The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නීරාජ් චොප්රා: දේවත්වයෙන් පිදුම් ලැබීම අභියස

T

The Leader Desk

March 15, 2024 • 11:15 AM

නීරාජ් චොප්රා: දේවත්වයෙන් පිදුම් ලැබීම අභියස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ ක්‍රීඩා වීරයන් බොහෝ දෙනෙක් කීර්තිමත් තත්ත්වය හිමිකර ගෙන තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්.
  • කෙසේ වෙතත්, තමාගේ ක්‍රීඩාව හා රටේ ජනප්‍රිය ක්‍රීඩාව අතර තිබෙන යම් සමානතාවන් පිළිබඳව තමන් තුළ ඇති හැඟීම අත්හරින්නත් ඔහුට බැහැ.
  •   ඉන්දියාවේ සිටින ක්‍රිකට් ලෝලීන්ගේ සංඛ්‍යාව මිලියන 125කට වැඩියි.
  • නමුත් අඩි 300 දුරක් ආසන්නයට හෙල්ල විසි කිරීමේ චෝප්රා ට තිබෙන හැකියාව ඔහුට සෑහෙන විශාල අනුගාමික පිරිසක් ලබා දී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව බලන විට නීරාජ් චොප්රා (Neeraj Chopra) එම ප්‍රභූවරයන්ගේ සමාජයට ගැළපෙන්නේ නැහැ. 

ඇත්ත වශයෙන්ම මේ හෙල්ල විසිකිරීමේ ශූරයා ඔහුගේ ළමා කාලයේ පටන් කිසි දිනෙක පන්දුවක් යවා නැති අතර පිත්තක් අතට ගෙනත් නැති තරම්. කෙසේ වෙතත්, තමාගේ ක්‍රීඩාව හා රටේ ජනප්‍රිය ක්‍රීඩාව අතර තිබෙන යම් සමානතාවන් පිළිබඳව තමන් තුළ ඇති හැඟීම අත්හරින්නත් ඔහුට බැහැ.

“වේගවත් අතක් කියන්නේ ඉන්දියාවේදී සාමාන්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ. හෙල්ල විසිකිරීමේදී එය මූලික දෙයක්. ඔබට වේගවත් අතක් තිබෙනවා නම් ඔබට ගොඩක් දුරට හෙල්ල විසි කරන්න පුළුවන්” යැයි චොප්රා පවසනවා.

 

b12dtu4bpphqckahej9z

ඉන්දියාවේ සිටින ක්‍රිකට් ලෝලීන්ගේ සංඛ්‍යාව මිලියන 125කට වැඩියි. නමුත් අඩි 300 දුරක් ආසන්නයට හෙල්ල විසි කිරීමේ චෝප්රා ට තිබෙන හැකියාව ඔහුට සෑහෙන විශාල අනුගාමික පිරිසක් ලබා දී තිබෙනවා.

සෑම සාර්ථකත්වයක් පාසා ම ඔහුගේ ප්‍රසිද්ධිය වැඩි වී තිබෙනවා. මීට තෙවසරකට පෙර ටෝකියෝ හි දී, හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගත් පළමු ආසියානු මලල ක්‍රීඩකයා බවට පත්වීමෙන් පසුව පසුගිය වසරේ බුඩාපෙස්ට් හි දී චොප්රා ලෝක ශූරයා ලෙස කිරුළු පැළඳුවේ ඕනෑම ආකාරයක ජවන හා පිටිය ඉසව්වක ලෝක ශූරතාවක් දිනා ගත් ප්‍රථම ඉන්දියානුවා බවට ඉතිහාසගත වෙමින්.

 

 

මේ දක්වා වන ඔහුගේ ඓතිහාසික ක්‍රීඩා දිවිය දෙස බලන විට චොප්රා ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රීඩකයෙක් බවට පත්ව සිටීම එතරම් අරුමයක් නෙවෙයි.

“මගේ රටේ බොහෝ දෙනෙක් මට සහයෝගය දෙනවා. ඔවුන් මගේ තරග නරඹනවා” යනුවෙන් චොප්රා කියනවා. “ඩයමන්ඩ් ලීගයේ මම තරග කරන විටත් ඔවුන් රෑ එක දෙක වෙනකම් ඇහැරිලා ඉඳලා මගේ තරගය නරඹනවා. ඉන්දියාවේ මිනිස්සු මලල ක්‍රීඩාවට සහයෝගය දැක්වීම ඇත්තටම පුදුමයි” චොප්රා කියනවා.

 

2683762fecce99f3c83606e348c10241

ඔහුගේ ජනප්‍රියත්වය කොතරම්ද යත්, ටෝකියෝ හි දී නීරාජ් චොප්රා ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් අගෝස්තු 7 දිනය දැන් ඉන්දියාවේ ජාතික හෙල්ල විසිකිරීමේ දිනය වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

චොප්රා ට පෙර, ඉන්දියාවට ජවන හා පිටිය තරග බිමේ ඉතිහාසයක් තිබුනේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ඔලිම්පික් පදක්කම් වැඩි ප්‍රමාණයක් හිමිකර ගෙන සිටියේ පිටියේ හොකී හා මල්ලවපොර ක්‍රීඩාවලින්.

එහෙත් දැන් මේ සුපිරි මලල ක්‍රීඩා තරුව තරග වදින සෑම අවස්ථාවකම ඉන්දීය ජනතාව තුළ සැබෑ උනන්දුවක් ඇතිවී තිබෙනවා. හෙල්ල අත දරාගෙන ඔහු දිව යද්දී ජාතියක් හුස්ම නොගෙන ඒ දෙස බලා සිටිනවා.

 

50591 neeraj chopra
හර්යානා ප්‍රාන්තයේ ඛන්ද්‍රා නමැති පිටිසරබද පළාතේ හැදී වැඩුනු චොප්රා නව යොවුන් වියට පිවිසීමට පෙර වසරවලදී ක්‍රිකට් හා වොලිබෝල් ක්‍රීඩා කර තිබෙනවා. මේ ක්‍රීඩා දෙකත් වේගවත් බාහුවක් ප්‍රයෝජනවත් අවියක් විය හැකි ක්‍රීඩාවන්. 

ළමා කාලයේදී බරින් වැඩි ළමයෙකු වූ ඔහුට නිතර අසන්නට ලැබුනේ ක්‍රීඩාව ඔහුට අයිති නැති දෙයක් බව. නමුත් අසල පිහිටි පනිපට් නගරයේ මලල ක්‍රීඩා තරග බිමක සිට හෙල්ලක් අහසේ දිලිසෙමින් යන අයුරු ඔහුගේ දෑස්වලට හසුවූ සැණින් සියල්ල වෙනස් වුනා. 

“එය මට බොහොම අහඹු දෙයක් වුනේ මගේ පවුලේ හෝ මගේ මුළු ගම්මානයේම එවැනි ක්‍රීඩාවක පසුබිමක් නොතිබුනු නිසා. මලල ක්‍රීඩකයෙකු වුනු කිසිම කෙනෙක් එහි සිටියේ නැහැ. කිසිම කෙනෙකුට හෙල්ල විසිකිරීම ගැන දැනුමක් තිබුනේ නැහැ” චොප්රා පවසනවා.

“මම ක්‍රීඩාංගණයට යනකොට, හෙල්ල ඉගිලී යන හැටිත්, එය මුහුදේ මාළු පීනනවා වගේ යන හැටිත් දකින්න මම හරි කැමතියි. මම ඇත්තටම ඒකට ආසයි. දැනුත් මම හෙල්ල විසිකරන විට, හෙල්ල ඉගිලී යන අයුරු දැකීමෙන් මම හැමවිටම සතුටක් ලබනවා.’

මෙය සිදුවුනේ 2011 වසරේදී. ඒ වන විට 13 හැවිරිදි වියේ පසුවූ චොප්රා ට මේ ක්‍රීඩාව උත්සාහ කර බැලීම සඳහා ඒ දසුන හොඳටම ප්‍රමාණවත් වුනා.

ගොවියන්ගේ පවුලක කොටසක් වන ඔහුගේ පියා සහ මාමලා එක්ව චොප්රා ට වානේ හෙල්ලක් මිලදී ගැනීම පිණිස මුදල් එකතු කළා. චොප්රා ඔහුගේ පළමු හෙල්ල විසිකිරීම් උත්සාහ කළේ පවුලේ නිවස අසල තිබූ කුඹුරක.

බීජයක් පැලයක් වී ඉක්මනින් පීදෙන්නට වූ අතර මේ මලල ක්‍රීඩක කුරුලු පැටියා වැඩෙන්නට පටන් ගත්තේ පැයක් අවසන තවත් පැයක් ලෙසින් දිගටම එක පිට එක හෙල්ල විසිකරමින්.

 


නීරාජ් චොප්රා හෙල්ල විසිකිරීම ආරම්භ කළේ පුහුණුවක් හෝ පවුල් පසුබිමක් හෝ හෙල්ල විසිකරන ක්‍රීඩකයෙක් සිටින විධිමත් පාසලක් හෝ නැතිව. ඔහු ජීවත් වූ ගමේ තිබුනු පාසලට ක්‍රීඩාව පිළිබඳ සංස්කෘතියක් තිබුනේ නැහැ. ක්‍රීඩා කිරීමට පිට්ටනියක් තිබුනේත් නැහැ.

නිවැරදි පුහුණුවක් ලැබීමට පෙර චොප්රා ඔහුගේ තාක්ෂණය මුවහත් කර ගැනීම සඳහා යොමු වුනේ යූටියුබ් වීඩියෝ වෙත. වැඩි කලක් යන්නට මත්තෙන් ඔහුගේ සහජ කුසලතා පැහැදිලිව පෙනෙන්නට පටන් ගත් අතර පාන්ච්කුලා නගරයේ ක්‍රීඩා ඇකඩමියකට පිවිසීමෙන් පසුව ඔහුගේ අතේ වේගය තවත් වේගවත් වෙමින් ඔහුගේ විසිකිරීමේ දුර වැඩිවූයේ ජාත්‍යන්තර තරග ද එ පිටුපස පැමිණෙමින්.

අද චොප්රාගේ ක්‍රීඩා ගමන පුරසාරම් දොඩන්නේ ආසියානු ක්‍රීඩා ශූරතා දෙකක්, පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා රන් පදක්කමක් සහ ලෝක හා ඔලිම්පික් ජයග්‍රහණයන් ද සමග.


2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී චොප්රා ඔහුගේ ශූරතාව රැකගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. 
 
chopra
චොප්රාගේ ඉලක්කය වී තිබෙන්නේ මීටර් 90කට වඩා වැඩි දුරකට (අඩි 295ක් පමණ) හෙල්ල විසිකිරීම යි. ඔහු ඒ දුර ප්‍රමාණය හඳුන්වන්නේ හෙල්ල විසිකිරීම ඉසව්වේ විස්මය දනවන සළකුණක් හැටියට.
 
මීටර් 90කට වැඩි දුරක් හෙල්ල විසිකර තිබෙන්නේ ඉතිහාසයේ ක්‍රීඩකයන් 24 දෙනෙක් පමණ යි. නමුත් චොප්රාගේ පෞද්ගලික හොඳම දක්ෂතාව වී තිබෙන්නේ එම දුර ප්‍රමාණයට සෙන්ටිමීටර් 6ක් (අඟල් 2.4) පමණක් අඩුවෙන්. එම ඉලක්කයට නීරාජ් චොප්රා ට යාමට හැකිවේවිද යන කාරණයට වඩා අවධානය යොමුව තිබෙන්නේ එය සිදුවන්නේ කවදාද යන කාරණාවටයි.
 i
 
කෙසේ වෙතත්, ඉන්දියාවේදී ඔහුට තවත් ඔප්පු කිරීමට කිසිම දෙයක් නැහැ. ජාතික වීරයෙක් ලෙස ඔහුගේ තත්ත්වය දැනටමත් ස්ථාපිත වී අවසන්.

ඔහුගේ පෝස්ටර, නාමපුවරු හැමතැනම දිස්වන අතර පොත්, සඟරා වැනි සෑම දෙයකමත් රූපවාහිනිය ක්‍රියාත්මක කළ විටත් ඔහු සිටිනවා. මේ නිසා චොප්රා ගැන නොදන්නා කෙනෙක් ඉන්දියාවේ නැහැ. 

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දෙවැනි රන් පදක්කමක් ද දිනා ගැනීමට නීරාජ් චොප්රා සමත් වුවහොත් ඉන්දියාව ඔහුට සලකනු ඇත්තේ දෙවියෙකු ලෙසින්.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com   

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නීරාජ් චොප්රා: දේවත්වයෙන් පිදුම් ලැබීම අභියස | The Leader