ලෝකයෙ මේ මොහොත නිර්මාණය වෙලා තියෙන්නෙ ප්‍රාථමික සාමූහික සමාජයෙ ඉදන්ම සටන් වල ප්‍රථිපලයක් ලෙස.



මේ එහෙම සටන් නෙවෙයි.. වෙනස් වුණු දියුණු වුණු ලෝකයක සටන් කලාව ආර්ට් එකක් ලෙස විදින්න තිබෙන මොහොතක්..

 ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) ලංකාවට මුල්ම වතාවට ගේන්න යන්නෙ..

KFL හි පළමු සටන් රාත්‍රිය අගෝස්තු 26 වන සෙනසුරාද, කොළඹ The Taprobane හිදී සවස 7 ට පැවැත්වීමට නියමිතයි.

(Location.. https://g.co/kgs/NnDEYB)

ඒ සඳහා ඉදිරිපත් වීමට තරඟකරුවන් හා තරඟකාරියන් නමදෙනෙකු (09 ) ගැන අපි මිට පෙර හඳුන්වා දුන්නා.

ඉතිරි තරඟකරුවන් හා තරඟකාරියන් තිදෙනෙකු ගැන තොරතුරු පහත පළකර තියනවා.

සැප්තැම්බර් 26 සෙනසුරාද... සවස 7 ට    

gihan sonic


මහනුවර ප්‍රදේශයේ සිට KFL තරගාවලියට එක්වන වයස අවුරුදු 26 ක් වන ගිහාන් ප්‍රසන්න තරඟාවලියේ සිටින තවත් ප්‍රබල සටන්කරුවෙක්.

කුඩාකල සිට සටන් කලාවට යොමුවන ගිහාන් 2018 වසරේදී ජාතික  Muay Thai තරඟාවලියේ 70-75 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වනවා.

ඉන් නොනැවතුණු ගිහාන් 2019 දකුණු ආසියානු තරගාවලියකද ජයග්‍රහණක් ලබා ගැනීමට සමත් වනවා.

අගෝස්තු මස 26 වනදා පැවැත්වෙන KFL තරඟය ගැන අදහස් දැක්වූ ගිහාන් ප්‍රසන්න සටන් කරුවන් වෙනුවෙන් මුල්‍යමය වටිනාකමක් ගොඩ නැගීම වර්තමානයේ මෙරට තුල සිදු නොවන බැවින් මෙම තරගාවලිය හරහා සටන් කලාවට ලබා දීමට උත්සහ කරන වෘත්තීය භාවය ඉදිරියේදී මෙරට සටන ක්ෂේත්‍රයේ දියුණුවට හේතු වන බවයි.



Pavani Himesha Himayanthi
පවනි දිලංකා

pavani

KFL තරගාවලියට එක්වන ළාබාල දක්ෂ සටන් කාරියක් වන පවනි දිලංකා KFL සටන් කවයට පිවිසෙන්නේ ඇයගේ මංගල සටන් ජයග්‍රහණයේ ආස්වාදය ලබා ගැනීමේ අරමුණින්.

පවනි තවමත් ළාබාල වියේ පසුවුවත් සටන කලාව වෙනුවෙන් අතිශය කැපවීම් සහගත ක්‍රීඩිකාවක්.

ඒ පිලිබඳ මනා සාක්ෂි සපයමින් ඇය 2023 WBC ශුරතාවලියේ රිදී පදක්කමද දිනා ගැනීමට සමත් වුණා. KFL තරගාවලිය ගැන අදහස් දැක්වූ පවනි දිලංකා සඳහන් කලේ කුඩා අවධියේම තමන්ට මෙවැනි ජාත්‍යන්තර ගනයේ අත්දැකීමක් ලංකාව තුලදී ලබා ගැනීමට හැකි වීම ගැන සතුටු වන බවයි .




Divya "Chaos Pixie"
දිව්‍යා  අබේසිංහ

Divya

සටන් කලාවට සම්බන්ධ පවුල් පරිසරයකින් පැවත එන දිව්‍යා අබේසිංහ  KFL තරගාවලියේ සිටින තවත් සුරූපී තරඟකාරීයක්.

වෘත්තීයෙන් නීතිඥවරියක් වන ඇයද තම මංගල ජයග්‍රහණය සොයා KFL සටන් කවයට එක්වනවා.

ඉදිරියට සටන් කලාවට එක්කවන තරුණියන් වෙනුවෙන් දිව්‍යා පැවසුවේ කාන්තාවක් ලෙස තම   පෞරුෂය  දියුණු කර ගැනීමට මේ තුළින් ඉඩකඩ ලැබෙන බවයි.


(සටහන - ලක්මාල් රණබාහු)





සබැඳි ලිපි

Karma Fight League සටන් රාත්‍රීය අගෝ. 26

Karma Fight League සටන් ක්‍රීඩා තරගාවලිය අගෝ. 26 රාත්‍රී

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්