The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රැකගත්තත් උඩපන්දුවක් බව නොදුටු බංගලි ක්‍රීඩකයෝ

T

The Leader Desk

March 25, 2024 • 5:31 AM

රැකගත්තත් උඩපන්දුවක් බව නොදුටු බංගලි ක්‍රීඩකයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශතකය රැස්කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා දවාගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
  • එම අවස්ථාවේදී ඔහු ස්ටම්ප් කිරීමක් හරහා ධනංජය දවාගැනීමට උත්සාහ කරන අතර දාස් එම අවධානයෙන් සිටීම හේතුවෙන් ඔහු රැකගත්තේ උඩපන්දුවක් බවට නොදැන සිටින්නට ඇති බවට සිතිය හැකිය.
  • ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලුත් කරමින් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (24) හැකියාව ලැබුණි.
  • තරගයේ තෙවැනි දිනය ආරම්භ කරනවිට සිය දෙවැනි ඉනිම ක්‍රිඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 119කි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි දැක්වෙන්නේ ලකුණු 94ක් රැස්කරගෙන සිටියදී ධනංජය ද සිල්වාගේ අත් ආවරණයේ වැදී ආරක්ෂිතව කඩුලු රකින ක්‍රීඩකයා විසින් රැකගත් ද එය උඩපන්දුවක් බව නොදැන කිසිදු ඉල්ලීමක් නොකර සිටීමය.

එම අවස්ථාවේදී ඔහු ස්ටම්ප් කිරීමක් හරහා ධනංජය දවාගැනීමට උත්සාහ කරන අතර දාස් එම අවධානයෙන් සිටීම හේතුවෙන් ඔහු රැකගත්තේ උඩපන්දුවක් බවට නොදැන සිටින්නට ඇති බවට සිතිය හැකිය.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.



ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලුත් කරමින් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (24) හැකියාව ලැබුණි.

ඒ තරගයේ තුන්වන දිනය වූ ඊයේ දිනයේ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතක දෙකත් සමගය.

තරගයේ තෙවැනි දිනය ආරම්භ කරනවිට සිය දෙවැනි ඉනිම ක්‍රිඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 119කි.

පෙරේදා (23) සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු ලකුණු 4කට දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් නායක ධනංජය ද සිල්වා සමඟ එක්ව 7වැනි කඩුල්ලට ලකුණු 173ක සාර්ථක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත්විය.

එහිදී නායක ධනංජය ද සිල්වා සිය ටෙස්ට් දිවියේ 12වැනි ශතකය වාර්ථා කරමින් ලකුණු 108ක් ලබා ගත්තේය.

ඔහු වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ 6වැනි පිතිකරුවා ලෙසටය.

එලෙස ශ්‍රී ලංකා පිතිකරුවෙකු ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කළේ වසර 10කට පසුව වීමත් විශේෂත්වයකි.

එමෙන්ම එවැනි දස්කමක් පෑ පළමු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා වන්නේද ධනංජය ද සිල්වාය.

තමා නැවතත් ටෙස්ට් කණ්ඩායමට කැඳවීමට උපරිම සාධාරණය ඉටුකළ කමිඳු මෙන්ඩිස්ද සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කරමින් ලකුණු 164ක් රැස් කිරීමට සමත් විය.

අඩුම ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ශතක දෙකක් රැස්කළ ශ්‍රී ලාංකික පිතිකරුවා මෙන්ම අංක 7 හෝ ඊට පහළ ස්ථානයක ක්‍රීඩා කරමින් ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙසද කමිඳු මෙන්ඩිස් වාර්තා අතරට එක්විය.

එමෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් එකම ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු අවස්ථාව වන්නේද මෙයයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 418ක් ලබා ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමිනි.

එම ඉලක්කය හඹායන බංග්ලාදේශ කණ්ඩායම තුන්වැනි දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබාගෙන අසීරු තත්ත්වයක පසුවෙයි.

 



(adaderana.lk)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රැකගත්තත් උඩපන්දුවක් බව නොදුටු බංගලි ක්‍රීඩකයෝ | The Leader