The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් සමාරම්භක උත්සවයේ සෙනඟ බාගයකින් අඩු කරයි

T

The Leader Desk

March 13, 2024 • 10:43 AM

ඔලිම්පික් සමාරම්භක උත්සවයේ සෙනඟ බාගයකින් අඩු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙන් නදියේ පැවැත්වෙන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය වෙනුවෙන් සැලසුම් කර තිබූ නරඹන්නන්ගේ සංඛ්‍යාව
  •   ඔලිම්පික් සංවිධායකයින් ආරක්ෂක අවදානම පිළිබඳව සලකා බලමින් සිටින බැවින් සමාරම්භක උත්සවයේ කප්පාදු කිරීම් තවත් වැඩි වීමට ඉඩ තිබෙන බව ඔලිම්පික් ක්‍රීඩා විධායක අධ්‍යක්ෂ Christophe Dubi පිළිගන්නවා.
  • ‘ආරක්ෂාව’ අන් සියල්ලටම වඩා ප්‍රධාන බවට ජගත් ඔලිම්පික් කමිටුවේ නිළධාරියා පැවසුවේ, ඔලිම්පික් උළෙලට පෙර එහි සැලසුම් අවසන් වතාවට පරීක්ෂා කිරීම පිණිස ඔලිම්පික් සම්බන්ධීකරණ කොමිසම පැරිසියේ කළ සංචාරයෙන් පසුව.
  •   “අවදානමේ තරම මත සැලසුම් වෙනස් කළ හැකියි” Dubi ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
බාගයකට ආසන්න ප්‍රමාණයක් දක්වා අඩු කිරීමට පැරිස් සංවිධායකයින් තීරණය කර තිබෙනවා. 
 
සංවිධායකයින් 2021 වසරේදී ඔවුන්ගේ සමාරම්භක උත්සව සැලැස්ම මුලින් ම අනාවරණය කළ අවස්ථාවේදී සැලසුම් කර තිබුනේ නරඹන්නන් 600,000කට එම අවස්ථාව නැරඹිය හැකි ලෙසට. නමුත් එය 326,000කට අඩුකර තිබෙන බව ප්‍රංශ රජය දැන් නිවේදනය කර තිබෙනවා.
 
 
සෙන් ගංගාවේ පහළ ගංඉවුරු පෙදෙස්වල නරඹන්නන් 104,000ක් ප්‍රවේශපත් ලාභීන් වනු ඇතැයි ද, තවත් 222,000ක් ඉහළ ගංඉවුරුවල සිට නොමිලේ නරඹන පිරිසක් වනු ඇතැයි ද ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති Gerald Darmanin පවසනවා.

නොමිලේ නිකුත් කරන ප්‍රවේශ පත් හිමිවන්නේ ආරාධිතයන්ට පමණක් වන අතර ඒවා විවෘත ලියාපදිංචි වීමක් හරහා ජනතාවට ලබා ගැනීමට හැකිවන්නේ නැහැ.
 


ඔලිම්පික් සංවිධායකයින් ආරක්ෂක අවදානම පිළිබඳව සලකා බලමින් සිටින බැවින් සමාරම්භක උත්සවයේ කප්පාදු කිරීම් තවත් වැඩි වීමට ඉඩ තිබෙන බව ඔලිම්පික් ක්‍රීඩා විධායක අධ්‍යක්ෂ Christophe Dubi පිළිගන්නවා.

‘ආරක්ෂාව’ අන් සියල්ලටම වඩා ප්‍රධාන බවට ජගත් ඔලිම්පික් කමිටුවේ නිළධාරියා පැවසුවේ, ඔලිම්පික් උළෙලට පෙර එහි සැලසුම් අවසන් වතාවට පරීක්ෂා කිරීම පිණිස ඔලිම්පික් සම්බන්ධීකරණ කොමිසම පැරිසියේ කළ සංචාරයෙන් පසුව.
 
“අවදානමේ තරම මත සැලසුම් වෙනස් කළ හැකියි” Dubi ප්‍රකාශ කර තිබෙනවා. “එබැවින්, ආරක්ෂාව පිළිබඳ තර්ජනයේ ස්වභාවය මත, පැහැදිලිවම නරඹන්නන්ගේ සහභාගිත්වය තවදුරටත් අඩු කළ හැකියි.” ඔහු මෙසේ කියා සිටියේ ‘ක්‍රීඩාංගණයක් වැනි කොහෝ හෝ තවත් ස්ථානයකට මේ උත්සවය මාරු කළ හැකිද?’ යනුවෙන් නැගුනු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්. “සමාරම්භක උත්සවය වෙනුවෙන් ‘බී’ සැලැස්මකට සැලසුම් කරන්න බැහැ. වෙනත් තැනක ‘බී’ සැලැස්මක් ගැන කලාත්මකව සොයන්න බැරි තරමට මේ උත්සවය විශාලත්වයෙන් වැඩියි. රසඥතාවෙන් වැඩියි. වඩාත් සංකීර්ණයි.”
 
“ ‘බී’ සැලැස්ම යනු අඩු කිරීම හා යෝග්‍ය පරිදි හැඩගැසීම යි. නමුත් ස්ථානය එය ම යි.”
 
vc4ucoz6rs96naqnk3jb

නරඹන සංඛ්‍යාව අඩු කිරීමෙන් පසුවත් ක්‍රීඩාංගණයකට පිටතින් පවත්වනු ලබන මේ පළමු ඔලිම්පික් සමාරම්භක උළෙලට වාර්තාගත පැමිණීමක් දැක ගැනීමට හැකිවේවි.
 
පැරිස් ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බෝට්ටු 170කින් ගෙන යනු ඇත්තේ Notre Dame Cathedral, Louvre හා  Place de la Concorde ඇතුළු සංකේතාත්මක ස්ථාන පසු කරමින් යන කිලෝමීටර් හයක මාර්ගයක. අයිෆල් කුළුණ සමීපයෙන් මාර්ගය අවසන් වන්නේ උත්සවයේ අවසානයට Trocadero Gardens සත්කාරකත්වය දක්වමින්. යෝධ රූපවාහිනී තිර 80ක් මගින් සමාරම්භක උත්සවය නගරය පුරා ප්‍රදර්ශනය කරනු ඇතැයි අපේක්ෂා කෙ‍ෙරනවා.
 
අගනුවර මැද උත්සවය පැවැත්වෙන බැවින් දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා වෙනවා.

ආරාධිත නොමිලේ ප්‍රවේශ පත් ක්‍රමවේදය නිසා සංචාරකයන්ට සමාරම්භක උත්සවය සඳහා ටිකට් ලබා ගැනීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

සෙනඟ කළමනාකරණය කිරීමේදී සියළු දෙනාටම පැමිණෙන්නැයි කීමට නොහැකි බව Darmanin පෙන්වා දෙනවා.
 
තට්ටු නිවාසවල සිට හෝ උඩින් සිට බලන විට සෙන් ගංගාව පෙනෙන ගොඩනැගිලිවල සිට හෝ 200,000ක් පමණ ජනතාවකටත්, ක්‍රීඩා ලෝලීන් සඳහා ඉදිවන කලාපවල සිට තවත් 50,000කටත් සමාරම්භක උත්සවය නැරඹිය හැකි බව ද Darmanin සඳහන් කරනවා.
 
paris olympics graphic champs elysees eiffel tower vdp 1000 2x1
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන සමය තුළ සෑම දිනකම 30,000ක පොලිස් බළඇණියක් සේවයේ යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.

පැරිසිය 2025 වසරේදී ඉස්ලාමීය ප්‍රාන්ත සටන්කාමීන්ගේ ඉලක්කයක් බවට පත්වූ අතර එම ප්‍රහාරවලින් 130 දෙනෙක් මිය ගොස් 350කට තුවාල සිදුවුනා.

පිහි ඇනුම් ප්‍රහාරයකින් ගුරුවරයෙක් මරුමුවට පත්වීමෙන් පසුව ප්‍රංශය ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සෝදිසියෙන් සිටීම පසුගිය ඔක්තෝබරයේදී  ඉහළ ම තලයට ඔසවා තැබුවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔලිම්පික් සමාරම්භක උත්සවයේ සෙනඟ බාගයකින් අඩු කරයි | The Leader