The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සෝන්ඩර්ස් ‘යූසුෆ් කුසලානය’ දිනා ගනී

T

The Leader Desk

March 12, 2024 • 12:20 PM

සෝන්ඩර්ස් ‘යූසුෆ් කුසලානය’ දිනා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෝන්ඩර්ස් කණ්ඩායමේ නායක ඩී.එස්.රාජපක්ෂ ‘යූසුෆ් කුසලානය’ එක්ස්පෝ ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ හනීෆ් යූසුෆ් අතින් ලබා
  •   ‘යූසුෆ් කුසලාන’ වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සෝන්ඩර්ස් කණ්ඩායම සමත් වුනා.
  • කොළඹ සිටි ලීග් පිටියේදී සෝන්ඩර්ස් පිල මේ ශූරතාව හිමිකර ගත්තේ අවසාන තරගයේදී කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමට එරෙහිව ගෝල් 1-0ක තියුණු ජයක් වාර්තා කරමින්.
  • ජයග්‍රාහී ගෝලය 24 වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ මොහමඩ් මුෆාසල්.
අකුරු ප්‍රමාණය (Font Size):

ගත් අවස්ථාව. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර්, හිටපු උපසභාපති කේ.පී.පී. පතිරණ හා සිටි ලීග් සභාපති ආර්.පුවනේන්ද්‍රන් මෙහි සිටිනවා.

 

‘යූසුෆ් කුසලාන’ වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සෝන්ඩර්ස් කණ්ඩායම සමත් වුනා.

කොළඹ සිටි ලීග් පිටියේදී සෝන්ඩර්ස් පිල මේ ශූරතාව හිමිකර ගත්තේ අවසාන තරගයේදී කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමට එරෙහිව ගෝල් 1-0ක තියුණු ජයක් වාර්තා කරමින්.

ජයග්‍රාහී ගෝලය 24 වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ මොහමඩ් මුෆාසල්.

මේ තරගාවලියේ විශේෂ සිදුවීම වූයේ පසුගිය දෙවසරේ ම ශූරයින් වූ ජාවාලේන් කණ්ඩායම අවසන් පූර්ව වටයේදී ගෝල් 4-0කින් සෝන්ඩර්ස් කණ්ඩායමට පරාජය වීම. කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම අවසාන මහා තරගයට පිවිසියේ වික්ටරි පිල ගෝල් 6-1කින් පහසුවෙන් පරදවමින්.

yousuf cup 2

 

තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබුවේ අනුශූර කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමේ උමාර් සකීල්. දක්ෂතම ගෝල්රකින්නා ලෙස සෝන්ඩර්ස් කණ්ඩායමේ පී.කිෂෝර් තේරුණා.

ශූරතාව දිනා ගත් සෝන්ඩර්ස් කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 1.5ක් හිමි වූ අතර අනුශූර කොළඹ පාපන්දු සමාජයට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවුනා. මීට අමතරව කුසලාන ද පිරිනැමුනා.

තරුණ පාපන්දු ක්‍රීඩකයන්ගේ කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණ පෙරදැරි කරගෙන මේ තරගාවලිය තෙවැනි වරටත් සංවිධානය කළේ සිටි පාපන්දු ලීගය.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...