The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජපානයේ ක්‍රිකට් නංවන්න ශ්‍රී ලංකාවෙන් අත හිත

T

The Leader Desk

March 13, 2024 • 11:11 AM

ජපානයේ ක්‍රිකට් නංවන්න ශ්‍රී ලංකාවෙන් අත හිත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (වමේ සිට): ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Naoki Alex Miyaji, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, ශ්‍රී ලංකාවේ සිටින ජපාන නියෝජ්‍ය තානාපති Kotaro Katsuki,
  • ජපානයේ විස්සයි20 තරග ක්‍රීඩා කිරීම පිණිස කණ්ඩායම් යවන ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවට පැමිණෙන ජපන් ක්‍රිකට් කණ්ඩායම් සඳහා සත්කාරකත්වය ලබා දෙනු ඇත්තේ එම ක්‍රීඩකයන්ට ලංකා ප්‍රිමිය ලීග් - LPL - සංචිත සමග පුහුණු වීමට ද අවස්ථාව ලබා දෙමින්.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

ජපාන ක්‍රිකට් සංගමය විසින් පත්කරන ලද ජපන් ක්‍රිකට් සංවර්ධන Goodwill තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම.

 

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්ව සිටිනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සහයෝගිත්වය, හුවමාරු කිරීම් මෙන්ම විශාරද දැනුම ලබා දීම සඳහා වන MOU එකඟත්වයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ජපාන ක්‍රිකට් සංගමය සමග අත්සන් කළා.

 

මේ එකඟත්වයට අනුව ජපන් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා ක්‍රීඩකයන්, කණ්ඩායම්, පුහුණුකරුවන් හා තණතීරු සකස් කරන්නන් එරට ට යවමින් ජපානය ට උපකාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනවා.

ජපානයේ විස්සයි20 තරග ක්‍රීඩා කිරීම පිණිස කණ්ඩායම් යවන ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවට පැමිණෙන ජපන් ක්‍රිකට් කණ්ඩායම් සඳහා සත්කාරකත්වය ලබා දෙනු ඇත්තේ එම ක්‍රීඩකයන්ට ලංකා ප්‍රිමිය ලීග් - LPL - සංචිත සමග පුහුණු වීමට ද අවස්ථාව ලබා දෙමින්.

 

මෙය, ජගත් ක්‍රිකට් කවුන්සලයට අනුබද්ධිත සාමාජික රටවලට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙන යනු ලබන වැඩසටහනේ අලුත් ම පියවර යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හා ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී නාඔකි ඇලෙක්ස් මියාජි අතර මේ MOU ගිවිසුම අත්සන් කෙරුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජපානයේ ක්‍රිකට් නංවන්න ශ්‍රී ලංකාවෙන් අත හිත | The Leader