The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇන්ටනී ජොෂූආගේ ඊළඟ ප්‍රතිවාදියා කවුරුන්ද?

T

The Leader Desk

March 10, 2024 • 5:59 PM

ඇන්ටනී ජොෂූආගේ ඊළඟ ප්‍රතිවාදියා කවුරුන්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇන්ටනී ජොෂූආ සිකුරාදා ෆ්‍රන්සිස් එන්ගානෝ පරාජය කිරීමෙන් පසුව අභියෝග කළේ ටයිසන් ෆියරී සමග
  • පරමාදර්ශී ලෝකයක නම්, ජොෂූආගේ ඊළඟ තරගය විය යුත්තේ මැයි 18 වැනිදා පැවැත්වීමට නියමිත ටයිසන් ෆියරී හා ඔලෙක්සැන්ඩ යූසෙක් අතර  සටනේ ජයග්‍රාහකයා සමග යි.
  • මේ තරගය සලකනු ලබන්නේ හෙවිවේට් බොක්සිං තරග බිමේ සියළුම ශූරතා එක්සත් කරන මහා සටනක් ලෙස.
  • මැයි 18 වැනිදා තරගයෙන් පසුව ෆියරී හා යූසෙක් අතර නැවත තරගයක් පැවැත්විය යුතුව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හෙවිවේට් බොක්සිං තරගයකට. නමුත් නුදුරු අනාගතයේදී එවැනි සටනකට ඉඩක් නැහැ.

පරමාදර්ශී ලෝකයක නම්, ජොෂූආගේ ඊළඟ තරගය විය යුත්තේ මැයි 18 වැනිදා පැවැත්වීමට නියමිත ටයිසන් ෆියරී හා ඔලෙක්සැන්ඩ යූසෙක් අතර  සටනේ ජයග්‍රාහකයා සමග යි.

XCV GFDTY
මේ තරගය සලකනු ලබන්නේ හෙවිවේට් බොක්සිං තරග බිමේ සියළුම ශූරතා එක්සත් කරන මහා සටනක් ලෙස. ඊට හේතුව වන්නේ වර්තමානයේ යූසෙක් IBF (ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය) ලෝක හෙවිවේට් කිරුළ මෙන්ම WBO (ලෝක බොක්සිං සංවිධානය) හා IBO (ජාත්‍යන්තර බොක්සිං සංවිධානය) ලෝක හෙවිවේට් කිරුළු ද හිමිකර ගෙන සිටින අතර ෆියරී WBC (ලෝක බොක්සිං කවුන්සලය) ලෝක හෙවිවේට් ශූරයාව සිටීම යි.

නමුත් අප සිටින්නේ පරමාදර්ශී ලෝකයක නෙවෙයි. මැයි 18 වැනිදා තරගයෙන් පසුව ෆියරී හා යූසෙක් අතර නැවත තරගයක් පැවැත්විය යුතුව තිබෙනවා. මෙයින් තේරුම් ගත යුතුව තිබෙන්නේ ඒ අතර කාලයේ හිඩැස පිරවීමට ජොෂූආ ට සිදුවන බව.

ඒ අනුව, ඇන්ටනී ජොෂූආගේ ඊළඟ තරගය කවුරුන් සමග ද?

බොක්සිං ප්‍රජාවගේ තොල්පෙති අතර මෙන්ම ජොෂූආගේ මනසේ ද තිබෙන්නේ මේ ප්‍රශ්නය යි. මේ සඳහා ජොෂූආ ඉදිරියේ විකල්ප ගණනාවක් තිබෙනවා.

මැයි මස තරගය හා ඉන්පසුව පැවැත්වෙන දෙවැනි තරගය ද අවසානයේ යූසෙක් ජයග්‍රාහකයා වුවහොත් ඔහු තරග බිමෙන් සමුගෙන කිරුළ අත්හැර යනු ඇත.

ෆියරී ජය ගතහොත් ඔහු ඔහුගේ කිරුළ අත්හැරීමට බොහෝ දුරට ඉඩ තිබෙන්නේ එවිට ඔහුට එම ශූරතාවේ අනිවාර්ය අභියෝගකරන්නා වන ෆිලිප් හර්ගොවිච් (Filip Hrgovic) සමග සටන් කිරීමට බල කළ නොහැකි වන නිසා. මේ නිසා ෆියරී ට වඩාත් ලාභදායී වෙනත් තරගයකට යොමු විය හැකි වනවා.

45FGpng

පුරප්පාඩු වන IBF කිරුළ සඳහා හර්ගොවිච් ට කවුරුන් හෝ කෙනෙක් සමග තරග කිරීමට සිදුවන අතර ඒ කෙනා ජොෂූආ වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ක්‍රොඒෂියානු වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වන ෆිලිප් හර්ගොවිච් සැලකිලිමත් විය යුතු තරගකරුවෙක්. ඔහු මේ දක්වා කිසිම පරාජයක් නැතිව ජයග්‍රහණ 17ක් වාර්තා කර තිබෙන්නේ එයින් 14කදී ප්‍රතිවාදියා බිම හෙළමින්.

අමෙරිකානු වෘත්තීය බොක්සිං ක්‍රීඩක ඩිඅන්ටේ වයිල්ඩ (Deontay Wilder)ගේ නම කලක් තිස්සේ ජොෂූආ සමග නිතර ඈඳා තිබුන ද මේ දක්වා එවැනි සටනක් සිදුවී නැහැ.

මාර්තු තරගය ලෙස ජොෂූආ ට නියමිත තිබුනේ එන්ගානෝ නොව වයිල්ඩ සමග සටනක්. එහෙත් දෙසැම්බරයේ පැවති තරගයේදී ජෝසෆ් පාක වෙතින් වයිල්ඩ ලැබූ අනපේක්ෂිත පරාජය හේතුවෙන් එම අදහස ක්‍රියාත්මක කිරීම නතර වුනා.

ඇන්ටනී ජොෂූආගේ අවසන් ඉලක්කය වී තිබෙන්නේ අවිවාදයෙන් පිළිගත් ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වීම. එම ඉලක්කය කරා යා හැකි ඉක්මන් ම මාර්ගය වයිල්ඩ සමග කරන සටනක් නෙවෙයි.

ජොෂූආ පසුගිය අගෝස්තු මාසයේ ලන්ඩනයේදී තවත් බ්‍රිතාන්‍ය වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වන ඩිලියන් වයිට් (Dillian Whyte) මුණගැසීමට නියමිතව තිබුන ද අහඹු ලෙස කෙරුනු තහනම් ශරීර උත්තේජන පරීක්ෂණයකදී වයිට්ගෙන් අසතුටුදායක ප්‍රතිඵලයක් ලැබීම හේතුවෙන් එම තරගය අහෝසි කෙරුනා.

CFGHDFG

එම පරීක්ෂණයෙන් අසමත් වීමට හේතුව විෂ වූ ශරීරවර්ධන පානයක් බවට තහවුරු වීමෙන් පසුව ඩිලියන් වයිට් ට නැවත බොක්සිං වළල්ලට පිවිසීමට අවසර ලැබී තිබෙන අතර ඔහු තමා ජොෂූආ ට වඩා දක්ෂයෙක් බවට පෙන්වීමට මහත් උනන්දුවෙන් සිටිනවා. කෙසේ වෙතත්, මේ දෙදෙනා අවසන් වතාවට 2015 වසරේ තරග වැදුනු අවස්ථාවේදී ජයග්‍රාහකයා වූයේ ජොෂූආ.

නවසිලන්තයේ ජෝසෆ් පාක (Joseph Parker) අන්තර් WBO හෙවිවේට් ශූරයාව සිටින බැවින් ඔහු ෆියරී - යූසෙක් තරගයේ ජයග්‍රාහකයාට අනිවාර්යයෙන් අභියෝග කරන තරගකරුවා බවට පත්ව සිටිනවා.

පැහැදිලිවම, ෆියරී හා යූසෙක් ඔවුන්ගේ කිරුළු අත්හැරීමට තීරණය කළහොත්, ඒ වෙනුවට ජොෂූආ සමග තරග කිරීමට පාක ට අවස්ථාව උදා වන බව නිසැක යි.

සබැඳි පුවත් :

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇන්ටනී ජොෂූආගේ ඊළඟ ප්‍රතිවාදියා කවුරුන්ද? | The Leader