ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකයේ හිමිකාරයා වන ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වල්

ගොල්ෆ් කරත්තයකින් බිමට වැටීමෙන් තුවාල ලබා සිටිනවා. මේ හේතුවෙන් නොවැම්බර් 4 වැනිදා එංගලන්තය සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගයට ඔහු සහභාගි වන්නේ නැහැ.

නවසිලන්තය හා එංගලන්තය ට එරෙහි තරග අතරමැද ලැබුනු සතියක නිවාඩුවකදී කණ්ඩායමේ සගයන් සමග පසුගිය සඳුදා ගොල්ෆ් වටයක් ක්‍රීඩා කිරීමෙන් පසුව ගොල්ෆ් කරත්තයක නැග යන අතරතුර බිමට වැටීමෙන් මැක්ස්වල්ගේ මොළයේ සෙලවීමක් ඇති වී මුහුණේ සීරීම් ද සිදුව තිබෙනවා.

මේ තුන් ඉරියව් ක්‍රීඩකයා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන්නේ ඔහු පිත්තෙන් මැද පෙලේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතරතුර ඇඩම් සම්පා සමග දඟ පන්දු යැවීමේ කාර්යය ද බෙදා ගන්නා බැවින්.

පසුගිය සතියේ දිල්ලියේදී මේ ආක්‍රමණශීලී පිතිකරුවා නෙදර්ලන්තය ට එරෙහිව පන්දු 40කින් ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙය මැක්ස්වල් වසරකට අඩු කාලයක් ඇතුළත ආබාධයකට ලක්වූ දෙවැනි අවස්ථාවයි. මෙල්බර්න් නුවර පසුගිය නොවැම්බරයේ පැවති උපන්දින සාදයකදී ඔහු කකුලක් කඩා ගත් අතර වාර්තා වන පරිදි ඔහු එයින් තවමත් සම්පූර්ණ සුවය ලබා නැහැ.

මෙවැනි අනතුරකදී අනුගමනය කළ යුතු දින හයේ සිට අට දක්වා වන ප්‍රතිකාරවල මැක්ස්වල් නියැලෙනු ඇති බැවින් ලබන 4 වැනිදා තරගයට ඔහු සහභාගි නොවන බව ඔස්ට්‍රේලියා පුහුණුකරු ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් ප්‍රකාශ කර තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්