර්

අවධරණය කර සිටියි.

පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සියළුදෙනාම එකතුවී සිය උපරිමයෙන්ම කටයුතු කරන බවත් ජස්වර් උමාර් පවසයි.

ඔහු එබව කියා සිටියේ, මෙවර පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා බාර දීමෙන් අනතුරුවය.

ජස්වර් උමාර්ගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ පෙරමුණ, පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා බාර දීම සිදු කළේ ඊයේ (19) දිනයේ දීය.

මෙහිදී ලීග 67න් 58ක්ම ජස්වර් උමාර්ගේ ඒකාබද්ධ කණ්ඩායමට සහාය පළ කර ඇති බව වාර්තා වේ.

මෙම නිලවරණයට අනුරාධපුර ලීගයෙන්ද අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇත.

xzdfgstr
ජස්වර් උමාර් ඇතුලු ඒකාබද්ධ කණ්ඩායම කියා සිටියේ, මෙම සමගිවීම තුල හා ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනයේ මාර්ග සිතියමට අනුව නිලවරණය පැවැත්වීම තුල ඉතා ඉක්මනින්ම පාපන්දුවට ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.



නාම යෝජනා පිළිබඳ අභියාචනා භාරගැනීම සැප්තැම්බර් මස 01වෙනිදා සිට 03වැනි දා දක්වා සිදු කෙරෙන අතර අභියාචනා සලකා බැලීම 4වැනි දා සිදු කෙරේ.

ඒ අනුව සභාපති ඇතුළු නිලධාරීන් දහතුන් දෙනෙකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වන අවසාන නාම යෝජනා ලයිස්තුව සැප්තැම්බර් 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්