The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කිලිඇන් බප්පේගේ ඔලිම්පික් සිහිනය සිහිනයක්ම වේවිද?

T

The Leader Desk

March 24, 2024 • 3:53 PM

කිලිඇන් බප්පේගේ ඔලිම්පික් සිහිනය සිහිනයක්ම වේවිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මව්බිමේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රීඩා කිරීමට කිලිඇන් බප්පේ (Kylian Mbappe) සිහින මැවූවද
  • 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා කිරීමට තිබෙන සිය කැමැත්ත බප්පේ ප්‍රකාශ කර ඇතත් ඒ සිහිනය හඹා යන ඔහු එක්තරා පුද්ගලයෙකුගේ තීරණය ලැබෙන තුරු බලා සිටින බව අනාවරණය කර තිබෙනවා.
  • බප්පේගේ උපන් රටේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේදී ටීඈරී ඔන්රී (Thierry Henry) පුහුණුකරු යටතේ තිබෙන ප්‍රංශ කණ්ඩායමට එක්වීමට බප්පේ ට හැකිවුවහොත් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිටින ලොකුම ක්‍රීඩා තරුව බවට ඔහු පත්වනවා.
  • ගිම්හාන සෘතුවේදී බප්පේ නිදහස් මාරුවක් යටතේ PSG අතහැර Real Madrid සමග එක්වීම නියත වශයෙන් ම සිදුවන බවක් දිස්වෙමින් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ස්පාඤ්ඤ වෘත්තීය පාපන්දු සමාජයක් වන රේඈල් මෙඩ්රිඩ් (Real Madrid) වෙත යාමෙන් එය සිහිනයක් ම වීමට ඉඩ තිබෙනවා.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා කිරීමට තිබෙන සිය කැමැත්ත බප්පේ ප්‍රකාශ කර ඇතත් ඒ සිහිනය හඹා යන ඔහු එක්තරා පුද්ගලයෙකුගේ තීරණය ලැබෙන තුරු බලා සිටින බව අනාවරණය කර තිබෙනවා.

Thierry Henry
බප්පේගේ උපන් රටේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේදී ටීඈරී ඔන්රී (Thierry Henry) පුහුණුකරු යටතේ තිබෙන ප්‍රංශ කණ්ඩායමට එක්වීමට බප්පේ ට හැකිවුවහොත් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිටින ලොකුම ක්‍රීඩා තරුව බවට ඔහු පත්වනවා.

ප්‍රංශයේ පැරස් අගනුවර තිබෙන පැරිස් සැන්-ජමෑන් - Paris Saint-Germain (PSG) -  වෘත්තීය පාපන්දු සමාජය සමග සිටි හත්වසරක කාලය තුළ බප්පේ හා එම ක්‍රීඩා සමාජය අතර තිබෙන සබඳතාව පළුදු වී තිබුන ද, රට වෙනුවෙන් තිබෙන ඔහුගේ පක්ෂපාතිත්වය බිඳකින් හෝ අඩු වී නැති අතර ඔහු මේ ග්‍රීෂ්ම සෘතුවේ ජර්මනියේ පැවැත්වෙන යුරෝපීය පාපන්දු ශූරතාවලියේදී - EURO 2024 - තම රට කීර්තිය කරා රැගෙන යාමේ අපේක්ෂාවෙන් සිටිනවා.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී පිට පිට ගෝල් ත්‍රිත්වයක් (Hat-Trick) ලබා ගෙන එම තරගාවලි ඉතිහාසයේ එදා මෙදා තුර එවන් හපන්කමක් පෑ දෙවැනි පුද්ගලයා බවට පත්ව සිටින කිලඇන් බප්පේ ප්‍රංශ පාපන්දුවේ බැබළෙන තරුව වන අතර ඔහුගේ පැමිණීම සැබැවින් ම සිදුවුවහොත් මෙවර ඔලිම්පික් පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කරන ජනප්‍රියතම කණ්ඩායම වනු ඇත්තේ ප්‍රංශය යි.

Kilyan Mbappe
එය එසේ වූවද, ඒ සඳහා ඔහුට හරස් වන ගැටළු කිහිපයක් තිබෙනවා.

“මට සැමවිටම උවමනා වුනේ ඔලිම්පික්වල ක්‍රීඩා කිරීමටයි. ඒ ආශාව වෙනස් වෙලා නැහැ” යනුවෙන් බප්පේ පවසනවා. “මම ඔලිම්පික් සෙල්ලම් කළොත් එය සිහිනයක් වේවි. නමුත් මට ඊට අවසර නොදුන්නොත් මම මට කියන විදියට ඉන්නවා.”

“මේ ගැන තීරණය තවමත් තියෙන්නේ එක පුද්ගලයෙක් අතේ. ඔවුන් මට ‘හා’ ද ‘බෑ’ ද කියා තවමත් කියලා නැහැ.”

බප්පේ මේ කියන්නේ කවුරු පිළිබඳව ද කියා පැහැදිළි නැතත්, වාර්තාවලින් ඇඟවෙන්නේ රේඈල් මෙඩ්රිඩ් පාපන්දු සමාජය ඔවුන්ගේ ප්‍රංශ ජාතික ක්‍රීඩකයන් මේ ගිම්හානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිදහස් නොකරන බව.

ගිම්හාන සෘතුවේදී බප්පේ නිදහස් මාරුවක් යටතේ PSG අතහැර Real Madrid සමග එක්වීම නියත වශයෙන් ම සිදුවන බවක් දිස්වෙමින් තිබෙනවා. ඒ නිසා, ඔහුට එම ක්‍රීඩා සමාජයෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටීමට සිදුවනවා.

eufa 2024
පැරිස් ඔලිම්පික් පාපන්දු රන් පදක්කම සඳහා වන තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අගෝස්තු 9 වැනිදා. UEFA Super Cup තරගය අගෝස්තු 14 වැනිදා පැවැත්වෙන අතර ස්පාඤ්ඤ පාපන්දු ලීග් ක්‍රමවේදයේ ඉහළම වෘත්තීය අංශය වන La Liga තරගාවලියේ පළමු සතිඅන්තය අගෝස්තු 17 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පිරිමි ඔලිම්පික් සංචිතවල ක්‍රීඩකයන් 2001 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසුව උපන් හෝ වයස අවුරුදු 23 ට අඩු විය යුතු බව නීතිවල සඳහන්ව තිබුන ද, ඊට වඩා වයසින් යුත් ක්‍රීඩකයින් තිදෙනෙකු යොදා ගැනීමට අවසර තිබෙනවා.

25 හැවිරිදි බප්පේ ලබා ගැනීමට ප්‍රංශ අවුරුදු 21න් පහළ පාපන්දු කණ්ඩායමේ කළමනාකරු ටීඈරී ඔන්රී ප්‍රාර්ථනා කළ ද, මේ දෙදෙනාගේම අපේක්ෂාවන් ඉටුවීමට තිබෙන්නේ ඉතාමත් අඩු අවස්ථාවක්.

Thierry Henry MB

මේ සම්බන්ධයෙන් හෙන්රි මෙසේ කියනවා: “ක්‍රීඩකයන් දක්ෂයන් වුනාම ඇති වන එක ගැටළුවක් තමයි මේ. විදෙස් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් විදේශීය වෘත්තීය තරගාවලියන්ට ක්‍රීඩා කරන විට ඒ ක්‍රීඩකයන්ට ඒ ඒ තරගවලට සහභාගි වන්න සිදුවෙනවා.”

“මම තවමත් බප්පේ එක්ක ඔලිම්පික් තත්ත්වය ගැන කෙළින් ම කතා කරලා නැහැ. මම ක්‍රීඩකයන්ට කතා කරමින් සිටිනවා. ඒ කරුණු මම මං ළඟම තියා ගන්නම්.”

“නමුත් කිලිඇන් දවසක රූපවාහිනියට ඇවිත් එයා අපිත් එක්ක ක්‍රීඩා කරන්න කැමතියි කියා පැවසුවා. කිලිඇන් බප්පේ තමන්ගේ කණ්ඩායමේ ඉන්නවා දකින්න අකමැති කිසිම කෙනෙක් මෙහෙ නැහැ. එහෙම හිතන එකත් පිස්සුවක්.”

“නමුත් බප්පේ තවත් දෙයක් කිවුවා. ඒ ගැන මම දන්නවා. එයා කිවුවා එයා ඔලිම්පික් ක්‍රීඩා කිරීම එයාගේ කණ්ඩායම මත රැඳී තිබෙන බව. ඔලිම්පික් ක්‍රීඩා උළෙල FIFA දින දර්ශනයේ නැති බැවින් යම් ක්‍රීඩකයෙකුව නිදහස් කරන්න බැහැ කියලා ක්‍රීඩා සමාජවලට කියන්න පුළුවනි.”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කිලිඇන් බප්පේගේ ඔලිම්පික් සිහිනය සිහිනයක්ම වේවිද? | The Leader