නෙස්ලේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා අර්ධ මැරතන් බාලක තරගයේ (Half marathon boys) ප්‍රථම ස්ථානය

දිනා ගැනීමට සබරගමුව පළාතේ රත්නපුර විද්‍යාරාජ විදුහලේ ඩී.ඒ.ඩී.ජී.පෙරමුණේ ක්‍රීඩකයා සමත් වුනා.

ගාල්ල නගරයේදී කිලෝමීටර් 21ක දුර ප්‍රමාණයක ඊයේ (11) පැවති මේ අර්ධ මැරතන් තරගය පෙරමුණේ ජයග්‍රහණය කළේ පැයයි මිනිත්තු 16.22කින්.

උතුර පළාතේ කිලිනොච්චි මුලන්කාවිල් මැදි විදුහලේ එස්.කීරන් පැයයි මිනිත්තු 17.22ක කාලයක් සටහන් කරමින් තරගයේ දෙවැනි ස්ථානයත්, ඌව පළාතේ උක්පිටිය මහ විදුහලේ ඊ.ජී.ලසිත ප්‍රදීප් පැයයි මිනිත්තු 18.13ක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයත් හිමිකර ගත්තා.

මේ වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා සම්පූර්ණ කිරීමට අවශ්‍යව තිබූ නෙස්ලේ මැරතන් තරග ගාල්ල නගරයේදී ඊයේ (11) අවසන් වුනේ සාර්ථක අයුරින්. නෙස්ලේ ලංකා ආයතනය, අධ්‍යාපන අමාත්‍යංශය සමග සම්බන්ධ වෙමින් මේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2023 මැරතන් තරග සංවිධානය කර තිබුනා.

දිවයිනේ පළාත් නවයෙන් ම 300කට අධික තරගකරුවන් මේ අර්ධ මැරතන් තරගයට සහභාගි වුනා. මීට අමතරව කිලෝමීටර් 5ක පැවති ප්‍රදර්ශන මැරතන් තරගයට 1400 දෙනෙකු සහභාගි වීම විශේෂත්වයක්.

ගාල්ල නගරය හරහා මාර්ග දෙකක් ඔස්සේ පැවති මැරතන් තරගවලට පමණක් තරුණ මලල ක්‍රීඩකයින් 1200කට වැඩි පිරිසක් සහභාගි වුනු බව වාර්තා වෙනවා.

fdt643ඡායාරූපය වමේ සිට: ක්‍රිෂාන් දුමින්ද (දකුණු පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ), උපාලි අමරතුංග (අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ), චන්න උපාලි වීරසේකර (දකුණු පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂ), සතිෂ් ගමගේ (ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී), රන්ජිත් යාපා (දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්), ආචාර්ය විලී ගමගේ (දකුණු පළාත් අග්‍රාණ්ඩුකාර), බර්නාඩ් ස්ටෙෆාන් (නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ), රුවන් වැලිකල (නෙස්ලේ ලංකා අධ්‍යක්ෂ), ජගත් වෙදගේ (නෙස්ලේ ලංකා අලෙවි අධ්‍යක්ෂ), බන්දුල එගොඩගේ (නෙස්ලේ ලංකා උපසභාපති) තරගයේ ජයග්‍රාහකයන් සමග.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්