The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලි පරාජයට හේතුවුයේ කුමක් ද?

T

The Leader Desk

March 18, 2024 • 4:06 PM

ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලි පරාජයට හේතුවුයේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සමග පැවති අවසන් එක්දින තරගය කඩුලු 04 කින් ජයගැනීමට බංගලාදේශ කණ්ඩායම
  • ඒ අනුව ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණි.
  • කෙසේ වුවද ප්‍රතිරූපණ වලින් දිස්වුයේ පැතුම් නිස්සංක නොදැවුණු පිතිකරුවෙක් බව ය.
  • පැතුම්ගේ දැවී යාමෙන් පසු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4 කට දැවී ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (මාර්තු 18 වැනිදා) සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණි.

අද තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ආබාධයකට ලක්වූ ඩිල්ෂාන් මධුෂංක වෙනුවට අද තරගය සඳහා මහිෂ් තීක්ෂණ කැඳවා තිබුණි.

sdfs3ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය

 

නොදැවුනු දැවී යාම සහ අසාර්ථක වූ මුල්පෙළ පිතිකරණය

දෙවන එක්දින තරගයේ දී ශතකයක් රැස් කළ පැතුම් නිස්සංක අද තරගයේ පළමු කඩුල්ල ලෙස කඩුල්ල මුවා කිරීමේවරදට දැවී ගියේය.

ඔහු දැවී යන විට රැස් කරගෙන තිබුණේ එක් ලකුණක් පමණි.

කෙසේ වුවද ප්‍රතිරූපණ වලින් දිස්වුයේ පැතුම් නිස්සංක නොදැවුණු පිතිකරුවෙක් බව ය.

පැතුම්ගේ දැවී යාමෙන් පසු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4 කට දැවී ගියේය.

මෙම එක්දින තරගාවලිය පුරාවට අවිශ්ක ප්‍රනාන්දු ලකුණු අතරට නොපැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් ගෙන දීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 15 කට දැවී යාමෙන් පසු පිටියට එක්වූ නායක කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් විය.

ලකුණු 14ක් රැස් කරගෙන සිටියදී සදීර සමරවික්‍රම දවා ගැනීමට බංගලාදේශය පන්දු යවන්නන් සමත් විය.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස් වුයේ පන්දු වාර 10 යි පන්දු 2 කදී ලකුණු 41ක් ලෙස ය.

සදීරගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් එක්ව කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩ නැගීමට උත්සහ දැරූහ.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමේ 18 වන පන්දු වාරයේදී ලකුණු 29ක් රැස් කරමින් සිටියදී කුසල් මෙන්ඩිස්, රිෂාඩ් හුසේන් ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

 

ශ්‍රී ලංකා ඉනිමට සවියක් ගෙනා මංගල ශතක ලාභියා

කුසල් මෙන්ඩිස් ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි නවක පිතිකරු ජනිත් ලියනගේ, චරිත් අසලංක සමග එක්වෙමින් ශ්‍රි ලංකා ඉනිමේ 05 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක් එක් කිරීමට සමත් විය.

චරිත් අසලංක පන්දු 46 කදී ලකුණු 37ක් රැස් කරගෙන සිටියදී දැවි ගියේ මුස්ටාෆිසුර් රෙහෙමාන් ගේ පන්දුවක් හමුවෙයි.

ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි දුනිත් වෙල්ලාලගේ එක් ලකුණකට දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 31ක් අවසානයේ ලකුණු 136 කට කඩුලු 6ක් ලෙසයි.

වෙල්ලාලගේ දැවී යාමෙන් පසු පන්දුවට පහර දීමට පැමිණි වනිදු හසරංග ලකුණු 11 කට දැවී ගියේය.

බංගලාදේශ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාවේ පළපුරුදු පිතිකරුවන් එකිනෙකා දැවී යන විට නවක මැදපෙළ පිතිකරු ජනිත් ලියනගේ, මහිෂ් තීක්ෂණ සමග එක්වී ශ්‍රී ලංකා ඉනිමට යම් සහනයක් ගෙන ඒමට සමත් විය.

 

janith lජනිත් ලියනගේ සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුයේ පන්දු 101 කට පමණක් මුහුණ දෙමින්ය.

 

ඔවුන් දෙදෙනා එක්වී ශ්‍රී ලංකා කණ්ඩායමේ 08 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 60ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වූහ.

එම සබඳතාවයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 200 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ 48 වන පන්දු වාරයේදී ලකුණු 15ක් රැස් කරගෙන සිටි මහිෂ් තීක්ෂණ දැවී යන විට ලකුණු පුවරුව දිස්වුයේ කඩුලු 8කට ලකුණු 214 ක් ලෙසයි.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අවසන් පිතිකරුවන් 5 දෙනා ලකුණු 118ක් ලකුණු පුවරුවට එක් කරනු ලැබීය.

එහිදී ජනිත් ලියනගේ සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුයේ පන්දු 101 කට පමණක් මුහුණ දෙමින්ය.

ඒ අනුව සිය පන්දු වාර 50 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 235ක් රැස් කරන ලදී.

ලකුණු 236ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි බංගලාදේශ පිතිකරුවන් පන්දු වාර 40 යි පන්දු 2කදී කඩුලු 06ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

පන්දු රැකීමේදී ආබාධයට ලක්වූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු සොම්ය සර්කාර් වෙනුවට ආදේශනය කළ ටන්සීඩ් හසන් ලකුණු 84ක් රැස් කරනු ලැබීය.

බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක රිෂාඩ් හුසේන් පන්දු 18 කදී නොදැවී ලකුණු 48ක් ලබා ගනු ලැබීය.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 04ක් දවා ගත්තේය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...