The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හිටපු හෙවිවේට් ශූර ජොෂූආ සහ මිශ්‍ර සටන් කලා ශූර එන්ගානෝ අතර තීරණාත්මක බොක්සිං සටනක්

T

The Leader Desk

March 7, 2024 • 10:56 AM

හිටපු හෙවිවේට් ශූර ජොෂූආ සහ මිශ්‍ර සටන් කලා ශූර එන්ගානෝ අතර තීරණාත්මක බොක්සිං සටනක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොක්සිං ලෝකය මහත් උනන්දුවෙන් බලා සිටින සටනක් සිකුරාදා (8) සෞදි අරාබියේදී පැවැත්වෙනවා.
  • ඔහු තරගයේ තෙවැනි වටයේදී දරුණු පහරක් එල්ල කරමින් ෆියරී බිම හෙළීමට පවා සමත් වූ අතර බොහෝ දෙනා සිතුවේ ඒ රාත්‍රියේ වඩාත් හොඳ ක්‍රීඩකයා වූයේ එන්ගානෝ බව.
  • එහෙත් අවසානයේ ෆියරී තරග විනිසුරුවන් ලබා දුන් ලකුණු ප්‍රමාණය මත ජයග්‍රාහකයා බවට තීරණය කෙරුනේ මතභේදාත්මක අයුරින්.
  • ඔහු සිකුරාදා සිවුවැනි කිරුළක් හඹා යන්නේ 2022 අගෝස්තුවේදී යුක්රේනයේ  ඔලෙක්සැන්ඩ යූසෙක් (Oleksandr Usyk) ට පරාජය වී තමන් සතුව තිබූ WBO, WBA හා IBF හෙවිවේට් ශූරතා තුන ම අහිමි කර ගැනීමෙන් පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන මේ තරගය පැවැත්වෙන්නේ ඇන්ටනී ජොෂූආ (Anthony Joshua) සහ ෆ්‍රන්සිස් එන්ගානෝ (Francis Ngannou) අතර.

බ්‍රිතාන්‍ය වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වන ජොෂූආ දෙවතාවක් හෙවිවේට් කිරුළ දිනා ගත් හිටපු හෙවිවේට් ශූරයෙක්. UFC (Ultimate Fighting Championship) මිශ්‍ර සටන් කලාවේ සිට වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට පිවිසි කැමරූන්-ප්‍රංශ ජාතික එන්ගානෝ මිශ්‍ර සටන් කලාවේ පුරාවෘත්ත ක්‍රීඩකයෙක්. ඔහු එම සටන් කලාවේ සිට බොක්සිං ක්‍රීඩාවට මාරු වූයේ UFC හෙවිවේට් ශූරයාව සිටියදී.

anthony joshua francis ngannou face off for the first time ahead of riyadh fight

 

මේ දෙදෙනා අතර හෙට පැවැත්වෙන්නේ වට දහයකින් යුත් බොක්සිං සටනක්.

එන්ගොනෝ පසුගිය ඔක්තෝබරයේ පැවති ඔහුගේ මංගල වෘත්තීය බොක්සිං තරගයේදී මුළු මහත් බොක්සිං ක්ෂේත්‍රය අන්දමන්ද කළේ WBC හෙවිවේට් ශූරයා වන ටයිසන් ෆියරී (Tyson Fury) පරාජය කිරීමේ ආසන්නයටම පැමිණෙමින්. ඔහු තරගයේ තෙවැනි වටයේදී දරුණු පහරක් එල්ල කරමින් ෆියරී බිම හෙළීමට පවා සමත් වූ අතර බොහෝ දෙනා සිතුවේ ඒ රාත්‍රියේ වඩාත් හොඳ ක්‍රීඩකයා වූයේ එන්ගානෝ බව. එහෙත් අවසානයේ ෆියරී තරග විනිසුරුවන් ලබා දුන් ලකුණු ප්‍රමාණය මත ජයග්‍රාහකයා බවට තීරණය කෙරුනේ මතභේදාත්මක අයුරින්. එන්ගොනෝ ට දැන් තවත් ලෝක මට්ටමේ ප්‍රතිවාදියෙක් සමග ගැටීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

 



ජොෂූආ හිටපු ත්‍රිත්ව ශූරතා ලෝක හෙවිවේට් බොක්සිං ශූරයෙක්. ඔහු සිකුරාදා සිවුවැනි කිරුළක් හඹා යන්නේ 2022 අගෝස්තුවේදී යුක්රේනයේ  ඔලෙක්සැන්ඩ යූසෙක් (Oleksandr Usyk) ට පරාජය වී තමන් සතුව තිබූ WBO, WBA හා IBF හෙවිවේට් ශූරතා තුන ම අහිමි කර ගැනීමෙන් පසුව.

යූසෙක් හා ෆියරී මැයි 18 වැනිදා තරග වැදීමට දැන් නියමිතව තිබෙන්නේ මේ දෙදෙනා සතුව තිබෙන WBC, WBO, WBA හා IBF යන ජගත් හෙවිවේට් බොක්සිං තරග බිමේ ශූරතා හතර ම ඒකාබද්ධ කරමින් අවිවාදිත මතභේදයකින් තොර ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා තේරීම පිණිස.

joshua francis 20240115 ftr 199t7x5j9gp0d1ehusms9xxdta

 

ජොෂූආ සහ එන්ගානෝ අතර තරගයේ ජයග්‍රාහකයාව, ඒකාබද්ධ වන හෙවිවේට් ශූරතාවට අභියෝග කිරීම පිණිස සූදානම් කරන්නේ ඉන්පසුව.

මේ නිසා හෙට සෞදියේ රියාද් නුවර පැවැත්වෙන්නේ ලොව ඉහළ ම පෙලේ බොක්සිං ක්‍රීඩා ජීවිත හා ශූරතා තීරණය කෙරෙන සටනක්. 

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හිටපු හෙවිවේට් ශූර ජොෂූආ සහ මිශ්‍ර සටන් කලා ශූර එන්ගානෝ අතර තීරණාත්මක බොක්සිං සටනක් | The Leader