ලෝකයේ සරාගීම පාපන්දු ක්‍රීඩිකාව ලෙසින් හැඳින්වෙන ස්විට්සලන්තයේ එලීෂා ලේමන් සමාජ මාධ්‍යවල නින්දිත සටහන් තබන පුද්ගලයින්ගේ අලුත් ම ඉලක්කය බවට පත්ව සිටිනවා. 


ඒ, ස්පාඤ්ඤය සමග ඇගේ මව්බිමේ පැවති ස්විට්සලන්තය ගෝල් 7-1කින් අන්ත පරාජයක් ලැබූ තරගයේ ඇය ‘මේක්-අප්’වලින් සැරසී ක්‍රීඩා කිරීම නිසා. 

සමාජ මාධ්‍යවල වැඩි ම අනුගාමිකයන් පිරිසක් සිටින කාන්තා පාපන්දු ක්‍රීඩිකාව ද වන ඇය ‘නේෂන්ස් ලීග්’ තරගාවලියේ ස්පාඤ්ඤය ට එරෙහි තරගයේ ස්විට්සලන්ත ආරම්භක ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙක්ව සිටියත් පරාජය වැළැක්වීමට ඇය ට නොහැකි වුනා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිතා කරන සමහරු ඇය තරගයේ ක්‍රීඩා කරන අවස්ථාවේ වේෂ නිරූපණය කරගෙන සිටීම පිළිබඳව ඇය ට පහර දීමට තීරණය කර තිබෙනවා.

20230130104748889
ඉන් එක් අයෙක් මෙසේ ලියා තිබෙනවා: “තමන්ගෙ රටේදී ම ගෝල් 1-7කින් පරදින්න ඔච්චර ‘මේක්-අප්’!”

මේ තවත් කෙනෙකුගේ සටහනක්: “තරගයක් ‘මේක්-අප්’ දාගෙන ක්‍රීඩා කළ එක ම කෙනා බවට පත්වුනු මෝඩ පුද්ගලයෙකුගේ හැඟීම දැනිලා තිබෙනවාද?”

“තරගයකට ඔච්චර ‘මේක්-අප්’ මොකටද” යනුවෙන් ‘ඉන්ස්ටග්‍රෑම්’ භාවිතා කරන්නෙක් ලියා තිබුනු අතර තවෙකෙක් තැබූ සටහනකින් කියවුනේ, “අඩුවෙන් ‘මේක්-අප්’...වැඩියෙන් ගෝල්” යනුවෙන්.

මේ සුරූපී ක්‍රීඩිකාව ට මිලියන 16ක ‘ඉන්ස්ටග්‍රෑම්’ අනුගාමික පිරිසක් ඉන්නවා.

alisha lehmann
“කුස්සිය ට වෙලා ඉන්න” යැයි කියමින් නින්දිත පණිවුඩ එවන පුද්ගලයන් පිළිබඳව කතා කරමින් එලීෂා පවසන්නේ ඒ ප්‍රකාශවලින් තමා ට ශක්තියක් ලැබෙන බව.

කාන්තාවන්ට පාපන්දු ක්‍රීඩා කළ නොහැකි බවත් ඔවුන් සිටිය යුත්තේ ගෙදර කුස්සියේ බවටත් බොහෝ අවස්ථාවලදී පුද්ගලයන් කියා සිටින්නේ යැයි ඇය ප්‍රකාශ කරනවා. 

“ඇත්ත ට ම මම හිතන්නේ මොනවද කියලා දන්නවාද? පැහිදිලිවම එය කියන්න හොඳ දේවල් නෙවෙයි. මොකද, අපි සෑම දිනකම ඉතාමත් වෙහෙස වෙලා පුහුණු වෙනවා. නමුත් මෙවැනි කියමන්වලින් වෙන්නේ මගේ ශක්තිය වැඩිවන එකයි.”

“සමාජ මාධ්‍යවල පළවන මේ ප්‍රකාශ මගේ අම්මා මට එවන නිසා මට මහත් අපහසුවක් දැනෙනවා. එතකොට මම එයා ට මෙහෙම කියනවා: අම්මා ඕවා කියවන්න එපා. මම කවදාවත් කියවන්නේ නැහැ.”

“ඇත්ත ම කියනවා නම් මම මේ ප්‍රකාශ තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. මම ඒවා දිහා බලන්නෙවත් ඒවා කියවන්නෙවත් නැහැ. මම ඒවා ඉවත් කරලා හොඳ ප්‍රකාශයන් විතරක් ගැන අවධානය යොමු කරනවා.”

“කම්පියුටරයකට මුවා වෙලා ඕන දෙයක් කියන්න ලේසියි. මිනිස්සු අපේ කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් ඉස්සරහට ඇවිත් ‘ඔයා ට ක්‍රීඩා කරන්න බැහැ’ කියලා ප්‍රකාශ කරයි කියා මම හිතන්නේ නැහැ.”

0saz46Y6Hu9JGhL3A

දිනෙන් දින වැඩිවන අනුගාමිකයන් තමන්ට සිටියත් තමා සමාජ මාධ්‍යයේ හැඟීම් අවුස්සන කෙනෙක් වීමට කිසිවිටෙකත් ක්‍රියා නොකළ බව ස්විට්සලන්තයේ උපත ලැබූ මේ ලස්සන ක්‍රීඩිකාව පවසනවා.

“මාව දන්න මිනිස්සු හැමවිටම මා තුළ සිටින පාපන්දු ක්‍රීඩිකාව දකිනවා. මම මගේ මිතුරු මිතුරියන් හා පවුලේ අයත් එකක් ඉන්න හැම වෙලාවකම කතා කරන්නේ පාපන්දුව ගැනයි.”

“පාපන්දු ක්‍රීඩාව හැමවිටම මගේ ඇඟේ තිබිලා තියෙනවා. එය මගේ හදවත ට කිඳා බැස තියෙන්නේ මම හැම වෙලේම කළේ පාපන්දු ක්‍රීඩා කිරීම නිසා. අනෙක් සියල්ල ආවේ කාලයත් එක්ක.”

GettyImages 1250834993 lehmann 1120
“පැහැදිලිවම මට ගොඩක් අනුගාමිකයන් ඉන්නවා. නමුත් එහෙම දෙයක් ලබා ගන්න මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. මම ඔහේ සෙල්ලම් කරමින් මගේ ජීවිතය බෙදා ගත්තා. මෙහෙම වුනේ මං දන්නෙවත් නැතුවයි.”

මෑතකදී එලීෂා ලේමන් මාධ්‍ය සිරස්තල බවට පත්වුනේ ලොව A ලැයිස්තුවේ සිටින ප්‍රභූවරයෙක් තමා සමග එක් රාත්‍රියක් ගත කිරීම සඳහා පවුම් 90,000ක් දීමට කැමැත්ත පළ කළ බව ඇය විසින් අනාවරණය කිරීම නිසාවෙන්.

සටහන : 

බොරිස් බෙක සිරදඬුවමෙන් පසු නැවත ජගත් ටෙනිස් පිටියට(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්