The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අද රාත්‍රියේ සෞදි බොක්සිං වළල්ලට පා තැබීමටත් පෙර ඇන්ටනී ජොෂූආ උපයන මුදල

T

The Leader Desk

March 8, 2024 • 9:47 AM

අද රාත්‍රියේ සෞදි බොක්සිං වළල්ලට පා තැබීමටත් පෙර ඇන්ටනී ජොෂූආ උපයන මුදල 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිශ්‍ර සටන් කලාවේ සිට බොක්සිං ක්‍රීඩාවට මාරු වූ ෆ්‍රන්සිස් එන්ගානෝ සමග සටන් කිරීම සඳහා අද රාත්‍රියේ සෞදි අරාබියේ ‘කිංග්ඩම් එරීනා’
  • මෙය ඔහු 2021 වසරේ සැප්තැම්බර් මාසයේ ලන්ඩනයේදී ඔලෙක්සැන්ඩ යූසෙක් සමග ප්‍රථම වතාවට තරග වැදුනු අවස්ථාවේදී පසුම්බියට දමා ගත් මුදල් ප්‍රමාණයට වඩා හතර ගුණයකින් වැඩි මුදලක්.
  •   2023 වසරේ ලොව වැඩිම මුදලක් ගෙවනු ලැබූ ක්‍රීඩකයන්ගේ ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුවේ ඇන්ටනී ජොෂූආ සිටින්නේ 28 වැනි ස්ථානයේ.
  • ඒ, පවුම් මිලියන 41ක් (ඩොලර් මිලියන 53) උපයා ගැනීමෙන් පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):

බොක්සිං වළල්ලට පය තැබීමටත් පෙර හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර ඇන්ටනී ජොෂූආ උපයන මුදල පවුම් මිලියන 39ක් (ඩොලර් මිලියන 50).

මෙය ඔහු 2021 වසරේ සැප්තැම්බර් මාසයේ ලන්ඩනයේදී ඔලෙක්සැන්ඩ යූසෙක් සමග ප්‍රථම වතාවට තරග වැදුනු අවස්ථාවේදී පසුම්බියට දමා ගත් මුදල් ප්‍රමාණයට වඩා හතර ගුණයකින් වැඩි මුදලක්.

 

Anthony Joshua

2023 වසරේ ලොව වැඩිම මුදලක් ගෙවනු ලැබූ ක්‍රීඩකයන්ගේ ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුවේ ඇන්ටනී ජොෂූආ සිටින්නේ 28 වැනි ස්ථානයේ. ඒ, පවුම් මිලියන 41ක් (ඩොලර් මිලියන 53) උපයා ගැනීමෙන් පසුව. බොක්සිං වළල්ලට පිවිසෙන සෑම මොහොතකම ජොෂූආ මුදල් උපයන්නේ ඩොලර් මිලියන ගණනින්.

බොක්සිං ලෝකයට සෞදි අරාබියේ තිබෙන බලපෑමට ස්තූතිවන්ත වන්නට, ජොෂූආගේ ශුද්ධ උපයා ගැනීම ඉදිරි වසරවලදී නැවත වතාවක් ඉහළ යාමටයි නියමිතව තිබෙන්නේ.

 

1 16a0806e757.611186 228206063 16a0806e757 medium

බොක්සිං වෙළඳ පොළට සෞදි අරාබිය ඇතුළු වීමෙන් පසුව ජොෂූආ, යූසෙක් හා ටයිසන් ෆියරී වැනි සටන්කරුවන්ට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ජොෂූආගේ ප්‍රථම මැද පෙරදිග තරගය සිදුවුනේ 2019 වසරේදී. ඔහු සිය IBF, IBO, WBA හා WBO හෙවිවේට් ශූරතාවන්ගේ අයිතිය Andy Ruiz Jr.ගෙන් නැවත ලබා ගත්තේ ඒ අවස්ථාවේදී.

Ruiz සමග කළින් පැවති තරගයේදී අහිමි වූ ඒ කිරුළු ජොෂූආ යළි අයිති කරගත් එම තරගය වාර්තාගත ආදායම් ඉපයූ සටනක්.

 

 

සෞදි අරාබියේ තරග කිරීම බොක්සිං ක්‍රීඩකයන්ට වැඩි ආදායමක් ගෙන දෙන බව පැහැදිලිව පෙනී යන්නේ, පසුගිය වසරේදී එන්ගානෝ ට එරෙහිව කළ සටනේදී ටයිසන් ෆියරී පවුම් මිලියන 39ක් (ඩොලර් මිලියන50) උපයා ගැනීමෙන්. පරාජිත එන්ගානෝ නිවෙසට ගෙන ගිය මුදල පවුම් මිලියන 8.2ක් (ඩොලර් මිලියන 10).

2012 වසරේදී ආධුනිකයෙකු ලෙස ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් ජොෂූආ 2015 සිට බ්‍රිතාන්‍ය බොක්සිං ක්ෂේත්‍රයේ වැඩිම මුදලක් උපයන තරගකරුවා බවට පත්ව සිටිනවා.

 

anthony joshua cropped 1igb6vz1awuqc12jsk29niesdf
2019 වසරේ සිට ඇන්ටනී ජොෂූආ ඔහුගේ තරගවලින් වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙන්නේ ජගත් ක්‍රීඩාවේ ලොකුම මුදල් පසුම්බියක් ලැබෙන සෞදි අරාබියේ.

එන්ගානෝ ඔහුගේ MMA මිශ්‍ර සටන් කලා ක්‍රීඩා දිවිය පුරාම උපයා ගත් මුදලට වඩා වැඩි මුදලක් එක බොක්සිං තරගයකින් උපයා ගත්තේ පවුම් මිලියන 8ක් ලබා ගනිමින්. දැන් ඔහු ඊටත් වඩා වැඩි මුදලක් උපයා ගැනීමේ මාවතට පිවිස සිටිනවා. අද තරගයෙන් ඔහු අවම වශයෙන් පවුම් මිලියන 15.7ක් (ඩොලර් මිලියන20)ක් උපයනු ඇතැයි වාර්තා වෙනවා.

වර්තමාන ගණනය කිරීම්වලට අනුව ඇන්ටනී ජොෂූආගේ ශුද්ධ වටිනාකම පවුම් මිලියන 89ක් පමණ වන අතර ෆ්‍රන්සිස්ගේ එන්ගානෝ ට තිබෙන ශුද්ධ වටිනාකම පවුම් මිලියන 11ක්.

සටහන :
වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :
හිටපු හෙවිවේට් ශූර ජොෂූආ සහ මිශ්‍ර සටන් කලා ශූර එන්ගානෝ අතර තීරණාත්මක බොක්සිං සටනක් 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අද රාත්‍රියේ සෞදි බොක්සිං වළල්ලට පා තැබීමටත් පෙර ඇන්ටනී ජොෂූආ උපයන මුදල | The Leader