The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගල්කිස්ස මුහුදේ ශූරිය නුගෝගොඩ ලයිසියම් චනුදි - ශූරයා සා.ජෝසප් මෙත්වන්

T

The Leader Desk

March 17, 2024 • 3:56 PM

ගල්කිස්ස මුහුදේ ශූරිය නුගෝගොඩ ලයිසියම් චනුදි - ශූරයා සා.ජෝසප් මෙත්වන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්කිස්ස මුහුදු සැතපුම් දෙක පිහිනුම් තරගාවලියේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ චනුදි කුමාරප්පෙරුම
  • වයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා ශූරතා දිනා ගත්තේ ගම්පහ ලයිසියම් විදුහලේ කෙවන් රනේපුර හා කොළඹ මියුසියස් විදුහලේ සුහන්සා ගමගේ.
  • කාන්තා විවෘත තරගයේදී චනුදි කුමාරප්පෙරුම ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ මිනිත්තු 49:තත්පර 54.49කින්.
  • සීෆිට් ක්‍රීඩා සමාජයේ අන්ජලී අගලවත්ත 49:57.38ක කාලයක් සටහන් කරමින් දෙවැනි ස්ථානයටත්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ සෙහාරා අනුහන්සි 49:57.88ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයටත් පත්වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශූරිය බවටත් කොළඹ  සාන්ත ජෝසප් විදුහලේ මෙත්වන් ප්‍රනාන්දු ශූරයා බවටත් පත්වුනා.



වයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා ශූරතා දිනා ගත්තේ ගම්පහ ලයිසියම් විදුහලේ කෙවන් රනේපුර හා කොළඹ මියුසියස් විදුහලේ සුහන්සා ගමගේ.

කාන්තා විවෘත තරගයේදී චනුදි කුමාරප්පෙරුම ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ මිනිත්තු 49:තත්පර 54.49කින්. සීෆිට් ක්‍රීඩා සමාජයේ අන්ජලී අගලවත්ත 49:57.38ක කාලයක් සටහන් කරමින් දෙවැනි ස්ථානයටත්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ සෙහාරා අනුහන්සි 49:57.88ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයටත් පත්වුනා.

පිරිමි විවෘත තරගයේදී දිස්වුනේ තියුණු තරගයක්. පළමු ස්ථාන දහයට පිවිසි තරගකරුවන් සියළු දෙනාම එකිනෙකාට පිටුපසින් තරගය අවසන් කළේ තත්පර ගණනකින් පමණක් වෙනස් වූ සියුම් කාල පරතරයකින්.

මෙත්වන් ප්‍රනාන්දු ප්‍රථමයෙන් තරගය නිම කළේ මිනිත්තු 43යි තත්පර 35.04ක කාලයක් සටහන් කරමින්. ඔහුගේ විදුහලේ ම ආකාශ් ප්‍රබාශ්ව මිනිත්තු 44යි තත්පර 03.06කින් දෙවැනියා වූ අතර අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ තීක්ෂණ ද සිල්වා (44:06.80) තෙවැනි ස්ථානයට පත්වුනා. සෙසු තරගකරුවන් ද තරගය අවසන් කළේ මිනිත්තු 44+ක් ඇතුළත.

අවුරුදු 15න් පහළ බාලක තරගයේදී කෙවන් රනේපුර මිනිත්තු 48යි තත්පර 22.32කින් තරගය ප්‍රථමයෙන් අවසන් කළ අතර අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහලේ එම්.එස්.සිල්වා (48:59.10) දෙවැනි ස්ථානත්, කොළඹ සාන්ත ජෝසප් විදුහලේ ජොයෙල් දර්ශන (49:05.51) තෙවැනි ස්ථානයත් හිමිකර ගත්තා.

අවුරුදු 15න් පහළ බාලිකා තරගය ජයග්‍රහණය කළ සුහන්සා ගමගේ තවමත් අවුරුදු 13ක පිහිනුම් ක්‍රීඩිකාවක්. ඇය වාර්තා කළ ජයග්‍රාහී කාලය 53:01ක්. සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ කනෙයිෂා ද සිල්වා (53:10) හා කාන්තා විදුහලේ ඉමාන් තම්බිදෝරෙ (53:11) පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකර ගත්තා.

ගල්කිස්ස මුහුදේ මේ තරගාවලිය 85 වැනි වරටත් මේ සතිඅන්තයේ පැවැත්වුනේ ගල්කිස්ස හෝටලයේ අනුග්‍රහයෙන් හා ශ්‍රී ලංකා ජලක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන්.

MT

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...