ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තීරණාත්මක තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) පස්වරු 03ට ආරම්භ වීමට නියමිතය. 

මෙම තරගයේ තීරණය මත අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වනු ඇත. 

මේ වන විට පැවති තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් පකිස්තානය තුන්වන ස්ථානයේත් පසුවේ.

දෙපිලටම හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 04කි. 

ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී.

යම් හෙයකින් වර්ෂාව හේතුවෙන් අද තරගය අත්හැර දැමුවහොත් ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසිය හැකියි.  ඒ, ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පකිස්තානයට වඩා ඉහල අගයක පැවතීම හේතුවෙනි.

මෙම තරගයට අතිරේක දිනයක් ලබාදී නොමැති බැවින් අද දිනයේම එහි තීරණය ලැබෙනු ඇත. 

යම් හෙයකින් තරගය ලකුණු සම වුවහොත් ප්‍රසාද ලකුණු වේගය මත ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි. ඒ, මෙම තරගයේදී සුපර් ඕවර් ක්‍රියාත්මක නොවීම හේතුවෙනි. 

ඉන්දියාව මේ වන විටත් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබේ. 

බංග්ලාදේශය සුපිරි 4 දෙනාගේ වටයේ මේ දක්වා එකම තරගයක් හො ජයගෙන නොමැති බැවින්, ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් නැත. ලබන සිකුරාදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය ජයගත්තද, බංග්ලාදේශයට හිමිවන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2 කි. එය අවසන් තරගයට පිවිසීමට ප්‍රමාණවත් නොවේ.

Screenshot 2023 09 14 at 11.33.59


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්