The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මව්පියෝ කැළඹෙති: ...බබාලාත් ටිකට් ගත යුතුයි

T

The Leader Desk

March 16, 2024 • 11:38 AM

මව්පියෝ කැළඹෙති:  ...බබාලාත් ටිකට් ගත යුතුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බබාලාගෙන් ද මුදල් අයකර ගැනීමේ පැරිස් ඔලිම්පික් සංවිධායකයින්ගේ පිළිවෙත සම්බන්ධයෙන් මෑතකදී මව්පියන් බවට පත්වූවන් කෝපයට
  • තරග පැවැත්වෙන දවස් එළඹෙන විට එයාට වයස මාස පහක් වේවි” යනුවෙන් 33 හැවිරිදි ඇය කියනවා.
  • ඔහු පැරිස් ඔලිම්පික් සංවිධායකයන් සමග මේ පිළිබඳව කතා කර තිබෙන අතර ඔවුන් පවසා ඇත්තේ ළමයින් වෙනුවෙන් අඩු මුදලට ප්‍රවේශ පත් තිබෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳව ඔහු විසින් සලකා බැලිය යුතු බවටයි.
  • “අපි ටිකට් මිලදී ගත්තේ ඔලිම්පික් තරගවලට අවුරුදු එකහමාරකට කළින් බවත් අපි සහතිකවම ගැබ්බර වීමට උත්සාහ කරන බවක් හෝ අපි ඒ අවස්ථාවේ දැන සිටියේ නැති බවත් මම ඔවුන්ට පැහැදිලා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්ව සිටිනවා.

ළදරුවන් වෙනුවෙන් ද ටිකට් මිලදී ගෙන ආසන වෙන්කරවා ගත්තේ නැත්නම් ඒ අයට ඔලිම්පික් තරග පැවැත්වෙන ස්ථානවලට ඇතුළු වීමට අවසර නොදීමට සංවිධායකයින් තීරණය කර තිබෙන අතර මේ ප්‍රවේශ පත් නීතිය වෙනස් කරන ලෙසට අලුත් මව්පියන් ඉල්ලා සිටිනවා. 

සියළු ම වයස්වල දරුවන් ද ඇතුළුව නරඹන්නන් සියළු දෙනා ට ම ඔලිම්පික් තරග පැවැත්වෙන ස්ථානවලට ඇතුළු වීම පිණිස ටිකට් පතක් අවශ්‍ය බව ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රතිපත්තියේ සඳහන්ව තිබෙනවා.

 

6C7973048 http3A2F2Fwww.newsvine.com2F vine2Fimages2Fusers2Ftyler2F6668546

ප්‍රංශයේ නිරිතදිග දිසාවේ Bayonne නගරයේ හෙදියක වන Margaux Giddings ඔලිම්පික් ජිම්නාස්ටික් තරග නැරඹීම සඳහා ඇගේ අසුන මිලදී ගත්තේ එම ටිකට් පත් අලෙවි කිරීම ආරම්භ වූ මුල් දිනවල. ඉක්බිති ගැබ්බර වූ ඇය දරුවා ට උපත ලබා දුන්නේ මෑතකදී. 

“මම මගේ දුවට මවු කිරි දෙනවා. තරග පැවැත්වෙන දවස් එළඹෙන විට එයාට වයස මාස පහක් වේවි” යනුවෙන් 33 හැවිරිදි ඇය කියනවා. “මට එයාව තනිකරලා යන්න බැහැ. දරුවන් කරපින්නාගන යන ආධාරකයක් හො බබාලා ගෙනියන පුංචි කරත්තයකින් එයාව ගෙනියන්න තියෙනවා නම් මම කැමතියි.’

 

f29b5f0a79a3f08e05e0bfd07cca433755128f31
බබෙක් ඉපදුනු සැණින් ඒ ළදරුවාට ආසනයක් අවශ්‍ය වන බව දැනගත් මොහොතේ තමාට එය අදහාගත නොහැකි වූ බව ලන්ඩනයෙන් එන 37 හැවිරිදි ඔලිම්පික් ටිකට්ලාභියෙකු වන ටොම් බේක පවසනවා. ඔහු ඔහුගේ බිරිඳ වන කේට් සමග මැයි මාසයේදී ඔවුන්ගේ පළමු දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔහු පැරිස් ඔලිම්පික් සංවිධායකයන් සමග මේ පිළිබඳව කතා කර තිබෙන අතර ඔවුන් පවසා ඇත්තේ ළමයින් වෙනුවෙන් අඩු මුදලට ප්‍රවේශ පත් තිබෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳව ඔහු විසින් සලකා බැලිය යුතු බවටයි.

“අපි ටිකට් මිලදී ගත්තේ ඔලිම්පික් තරගවලට අවුරුදු එකහමාරකට කළින් බවත් අපි සහතිකවම ගැබ්බර වීමට උත්සාහ කරන බවක් හෝ අපි ඒ අවස්ථාවේ දැන සිටියේ නැති බවත් මම ඔවුන්ට පැහැදිලා කළා. ඒ වෙනකොට අපි මේ බව දැන සිටියේ නැහැ. දැන් මේ ප්‍රශ්නය විසඳා ගන්නත් බැහැ. මොකද, ටිකට් ඔක්කොම විකිණී අවසන් නිසා” යනුවෙන් ටොම් ප්‍රකාශ කරනවා.


ඔහු සහ බිරිඳ, ඇගේ සහෝදරයා හා මව, Kayaking තරග හා වෙරළ පාපන්දු තරග ඇතුළු ක්‍රීඩා නැරඹීම පිණිස යුරෝ 3,000ක් පමණ මුදලක් (ඩොලර් 3,300) ආසන වෙනුවෙන් වැයකර තිබෙනවා.

 

download

ප්‍රවේශ පත් මිල ගණන් සම්බන්ධයෙන් දැනටමත් විවේචනවලට ලක්ව සිටින පැරිස් සංවිධායක කමිටුව, අත දරුවන් ද ඇතුළුව සියළු දෙනාම ටිකට් මිලදී ගෙන ආසන වෙන්කර ගත යුතු බවට වන ඔවුන්ගේ තීරණයේ දැඩිව එල්බ සිටිනවා.

තරග පැවැත්වෙන ස්ථානවලට වයස අවුරුදු හතරට අඩු දරුවන් මවුපියන් විසින් රැගෙන ඒම පැරිස් සංවිධායක කමිටුව අනුමත නොකරන බව ප්‍රකාශ කරමින් එම සංවිධායකයින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

“කුඩා දරුවන්ට අයහපත් විය හැකි ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථානවල පරිසරය ගැන අවධානය යොමු කරන ලෙසට පැරිස් 2024 සංවිධායකයින් මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් එම නිවේදනයේ සඳහන්.

ලොව අනෙකුත් තරගාවලියන්හි ළදරුවන් වෙනුවෙන් තිබෙන ප්‍රතිපත්ති විවිධාකාරයි.

 

75

යුරෝ කුසලාන හා ලෝක කුසලාන පාපන්දු තරගවලදී සියළුම වයස්වල ළමයින්ට ආසන තිබිය යුතු වන අතර බොහෝ ප්‍රධාන ක්‍රීඩා සමාජ අත දරුවන් රැගෙන නොඑන ලෙසට අවවාද කළ ද රග්බි, ක්‍රිකට් හෝ මලල ක්‍රීඩා තරග සඳහා ඔවුන් සාදරයෙන් පිළිගනු ලබනවා.

2012 වසරේ පැවති ලන්ඩන් ඔලිම්පික් උළෙල ද පැරිසියේ ප්‍රතිපත්තියේ ම සිට ආරම්භ වූව ද ඒ සම්බන්ධයෙන් නැගුනු මහජන හා මාධ්‍ය පීඩනය හමුවේ ඔවුන් එය හකුලා ගත්තා.

 

t5znya0prrdmbjm5ruhl

ඒ අයුරින් ම පැරිසියත් මේ ප්‍රතිපත්තිය වෙනස් කරනු ඇතැයි ජූනි මාසයේ සිය පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බෙල්ජියම් ජාතික සමාජ සේවකයෙකු වන ඒඩ්‍රියන් පොල් පවසනවා.

“මෙය කාන්තාවන්ට වෙනස්කම් කිරීමක්” ඔහු පවසනවා. 

මේ ප්‍රතිපත්තිය පිළිබඳව විරෝධය පළ කරමින් පෙත්සමක් දැන් පැරිසියේ අත්සන් කරගෙන යනවා. එහෙත් තරග පැවැත්වෙන ස්ථානවලට නොපැමිණෙන ලෙසට අලුත් මව්පියන්ගෙන් ඉල්ලා සිටින සමාජ ප්‍රකාශ ද පළවෙමින් තිබෙනවා. 

 

fans watch a match at an international tournament v2 47606

 

“ඔබ ඔබේ බබාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා එයා වෙනුවෙන් ළමයින් බලාගන්නා කෙනෙක් යොදවන්න. මොකද, කිසිම බබෙක් දහස් ගණනින් මිනිසුන් ඉන්න, විෂබීජ ගොඩක් නිදහසේ සැරිසරන, විශාල ශබ්දයක් තිබෙන පරිසරයකින් වින්දනයක් ලබන්නේ නැති නිසා” යනුවෙන් කෙනෙක් ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් තමන්ගේ කැමැත්ත තෝරා ගැනීමේ නිදහස ඒ මව්පියන්ට තිබිය යුතු බව පොල් කියනවා. 


warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මව්පියෝ කැළඹෙති: ...බබාලාත් ටිකට් ගත යුතුයි | The Leader