The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝට කෙරෙන නොනවතින සරදම

T

The Leader Desk

March 6, 2024 • 7:51 AM

රොනාල්ඩෝට කෙරෙන නොනවතින සරදම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞදි අරාබියේ වෘත්තීය පාපන්දු ලීගයේ ක්‍රීඩා කරන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ඔහුගේ පරම ප්‍රතිවාදියා වන ලිඔනල් මෙසීගේ නම කෑගසමින්
  • අල්-අයින් කණ්ඩාමට එරෙහිව ගෝල් 1-0ක පරාජයක් අල්-නසර් කණ්ඩායම ලැබූ සඳුදා රාත්‍රී තරගයේදීත් ක්‍රීඩා ලෝලීන් නැවත වතාවක් මෙසීගේ නම සඳහන් කර ඇනුම් පද කියමින් රොනාල්ඩෝ ට විහිළු කළා.
  •   මෙයින් රොනාල්ඩෝ ඉමහත් කලකිරීමට පත්ව සිටි අයුරු X සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවක දැක්වෙනවා.
  •   තරගයේ සම්පූර්ණ මිනිත්තු 90 ම ක්‍රීඩා කළ ද අවසානයේ රොනාල්ඩෝ සිටියේ පරාජිත පිලේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සරදම් කිරීමේ අවසානයක් පෙනෙන්නට නැහැ.

අල්-අයින් කණ්ඩාමට එරෙහිව ගෝල් 1-0ක පරාජයක් අල්-නසර් කණ්ඩායම ලැබූ සඳුදා රාත්‍රී තරගයේදීත් ක්‍රීඩා ලෝලීන් නැවත වතාවක් මෙසීගේ නම සඳහන් කර ඇනුම් පද කියමින් රොනාල්ඩෝ ට විහිළු කළා.

 

මෙසීගේ නම මතුරමින් රොනාල්ඩෝ විහිළුවට ලක්කළ ක්‍රීඩා ලෝලීන් ට අසභ්‍ය අයුරින් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සෞදි වෘත්තීය පාපන්දු බළධාරීන් විසින් ඔහුට තරග තහනමක් හා දඩයක් පැනවූයේ පසුගිය සතියේදී. 

 

0 Al Shabab v Al Nassr Saudi Pro League

 

AFC චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව තරගයේදී රොනාල්ඩෝ යළිත් වතාවක් මේ තත්ත්වයට බඳුන් වීමෙන් හැඟී යන්නේ රොනාල්ඩෝ ට මෙසීගේ නම කියමින් විහිළු කිරීම ක්‍රීඩා ලෝලීන් නතර නොකරණ බව.

තරගයේ පළමු භාගය අවසානයේ අල්-නසර් සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ පිටියෙන් පිටතට යද්දී සෙනඟ ‘මෙසී, මෙසී’ කියමින් ඔහුට සරදම් කළා.

 

WhatsApp Image 2024 03 06 at 12.55.52
මෙයින් රොනාල්ඩෝ ඉමහත් කලකිරීමට පත්ව සිටි අයුරු X සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවක දැක්වෙනවා.

 



තරගයේ සම්පූර්ණ මිනිත්තු 90 ම ක්‍රීඩා කළ ද අවසානයේ රොනාල්ඩෝ සිටියේ පරාජිත පිලේ.


  සටහන :
 (වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
 gunasekera33@gmail.com

 


සබැඳි පුවත් :

දඩ මුදල උපයන්න රොනාල්ඩෝට ගත වෙන්නේ මිනිත්තු 19යි

සෞදියේ රොනාල්ඩෝගේ අශෝභන හැසිරීමට දඬුවම් ලැබේවි ද?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...