The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රට හරහා දිවීමේ ශූරයා බස්නාහිර පළාතේ පුෂ්පකුමාර - ශූරිය මධ්‍යම පළාතේ හේරත්

T

The Leader Desk

March 17, 2024 • 4:10 PM

රට හරහා දිවීමේ ශූරයා බස්නාහිර පළාතේ පුෂ්පකුමාර - ශූරිය මධ්‍යම පළාතේ හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියට සමගාමී රට හරහා දිවීමේ තරගයේ ශූරයා වුනේ බස්නාහිර පළාතේ
  • නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන කිලෝමීටර් 10ක දුර ප්‍රමාණයක පැවති මේ තරගය පුෂ්පකුමාර ජයග්‍රහණය කළේ මිනිත්තු 34යි තත්පර 04ක කාලයක් වාර්තා කරමින්.
  • හේරත් ජයග්‍රාහිකාව වූයේ මිනිත්තු 39යි තත්පර 30ක් සටහන් කරමින්.
  • පිරිමි තරගයේ දෙවැනි ස්ථානය මධ්‍යම පළාතේ වී.විකාශන් (34.04) ද, තෙවැනි ස්ථානය ඌව පළාතේ ටී.එම්.එරන්ද තෙන්නකෝන් (34.38) ද හිමිකර ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

ආර්.එම්.එස්.පුෂ්පකුමාර. මධ්‍යම පළාතේ එච්.එම්.සී.එස්.හේරත් ශූරිය බවට පත්වුනා.

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන කිලෝමීටර් 10ක දුර ප්‍රමාණයක පැවති මේ තරගය පුෂ්පකුමාර ජයග්‍රහණය කළේ මිනිත්තු 34යි තත්පර 04ක කාලයක් වාර්තා කරමින්. හේරත් ජයග්‍රාහිකාව වූයේ මිනිත්තු 39යි තත්පර 30ක් සටහන් කරමින්.

පිරිමි තරගයේ දෙවැනි ස්ථානය මධ්‍යම පළාතේ වී.විකාශන් (34.04) ද, තෙවැනි ස්ථානය ඌව පළාතේ ටී.එම්.එරන්ද තෙන්නකෝන් (34.38) ද හිමිකර ගත්තා.

කාන්තා තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ නැගෙනහිර පළාතේ ඩබ්ලිව්.ඒ.එම්.ආර්.විජේසූරිය (39.32). තෙවැනි ස්ථානය ඌව පළාතේ ඩබ්ලිව්.එම්.නිමේෂා නිදර්ශනී (39.50) අත්කර ගත්තා.

ජාතික ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීම මෙවර පැවතියේ සිවු වසරකට පසුව. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මේ තරගයට දිවයිනේ පළාත් නවය ම නියෝජනය කරමින් ක්‍රීඩකයන් 79ක් හා ක්‍රීඩිකාවන් 47ක්  සහභාගි වුනා.

Sport

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...