The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කණිෂ්ඨ ටෙනිස් ආසියා/ඔෂනියා : ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙක් මැලේසියාවට

T

The Leader Desk

March 22, 2024 • 11:54 AM

ලෝක කණිෂ්ඨ ටෙනිස් ආසියා/ඔෂනියා : ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙක් මැලේසියාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැලේසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන ලෝක කණිෂ්ඨ ටෙනිස් තරගාවලියේ බාලක ආසියා/ඔෂනියා - ITF World Junior
  • අතිරේක ක්‍රීඩකයා ලෙස නෙවාන් කන්නන්ගර නම් කර තිබෙනවා.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

Tennis Competition Boys Asia/Oceania - අවසාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් සිවු දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා.

 junior tennis 1

තෙවනේසන් සුබ්‍රමනියම් මේ කණ්ඩායමේ නායකයා වන අතර සෙසු ක්‍රීඩකයන් වනුයේ රිසිත් සෝමරත්න, අෂ්ලින් ද සිල්වා හා මයූරාන් කුබ්හේරනේ. අතිරේක ක්‍රීඩකයා ලෙස නෙවාන් කන්නන්ගර නම් කර තිබෙනවා.

2023 වසරේ නොවැම්බර් 16 සිට දෙසැම්බර් 3 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේ පැවති තේරීම් තරගවලින් පසුව මේ ක්‍රීඩකයින් 2024 පෙබරවාරි 12 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේ පැවති ලෝක කණිෂ්ඨ ටෙනිස් තරගාවලියේ බාලක ආසියා/ඔෂනියා සුදුසුකම් ලබා ගැනීමට පෙර වටයේ තරග වැදීම පිණිස තෝරා ගනු ලැබුවා. 

 

junior tennis 7
මේ තරගාවලියේ අනුශූරයින් වීමෙන් පසුවයි මේ කණ්ඩායම මැලේසියාවේ පැවැත්වෙන තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලැබුවේ. 

මාර්තු 25 සිට 30 දක්වා මැලේසියාවේ කුෂිං නුවර පැවැත්වෙන තරගාවලියට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 වැනිදා දිවයිනෙන් පිටත්ව යනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...