2023 ශ්‍රී ලංකා රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේදී ජයග්‍රහණය හිමිකර ගැනීමට පොලිස් දෙපාර්තුමේන්තු ක්‍රීඩක ක්‍රිඩීකාවන් සමත් වී තිබෙනවා.
එම තරගාවලිය මෙවර පැවැත්වුයේ බණ්ඩාරවෙල මහජන ක්‍රිඩාංගනයේදීයි.
ඊට දැල් පන්දු ක්‍රීඩා සමාජ 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300දෙනෙකු පමණ සහභාගී වි තිබෙනවා.
එහිදි කාන්තා, පිරිමි, මිශ්‍ර සහ ප්‍රවීණයන්ගේ ඉසව් යටතේ තරඟ පැවති අතර පොලිස් දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් ක්‍රිඩකයින් 23 දෙනෙකු ඊට සහභාගි වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙපාර්තුමේන්තුව පැවසුවේ.
එහිදි මිශ්‍ර දැල් පන්දු ශූරතාවය සහ පිරිමි දැල් පන්දු ශූරතාවය දිනා ගැනිමට පොලිස් දෙපාර්තුමේන්තු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී තිබෙනවා.
පොලිස් දෙපාර්තුමේන්තු දැල් පන්දු කණ්ඩායමේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද කටයුතු කරනු ලබනවා.
(nethnews.lk)