The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හොකී කණ්ඩායම තෝරන්න හොරට අත්සන් කර වැරද්දා ගනී

T

The Leader Desk

March 14, 2024 • 5:20 AM

 හොකී කණ්ඩායම තෝරන්න හොරට අත්සන් කර වැරද්දා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තයේ නොටින්හෙම් ප්‍රාන්තයේ පැවැති 2022 ප්‍රවීණයන්ගේ ලෝක කුසලාන හොකී තරගාවලිය සඳහා ක්‍රීඩකාවන් තෝරා පත්කර යැවීමේදී ශ්‍රී
  • මීට අමතරව 2019 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පුහුණුවීම් හා සුහද හෝකී තරගාවලියක් සඳහා ක්‍රීඩකාවන් තේරීමේදී සිය අත්සන හොරට යොදා ඇති බවද තේරීම් කමිටු සාමාජිකාව පොලිසියට පැමිණිලි කර ඇත.
  • ලංකා හොකී සංගමයේ තේරීම් කමටු සාමාජිකාවගේ අත්සන හොරට යෙදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව වංචා විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ට කරුණු දක්වමින් ඊයේ (13) පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකා හොකී සංගමයේ තේරීම් කමටු සාමාජිකාවගේ අත්සන හොරට යෙදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව වංචා විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ට කරුණු දක්වමින් ඊයේ (13) පැවසීය.

ශ්‍රී ලංකා හොකී සංගමයේ තේරීම් කමිටු සාමාජිකා වයි.බි.එම්.ආර් තනුජානී යාපා කළ පැමිණක් පැමිණිල්ලක් අනුව වංචා විමර්ශන කාර්යාංශය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ලෝක කුසලාන හොකී තරගාවලිය සඳහා සංගමයේ ලේකම්වරිය හා උපලේකම්වරිය සුදුසුකම් නොමැති කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවත්, කලින් තෝරා ගත් එක් ක්‍රීඩකාවකගෙන් එංගලන්තයට යෑමට රුපියල් 1100000.00ක මුදලක් ඉල්ලා ඇති බවත්, මුදල් නොමැති නිසා එම ක්‍රීඩකාවන් යෑම ප්‍රතික්ෂේප කර ඇති බවට තනුජානී යාපා කාර්යාංශයට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පැවසීය.

මීට අමතරව 2019 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පුහුණුවීම් හා සුහද හෝකී තරගාවලියක් සඳහා ක්‍රීඩකාවන් තේරීමේදී සිය අත්සන හොරට යොදා ඇති බවද තේරීම් කමිටු සාමාජිකාව පොලිසියට පැමිණිලි කර ඇත.


(lankadeepa.lk -රෝෂන් තුෂාර)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...