The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවයට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට වරම් නැහැ

T

The Leader Desk

March 21, 2024 • 10:40 AM

පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවයට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට වරම් නැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොවන බව ජගත් ඔලිම්පික්
  • සෙන් නදියේ ජූලි 26 වැනිදා පැවැත්වෙන්නේ ගංගාවක් දිගේ පවත්වනු ලබන ඉතිහාසයේ ප්‍රථම ඔලිම්පික් සමාරම්භක උත්සවයක්.
  •   “සමාරම්භක උත්සවයේ ආචාර පෙළපාලියට ‘තනි මධ්‍යස්ථ ක්‍රීඩකයන්’ සහභාගි කර නොගන්නේ ඔවුන් තනිව තරග කරන ක්‍රීඩකයන් නිසා” යැයි ජගත් ඔලිම්පික් කමිටුවේ ඔලිම්ක් සහයෝගිතා හා ජාතික ඔලිම්පික් කමිටුවල මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ James Macleod ප්‍රකාශ කරනවා.
  •   මෙවර ඔලිම්පික් උළෙල සඳහා යම් කොන්දේසිවලට යටත්ව සහභාගි වන රුසියානු හා බෙලරුසියානු විදෙස් ගමන් බලපත්‍රලාභී ක්‍රීඩකයන් හඳුන්වනු ලබන්නේ ‘තනි මධ්‍යස්ථ ක්‍රීඩකයන්’ (AIN) ලෙසින්.
අකුරු ප්‍රමාණය (Font Size):

කමිටුව (IOC) ප්‍රකාශ කරනවා.

සෙන් නදියේ ජූලි 26 වැනිදා පැවැත්වෙන්නේ ගංගාවක් දිගේ පවත්වනු ලබන ඉතිහාසයේ ප්‍රථම ඔලිම්පික් සමාරම්භක උත්සවයක්.

 

“සමාරම්භක උත්සවයේ ආචාර පෙළපාලියට ‘තනි මධ්‍යස්ථ ක්‍රීඩකයන්’ සහභාගි කර නොගන්නේ ඔවුන් තනිව තරග කරන ක්‍රීඩකයන් නිසා” යැයි ජගත් ඔලිම්පික් කමිටුවේ ඔලිම්ක් සහයෝගිතා හා ජාතික ඔලිම්පික් කමිටුවල මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ James Macleod ප්‍රකාශ කරනවා.

 

JamesMacLeod2023creditIOCJames Macleod


“මෙය 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී එකල යුගෝස්ලාවියාවේ ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ නිදහස් ඔලිම්පික් තරගකරුවන් සඳහා වූ ක්‍රමවේදය ම යි.”

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන් පැරිස් ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයට සහභාගි කර ගන්නේද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ඉදිරයේදී සිදු කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

000 34H847L

 

මෙවර ඔලිම්පික් උළෙල සඳහා යම් කොන්දේසිවලට යටත්ව සහභාගි වන රුසියානු හා බෙලරුසියානු විදෙස් ගමන් බලපත්‍රලාභී ක්‍රීඩකයන් හඳුන්වනු ලබන්නේ ‘තනි මධ්‍යස්ථ ක්‍රීඩකයන්’ (AIN) ලෙසින්. මේ ක්‍රීඩකයන් වෙනුවෙන් ධජයක් හා ජාතික ගීයක් ද IOC විසින් අනුමත කර තිබෙන අතර ජාතික ගීය පද රහිත යි.

 

AIN

මේ ක්‍රීඩකයන් විසින් දිනා ගන්නා පදක්කම් ජාතික ඔලිම්පික් කමිටුවක පදක්කම් සටහනේ ප්‍රදර්ශනය කෙරෙන්නේ නැහැ. AIN ක්‍රීඩකයෙක් පදක්කමක් දිනුවොත් AIN ධජයක් ලෙල දෙනු ඇති අතර පදක්කම් පිරිනැමීමේ අවස්ථාවේදී AIN ජාතික ගීය වාදනය කිරීමටයි තීරණය වී තිබෙන්නේ.

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට මේ වසරේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග වැදීමට සුදුසුකම් ලැබෙනු ඇත්තේ තනි මධ්‍යස්ථ ක්‍රීඩකයන් වශයෙන් පමණක් බවට ජගත් ඔලිම්පික් කමිටුව පසුගිය දෙසැම්බරයේදී නිවේදනය කළේ යුක්රේනයේ පැවැත්වෙන යුද්ධය මධ්‍යයේ.

 

russian ukraine war 042122 26

මෙසේ තරග කිරීම සඳහාත් ඔවුන් යම් කොන්දේසි සපුරාලිය යුතුයි. රුසියානු හා බෙලරුසියානු කණ්ඩායම්වලට ඔලිම්පික් උළෙලේ තරග කළ නොහැකි වන අතර යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා ක්‍රියාකාරීව සහයෝගය දක්වන ක්‍රීඩකයන්ට ද ක්‍රීඩා උළෙල තහනම්.

 


 warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවයට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට වරම් නැහැ | The Leader