ස්පාඤ්ඤ පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ ම තලයේ තරගාවලිය වන La Liga හි තරග වදින ජනප්‍රිය කණ්ඩායමක් වන ‘රෙයාල් මෙඩ්‍රිඩ්’ නමැති ස්පාඤ්ඤ වෘත්තීය පාපන්දු ක්‍රීඩා

සමාජය ට එක්වීමට යන 17 හැවිරිදි එන්ඩ්‍රික්ගේ ක්‍රීඩා දිවියේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් සලකුණු වෙමින් බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායමට ඔහු කැඳවා තිබෙනවා.

මේ මස පැවැත්වීමට නියමිත බ්‍රසීලයේ 2026 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා වන බ්‍රසීල සංචිතය පසුගිය සඳුදා නම් කළ බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ෆනැන්ඩෝ ඩිනස්  (Fernando Diniz) අනාවරණය කර සිටියේ නවක ක්‍රීඩක එන්ඩ්‍රික් (Endrick) ප්‍රථම වතාවට ජාතික කණ්ඩායමේ සිටිනු දක්නට ලැබෙනු ඇති බව.

1440393265.0

මේ අනුව දකුණු අමෙරිකාවේ එක් ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ‘පැල්මේරස්’ (Palmeiras) බ්‍රසීල වෘත්තීය පාපන්දු සමාජයෙන් ගැලවී යන මේ පාපන්දු තරුව 1994 වසරේ රොනාල්ඩො නසරියෝ (Ronaldo Nazario) ට පසුව බ්‍රසීල ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සඳහා කැඳවුමක් ලද වයසින් අඩු ම පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙනවා.

ronaldo luis nazario de lima 1472042256 5977

රොනාල්ඩො නසරියෝ

ප්‍රතිමාමය ආක්‍රමණශීලී ක්‍රීඩකයෙකු වන නසරියෝ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන අතර ඔහු බ්‍රසීලය සමග දෙවතාවක් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුනා.

“ඒ වගේම විශිෂ්ට ක්‍රීඩකයෙකු වීමේ හැකියාව එන්ඩ්‍රික්ටත් තියෙනවා” යැයි ඩිනස් කියනවා. “මේ කැඳවීම ඔහුට පීඩනයක් ගෙන දෙන්නක් නෙවෙයි. එය ත්‍යාගයක් සහ මේ ළමයා අනාගතයේදී පත්විය හැකි ක්‍රීඩකයා පිළිබඳ වන දැක්මක්.” 

“2006දී ඉපදුනු කොල්ලෙක් පෙන්වන දස්කම් මගේ අවධානයට යොමු වී තිබෙනවා. මේ වෙලාවේ, ඔහු බ්‍රසීලයේ ඉන්න විශිෂ්ට කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරමින් ඔවුන් සමග කරට කර නැගී සිටිමින් ඔහුගේ ක්‍රීඩාවේ හොඳම අවධිය අත්විඳිනවා.”

2024 වසරේ ජූලි මාසයේ එන්ඩ්‍රික් 18 වැනි වියට පා තැබීමෙන් පසුව තම ක්‍රීඩා සමාජයට එක්වීම සඳහා ඔහු සමග යුරෝ මිලියන 70ක් (ඩොලර් මිලියන 74.77) වටිනා එකඟත්වයකට පිවිස ඇතැයි ස්පාඤ්ඤ පාපන්දු යෝධයෙකු වන රෙයාල් මෙඩ්‍රිඩ් (Real Madrid) පසුගිය වසරේ දෙසැම්බරයේදී නිවේදනය කළා.

මේ ආශ්චර්යමත් පාපන්දු ක්‍රීඩකයා කරළියට පිවිසියේ රෙයාල් මෙඩ්‍රිඩ් සමග අත්සන් කිරීමට පෙර පැල්මේරස් බ්‍රසීල පාපන්දු සමාජ කණ්ඩායම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මිනිත්තු 307ක් පමණක් ක්‍රීඩා කරමින්. ස්පාඤ්ඤය කරා යාමට කාලය එළඹෙන තුරු ඔහු පැල්මේරස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටිනවා.

එන්ඩ්‍රික් පසුගිය වසරේ කටාර් හි පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර රොනාල්ඩෝගේ ප්‍රශංසාව හිමිකර ගැනීමට සමත් වුනේ පළපුරුද්ද ලබා ගැනීම පිණිස එන්ඩ්‍රික් එම තරගාවලියට ගෙන ආ යුතුව තිබුනු බවට රොනාල්ඩෝ ප්‍රකාශ කිරීම නිසා.

skysports endrick palmeiras 5962099
“එන්ඩ්‍රික් වැනි තරුණ ක්‍රීඩකයෙක් රැගෙන යාමට පුළුවන්කමක් තියෙනවා නම් එය 1994දී මාව ගෙන ගිය අවස්ථාවට ගොඩාක් සමාන වන ක්‍රියාවක් වේවි කියලා ලෝක කුසලාන තරගාවලියට පෙර මම කිවුවා. එය ඔහුගේ ජීවිතයට සිත්ගන්නා බලපෑමක් වනු ඇතැයි මම කීවා” යනුවෙන් හිටපු ‘රෙයාල් මෙඩ්‍රිඩ්’  සුපිරි තරුව පැවසුවා.

පැල්මේරස් කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ මංගල තරගයට ක්‍රීඩා කරමින් ගෝල් ලබා ගත් ළාබාලතම ක්‍රීඩකයා බවට එන්ඩ්‍රික් පත්ව සිටිනවා. මීට අමතරව, එම ක්‍රීඩා සමාජ ඉතිහාසයේ සෑම වයස් මට්ටමකම කුසලාන දිනා ගත් එක ම ක්‍රීඩකයා වන්නේ ද එන්ඩ්‍රික්.

ඔහු අවසන් වතාවට ක්‍රීඩා කළ තරග දෙකේදී ගෝල් තුනක් ලබා ගෙන සිටින අතර පැල්මේරස් වෙනුවෙන් තරග 54කදී ගෝල් 14ක් ලබා ගෙන තිබෙනවා.

1440397545.0
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී කොලොම්බියාව සමග නොවැම්බර් 16 වැනිදා තරග වැදීම පිණිස බ්‍රසීල කණ්ඩායම කොලොම්බියාවට යාමට නියමිතව තිබෙන අතර ඊට දින පහකට පසුව ඔවුන් ලෝක ශූර ආජන්ටිනාව සමග තරගයට සත්කාරකත්වය දරනවා.

පසුගිය ඔක්තෝබරයේ සිදුවූ ආබාධයක් හේතුවෙන් බ්‍රසීලය තරග කරන්නේ ඔවුන්ගේ නායකයා සහ බ්‍රසීලයේ වැඩිම ගෝල්ලාභියා වන නෙයිමා (Neymar) නොමැතිව.



සටහන : 

දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩකයාට මරණ තර්ජන(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්