The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රුසියානු ක්‍රීඩකයන්ට ඔලිම්පික් තහනම් කිරීම පැරිස් නගරාධිපතිනියගේ කැමැත්තයි

T

The Leader Desk

March 21, 2024 • 6:58 AM

රුසියානු ක්‍රීඩකයන්ට ඔලිම්පික් තහනම් කිරීම පැරිස් නගරාධිපතිනියගේ කැමැත්තයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු මලල ක්‍රීඩකයන් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම හා ඔවුන් ජූලි 26 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයට
  • ඔහු යුක්රේනයට එරෙහිව යුද්ධ කරන්නේ ජනතාවක් හා රටක් ලෙස ජීවත් වීමට තිබෙන ඔවුන්ගේ අයිතිය ප්‍රතික්ෂේප කරමින්” යැයි පැරිස් පුරපතිනිය පවසනවා.
  • මේ තීරණය බලපාන්නේ තනි තනිව තරග වදින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිස ඒ රටවල කණ්ඩායම්වලට නොවන බව ද කමිටුව පැවසුවා.
  • මධ්‍යස්ථ කොඩිය යටතේ රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් සමාරම්භක උළෙලට සහභාගි විය හැකිද යන්න පිළිබඳව ජගත් ඔලිම්පික් කමිටුව තවමත් ප්‍රකාශ කර නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

පැමිණීම පිළිබඳව තමා විරුද්ධ බව පැරිසියේ නගරාධිපතිනිය වන ඈන් හඩල්ගෝ (Anne Hidalgo) ප්‍රකාශ කර තිබෙනවා.

 

e0de19d 1693327421840 080 hl smouchmouche 2116862ඈන් හඩල්ගෝ (Anne Hidalgo)

“ඔවුන් එන්නේ නැත්නම් මම වඩාත් කැමතියි” ඇය පවසනවා. “මම හිතන විදියට රුසියානු ජනාධිපති ව්ලැඩමිය පූටින් (Vladimir Putin) යනු සමස්ත යුරෝපයට තර්ජනය කරන ඒකාධිපතියෙක්. ඔහු යුක්රේනයට එරෙහිව යුද්ධ කරන්නේ ජනතාවක් හා රටක් ලෙස ජීවත් වීමට තිබෙන ඔවුන්ගේ අයිතිය ප්‍රතික්ෂේප කරමින්” යැයි පැරිස් පුරපතිනිය පවසනවා.

“මධ්‍යස්ථ ධජයක් යටතේ පවා ඔවුන් දැකීම ඉතාම අමාරු දෙයක්. මොකද, මේ රුසියානු ක්‍රීඩකයන් මත පූටින් කොතරම් වැදගත්කමක් තබා තිබෙනවාද කියා අපි දන්න නිසා.”

 



පැරිස් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා සිටින රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩකයන්ට යම් යම් කොන්දේසිවලට යටත්ව මධ්‍යස්ථ ක්‍රීඩකයන් ලෙස තරග කළ හැකි බවට ජගත් ඔලිම්පික් කමිටුව දෙසැම්බරයේදී ප්‍රකාශ කළා. මේ තීරණය බලපාන්නේ තනි තනිව තරග වදින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිස ඒ රටවල කණ්ඩායම්වලට නොවන බව ද කමිටුව පැවසුවා.

මධ්‍යස්ථ කොඩිය යටතේ රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් සමාරම්භක උළෙලට සහභාගි විය හැකිද යන්න පිළිබඳව ජගත් ඔලිම්පික් කමිටුව තවමත් ප්‍රකාශ කර නැහැ. මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන් මේ මස අග පැවැත්වෙන ඔවුන්ගේ ඊළඟ සැසිවාරයේදී තීරණයකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් යන්න වරම් !සමාරම්භක උත්සවයට රුසියානු හා බෙලරුසියානු පැරාලිම්පික් මලල ක්‍රීඩකයන් සහභාගි නොවන බව ප්‍රකාශ කළා

 

අගෝස්තු 28 වැනිදා පැවැත්වෙන තමන්ගේ සමාරම්භක උත්සවයට රුසියානු හා බෙලරුසියානු පැරාලිම්පික් මලල ක්‍රීඩකයන් සහභාගි නොවන බව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව මේ මස මුලදී ප්‍රකාශ කළා.

“පැරාලිම්පික් කමිටුවේ ඒ තීරණය ඉතාමත් යුක්ති සහගත එකක් බවයි මට හිතෙන්නේ. දැන් ඉතිරිව තිබෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඔවුන්ගේ තීරණය ගැනීමයි” හඩල්ගෝ ‘රොයිටර්’ පුවත් සේවයට පැවසුවේ තමා කිසිම කෙනෙකුට බලපෑමක් නොකරන බව ද අවධාරණය කරමින්.

“මම ප්‍රකාශ කරන්නේ පැරිසියේ නගරාධිපති ලෙස මගේ මතය යි” ඇය කියා සිටියා.

 

සෑම රුසියානු ක්‍රීඩක මධ්‍යස්ථ කොඩියකම ලේ පැල්ලම් තියෙනවා - යුක්රේනය

ඊශ්‍රායල් මලල ක්‍රීඩකයන්ද මේ හා සමාන බාධකවලට මුහුණ දිය යුතුද යනුවෙන් ඇසුනු ප්‍රශ්නයට ඇය කියා සිටියේ තමාගේ මතය අනුව නම් ඔවුන්ට තහංචි පැනවීම මීට අදාළ නොවන බව යි. ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් ඉලක්ක කිරීම නතර කිරීම පිණිස සටන් විරාමයක් වෙනුවෙන් ගෙන යන සියළුම තානාපති මට්ටමේ උත්සාහයන්ට තමා සහාය දක්වන බව ද ඇය පැවසුවා. 

රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS ට අනුව, පැරිසියේ පැවැත්වෙන 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල රුසියාව විසින් වර්ජනය නොකළ යුතු බවට රුසියානු ක්‍රීඩා ඇමති Oleg Matytsin වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

 

TASS12153078“අපි අහක බැලීම හෝ අපේ දොරවල් වසා ගැනීම හෝ මෙය වර්ජනය කිරීම හෝ නොකළ යුතුයි”
“ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කරනවාද කියන එක දැන් කාගේත් මුවග තිබෙන ප්‍රශ්නයක්. මගේ ස්ථාවරය මෙයයි: “අපි අහක බැලීම හෝ අපේ දොරවල් වසා ගැනීම හෝ මෙය වර්ජනය කිරීම හෝ නොකළ යුතුයි” රුසියානු ක්‍රීඩා ඇමතිවරයා එහිදී කියා තිබෙනවා.

“අපි සංවාදයට ඉඩ තබා ගැනීමේ අවස්ථාව ආරක්ෂා කර ගනිමින් හැකි තරමක් තරග කළ යුතුයි” Matytsin පැවසුවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියාවේ සහභාගිත්වය පිළිබඳව තීරණයක් ගැනීමට හදිසියක් නැති බව සඳහන් කරමින්. 

2024 ඔලිම්පික් උළෙල සඳහා රුසියාව හා බෙලරුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය වෙනුවෙන් තිබෙන කොන්දේසි හා අපේක්ෂාවන් සම්බන්ධයෙන් කමිටුවේ ස්ථාවරය ප්‍රකාශ කිරීම පිණිස ජගත් ඔලිම්පික් කමිටුවට අවස්ථාව ලබා දිය යුතු බව ක්‍රීඩා ඇමතිවරයා කියනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුසියානු ක්‍රීඩකයන්ට ඔලිම්පික් තහනම් කිරීම පැරිස් නගරාධිපතිනියගේ කැමැත්තයි | The Leader