The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නිවුස්ටෙඩ් විදුහලේ අකීෂා හිරුන්දි ආසියානු ටෙනිස් අවසන් තරග කණ්ඩායමට

T

The Leader Desk

March 6, 2024 • 10:07 AM

නිවුස්ටෙඩ් විදුහලේ අකීෂා හිරුන්දි ආසියානු ටෙනිස් අවසන් තරග කණ්ඩායමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දියුණුගේ අකීෂා හිරුන්දි සිල්වා
  • අකීෂා හිරුන්දි මේ අවසාන මහා තරගයේ ක්‍රීඩා කිරීම පිණිස සුදුසුකම් ලබා ගත්තේ වියට්නාමයේ පැවති ITF Asia 14 & Under Development ශූරතාවලියේදී ප්‍රදර්ශනය කළ විශේෂ දස්කම් මත.
  • රටවල් 7කින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් මේ තරගාවලියට සහභාගි වූ අතර එම සියළු ක්‍රීඩිකාවන් අතරින් අවසාන තරගය සඳහා තෝරා ගත් කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ඇතුළත් වීම විශේෂත්වයක්.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ ආසියානු වයස අවුරුදු 14 හා ඊට අඩු සංවර්ධන ශූරතාවලියේ - ITF Asia 14 & Under Development Championships 2024 - අවසාන තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මීගමුව නිවුස්ටෙඩ් බාලිකා විදුහලේ දියුණුගේ අකීෂා හිරුන්දි සිල්වා සමත්ව සිටිනවා.

 

මේ අනුව, මැලේසියාවේ කුෂුං හි අප්‍රේල් 8 සිට 19 දක්වා පැවැත්වෙන අවසාන තරගයේදී SA/SEA/EA කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අකීෂාව තෝරා ගෙන තිබෙනවා.


අකීෂා හිරුන්දි මේ අවසාන මහා තරගයේ ක්‍රීඩා කිරීම පිණිස සුදුසුකම් ලබා ගත්තේ වියට්නාමයේ පැවති ITF Asia 14 & Under Development ශූරතාවලියේදී ප්‍රදර්ශනය කළ විශේෂ දස්කම් මත. රටවල් 7කින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් මේ තරගාවලියට සහභාගි වූ අතර එම සියළු ක්‍රීඩිකාවන් අතරින් අවසාන තරගය සඳහා තෝරා ගත් කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ඇතුළත් වීම විශේෂත්වයක්.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...