The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සෞදි අරාබියේ අල්-හිලාල් කණ්ඩායමෙන් පාපන්දු නව ලෝක වාර්තාවක්

T

The Leader Desk

March 14, 2024 • 10:47 AM

සෞදි අරාබියේ අල්-හිලාල් කණ්ඩායමෙන් පාපන්දු නව ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු තරග බිමේ පිට පිට ජයග්‍රහණ වැඩිම ප්‍රමාණයක් අත්කර ගත් කණ්ඩායම ලෙස සෞදි අරාබියේ අල්-හිලාල් (Al-Hilal) කණ්ඩායම නව
  • ඔවුන් මේ ලෝක වාර්තාව තබා තිබෙන්නේ ආසියානු පාපන්දුවේ වඩාත් ම වටිනා අන්තර් සමාජ තරගාවලිය වන ආසියානු පාපන්දු සම්මේලනයේ චැම්පියන්ස් ලීගයේදී (AFC Champions League) අල්-ඉටිහාඩ් පිල ගෝල් 2-0කින් පරදවමින්.
  • මෙය අල්-හිලාල් කණ්ඩායම නොකඩවා ලබා ගත් 28 වැනි ජයග්‍රහණය වූ අතර ඔවුන් විසින් අභිබවා ගියේ 2016/17 තරග වාරයේදී වේල්සයේ කණ්ඩායමක් වන The New Saints මීට පෙර තබා තිබූ වාර්තාව යි.
  •   ඊට පෙර, නෙදර්ලන්තයේ දැවැන්ත පාපන්දු කණ්ඩායමක් වන Ajax මේ වාර්තාව වසර 44ක් ම රැකගෙන තිබුනේ 1971 හා 1972 අතර කාලය තුළ එකදිගට ජයග්‍රහණ 26ක් ලබා ගෙන.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඔවුන් මේ ලෝක වාර්තාව තබා තිබෙන්නේ ආසියානු පාපන්දුවේ වඩාත් ම වටිනා අන්තර් සමාජ තරගාවලිය වන ආසියානු පාපන්දු සම්මේලනයේ චැම්පියන්ස් ලීගයේදී (AFC Champions League) අල්-ඉටිහාඩ් පිල ගෝල් 2-0කින් පරදවමින්.

මෙය අල්-හිලාල් කණ්ඩායම නොකඩවා ලබා ගත් 28 වැනි ජයග්‍රහණය වූ අතර ඔවුන් විසින් අභිබවා ගියේ 2016/17 තරග වාරයේදී වේල්සයේ කණ්ඩායමක් වන The New Saints මීට පෙර තබා තිබූ වාර්තාව යි.

 

 129558454 2023 04 30tnsvsbalatown welshcupse229

ඊට පෙර, නෙදර්ලන්තයේ දැවැන්ත පාපන්දු කණ්ඩායමක් වන Ajax මේ වාර්තාව වසර 44ක් ම රැකගෙන තිබුනේ 1971 හා 1972 අතර කාලය තුළ එකදිගට ජයග්‍රහණ 26ක් ලබා ගෙන.

පස්වැනි ආසියානු ශූරතාවක් හඹා යන අල්-හිලාල් කණ්ඩායම මීළඟට චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව තරගයේදී අල්-අයින් කණ්ඩායම සමග තරග වැදීමටයි නියමිත. අල්-අයින් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ අල්-නසර් පිල පරාජය කරමින්.

 

Al Ain FC Arabian Cup league

අල්-අයින් ට එරෙහි තරගයේ දෙවැනි භාගයේදී ගෝල් දැලට යාර තුනකටත් වඩා අඩු දුරක් පමණක් තිබියදී ගෝලයක් ලබා ගැනීමට එළඹුනු ඉතාමත් පහසු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට රොනාල්ඩෝ අසමත් වීම සෞදියේ පමණක් නොව මුළු පාපන්දු ලෝකයේ ම විමතියට හේතුවක් වුනා. ඔහු විසින් කළ යුතුව තිබුනේ පන්දුවට පොඩි තට්ටුවක් දැමීම පමණ යි. රොනාල්ඩෝ ට එම ගෝලය ලබා ගැනීමට නොහැකි වීම නිසා අල්-නසර් කණ්ඩායමට AFC චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව වටයට යාමට තිබූ අවස්ථාව අහිමි වුනා. 

සැප්තැම්බර් 25 වැනිදා සිය ජයග්‍රහණ ගමන ආරම්භ කළ අල්-හිලාල් කණ්ඩායම අවසන් වතාවට තරගයක් පරාජය වූයේ අගෝස්තු 12 වැනිදා.

 

Neymar Jr. with Al Hilal 3 October 2023 03 croppedනේමා

 

සෞදි වෘත්තීය ලීගයේ අපරාජිතව සිටින අල්-හිලාල් කණ්ඩායම අල්-නසර් කණ්ඩායමට වඩා ලකුණු 12ක් වැඩියෙන් ලබා ගෙන ලකුණු  සටහනේ  පෙරමුණ ගෙන සිටිනවා. ඔවුන්ගේ මේ සාර්ථකත්වය වඩාත් වැදගත් වන්නේ අල්-හිලාල් ඔවුන්ගේ ජයග්‍රහණ වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ සුපිරි ක්‍රීඩක නේමා (Neymar) නොමැතිව ලබා ගෙන තිබීම නිසා. නේමා පසුගිය නොවැම්බරයේදී දණහිසේ බරපතළ ශල්‍යකර්මයකට ලක්වුනා.

 

les lyonnaises sont tenantes du titre qu elles ont deja conquis a huit reprises photo progres stephane guiochon 1664791763


ගිනස් ලෝක වාර්තා පොතට අනුව, පාපන්දු ක්‍රීඩාවේ පිරිමි හෝ කාන්තා තරග බිමේ වැඩිම පිට පිට ජයග්‍රහණ වාර්තාව උසුලන්නේ Olympique Lyonnais Feminin නමැති ප්‍රංශ කාන්තා වෘත්තීය පාපන්දු සමාජය යි. 2012 හා 2013 අතර කාලයේ පැවති සියළු තරගාවලියන් හි දී එම කණ්ඩායම නොකඩවා ජයග්‍රහණ 41ක් වාර්තා කර තිබෙනවා.


warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 
 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...